World cricket info

World cricket info Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from World cricket info, Cricket Ground, Badulla.

දසුන් ශානක IPL තරගාවලියට ; ගිවිසුම්ගත වූ වටිනාකම මෙන්නශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකට මෙවර ඉන්දීය ප්...
04/04/2023

දසුන් ශානක IPL තරගාවලියට ; ගිවිසුම්ගත වූ වටිනාකම මෙන්න

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

තරගාවලියේ සංවිධායකයින් අද (4) නිවේදනය කළේ ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි.

එම කණ්ඩායම නියෝජනය කළ කේන් විලියම්සන් පළමු තරගයේ දී ම ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහුට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වුණා.

විලියම්සන් වෙනුවටයි දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආදේශ කර ඇත්තේ.

නිමා වූ ඉන්දීය සංචාරයේ දී 20යි 20 තරග තුනකදී දසුන් ශානක ලකුණු 124 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, 187 ක ප්‍රහාරාත්මක වේගයක් හා ඉනිමක සාමාන්‍ය 62 ක් ලෙස සටහන් කර ගනිමින්.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි දසුන් ශානක ගුජරාට් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ. මෙය දසුන් ක්‍රීඩා කරන මංගල අයි.පී.එල් තරගාවලියයි.

මේ වන විට ක්‍රියාත්මක නවසීලන්ත තරග සංචාරය අප්‍රේල් 8 වැනිදා අවසන් වීමෙන් පසුව ඔහු අයි.පී.එල් තරගාවලියට එක් වනු ඇති.

ඔහුට අමතරව භානුක රාජපක්ෂ, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරනවා.
-world criket info

හෙට ශ්‍රි ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන T20 තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික...
04/04/2023

හෙට ශ්‍රි ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන T20 තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න වෙනුවට ලහිරු කුමාර හෝ කසුන් රාජිත ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග සදහන් කරයි.

හෙට තරගය ජයගතහොත් ශ්‍රී ලංකා පිලට වසර 10කට පසු නවසීලන්තයට එරෙහිව T20 තරගාවලි ජයක් වාර්තා කිරීමට හැකිවනු ඇති.

-World cricket info

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when World cricket info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to World cricket info:

Share

Category