𝐋𝐈𝐅𝐄 𝐅𝐈𝐓𝐍𝐄𝐒𝐒 𝐆𝐘𝐌 𝐁𝐀𝐃𝐃𝐄𝐆𝐀𝐌𝐀

𝐋𝐈𝐅𝐄 𝐅𝐈𝐓𝐍𝐄𝐒𝐒 𝐆𝐘𝐌 𝐁𝐀𝐃𝐃𝐄𝐆𝐀𝐌𝐀 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐋𝐈𝐅𝐄 𝐅𝐈𝐓𝐍𝐄𝐒𝐒 𝐆𝐘𝐌 𝐁𝐀𝐃𝐃𝐄𝐆𝐀𝐌𝐀, Baddegama North.

2026 වූ අලුත් අවුරුද්ද ඔබට, පවුලේ සැමට බත බුලතින් සරුවෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නිරෝගී සම්පත් වැඩි වන අසිරිමත් ...
15/04/2026

2026 වූ අලුත් අවුරුද්ද ඔබට, පවුලේ සැමට බත බුලතින් සරුවෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නිරෝගී සම්පත් වැඩි වන අසිරිමත් සුභම සුභ නව වසරක් වේවා..!!!

ඔයත් Gym එකේදී CALVES Muscles  Training කරන කෙනෙක්ද?ඔබ දන්නවද? ඔබගේ පාදවල පේශී—විශේෂයෙන් calf muscles—රුධිර සංසරණයට අතිශ...
02/03/2026

ඔයත් Gym එකේදී CALVES Muscles Training කරන කෙනෙක්ද?

ඔබ දන්නවද? ඔබගේ පාදවල පේශී—විශේෂයෙන් calf muscles—රුධිර සංසරණයට අතිශයින්ම වැදගත් භූමිකාවක් ඉටු කරනවා කියල. 💪

කකුලෙ පේශී ශක්තිමත් වෙලා හොඳින් ක්‍රියා කරනකොට, ඒවා “second heart” එකක් වගේ වැඩ කරමින් පහළ කොටසෙන් රුධිරය නැවත හෘදයට ගෙනයනව.

👉 ඒකෙන්,
පාද වල ඉදිමීම (swelling) අඩු වෙනවා

රුධිරය එක තැන රැඳී සිටීම වැළැක්වෙනවා

හෘද සෞඛ්‍යය සහ සමස්ත ශරීර
ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වෙනවා

ඒ නිසා leg day skip කරන්නත් එපා!
Calf Muscle Training කරන්න අමතක කරන්නත් එපා🙏

ශක්තිමත් calves = හොඳ circulation = හොඳ performance. 🔥

🇱🇰 ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට බහුලව හෘද රෝග හැදෙන්නේ ඇයි?බොහෝ දෙනා හිතන්නේ මේක කොලොස්ටරෝල්  නිසා ඇතිවෙන (cholesterol probl...
24/02/2026

🇱🇰 ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට බහුලව හෘද රෝග හැදෙන්නේ ඇයි?

බොහෝ දෙනා හිතන්නේ මේක කොලොස්ටරෝල් නිසා ඇතිවෙන (cholesterol problem ) ප්‍රශ්නයක් කියලා.

❌ ඒත් ඒක විතරක්ම නෙවෙයි ගැටලුව,
අපේ lifestyle එක තමයි ගොඩක් දුරට බලපාන්නේ

👉 සුදු බත් & සීනි වැඩිව කෑම
👉 බඩේ මේදය
👉 exercise නැති ජීවිත
👉 BP, diabetes control නොකර ඉන්න එක
👉 නැවත නැවත උණු කරපු තෙල් භාවිතා කිරීම.

මේවා ටික එකට එකතු වෙලා රුධිර නාල ඇතුළේ lining එකට damage කරනවා.
(ටික්ක සංකීරණය කතාවක්)
ඒකට පස්සේ තමයි Heart attack එන්නේ.

⚠️ ඒක නිසා තේරුම් ගන්න හෘද රෝග එක දවසක හදිසියේ හැදෙන එකක් නෙවෙයි නෙවෙයි.
ඒක අවුරුදු ගණන් ගොඩනැගෙන metabolic problem එකක්.

💡හරි විදිය්ට:

✔️ සීනි අඩු කරාම
✔️ BP / blood sugar control කරාම
✔️ Regular exercise කරාම
✔️ Smoking නතර කරාම
රුධිර නාල recover වෙන්න පුළුවන්.

ගොඩක් අය මැරෙන්නේ අසනීපයෙන් නෙවෙයි… ❗ නොදැනුවත්කම නිසා.

දැනගන්න,
වෙනස් වෙන්න.
හදවත ❤️ බේරගන්න.

🔥 Gym එකේ හැම exercise එකම උපරිම බර දාලා train කරන කෙනෙක්ද?එහෙනම් මේක ඔයාට 👇Failure කියන්නේ tool එකක් — rule එකක් නෙවෙයි...
23/02/2026

🔥 Gym එකේ හැම exercise එකම උපරිම බර දාලා train කරන කෙනෙක්ද?

එහෙනම් මේක ඔයාට 👇

Failure කියන්නේ tool එකක් — rule එකක් නෙවෙයි.
Muscle gain focus කරලා train කරනවා නම්
හමුවෙන හැම set එකම failure ගියොත්…
❌ Recovery slow වෙනවා
❌ Performance drop වෙනවා
❌ Weekly volume අඩු වෙනවා
Muscle build වෙන්නේ gym එකේ නෙවෙයි —
Recovery එකේදී 💯
✔️ Smart volume
✔️ Progressive overload
✔️ Controlled intensity (RIR method)
මේ තුන combine කරලා train කරන එක
long-term growth එකට හොඳම strategy එක 🔥
❓ඔයා කොහොමද train කරන්නේ?
▫️ හැම set එකම failure?
▫️ නැත්නම් 1–2 RIR control කරනවද?

Strong body එකක් හදන්න GYM එකක් ඕනෙ නෑ…Strong mind එකක් තිබ්බනම් ඇති.HOME WORKOUT – NO EQUIPMENT 🔥🏠Real results හොයනවාද?...
22/02/2026

Strong body එකක් හදන්න GYM එකක් ඕනෙ නෑ…
Strong mind එකක් තිබ්බනම් ඇති.

HOME WORKOUT – NO EQUIPMENT 🔥🏠

Real results හොයනවාද?
එහෙනම් තවත් “perfect gym time” එකක් එනකම් බලා ඉන්න එපා.

ඔබ ඉන්න තැනම…
ඔබට තියෙන වෙලාවෙන්ම…
අදම start කරන්න. 💪

මේ 6-step circuit එක
⏱️ විනාඩි 20ට අඩුවෙන්
🔥 මස්පේශි කණ්ඩායම් සියල්ලම hit කරනවා
🚫 Equipment නැහැ
💸 Fees නැහැ
🚗 Commute නැහැ

Just effort. Just discipline. Just progress.

Strong body එකක් හදන්න gym එකක් ඕනෙ නෑ…
Strong mind එකක් පටන් ගත්තම හරි.
🔥💪

පෝන් එකට ඇඩික් උන අපේ එවුන්ට🙏මසල් එක හැදෙන්නේ ජිම් එකේදි විතරක් නෙවෙයි.ඒක හැදෙන්නේ Rest එකේදි! 😴💪Gym එකේදි අපි muscle එක...
20/02/2026

පෝන් එකට ඇඩික් උන අපේ එවුන්ට🙏

මසල් එක හැදෙන්නේ ජිම් එකේදි විතරක් නෙවෙයි.
ඒක හැදෙන්නේ Rest එකේදි! 😴💪

Gym එකේදි අපි muscle එකට stress දානවා.
හැබැයි rebuild වෙලා ලොකු වෙන්නේ
රෑට හොඳට නිදාගත්තමයි(ඒක ටිකක් ලොකු කතාවක්).
රෑ 12–1 වෙනකම්
ෆෝන් එක ඔබ ඔබේ scroll කර කර
නිදි මරන්න එපා 📵❌

ඒ වෙලාවේ social media එක grow වෙයි…
හැබැයි ඔයාගේ muscle එක නෙවෙයි!

Scroll එක නවත්තලා,
Sleep එක prioritize කරලා,
Gains එක maximize කරගන්න. 🔥
— Coach Malik 💯💪

කොලස්ට්රෝල්, ෆැටි ලීවර්, ශුගර් – Exercise එකෙන් ඇත්තටම වෙනස් කරන්න පුළුවන් ද? වගකීමෙන් කියනව පුලුවන් ඒක වෙන්නේ මෙන්න මේ ...
18/02/2026

කොලස්ට්රෝල්, ෆැටි ලීවර්, ශුගර් – Exercise එකෙන් ඇත්තටම වෙනස් කරන්න පුළුවන් ද? වගකීමෙන් කියනව පුලුවන්
ඒක වෙන්නේ මෙන්න මේ විදියට

🔬 1️⃣ Cholesterol එක අඩු වෙන්නේ කොහොමද?

Cholesterol කියන්නේ blood එකේ තියෙන lipid (fat) particles.
ඒවා අතර:
LDL – “bad cholesterol”
HDL – “good cholesterol”
Triglycerides
🏋️ Exercise කරාම වෙන්නේ:
✅ 1. Muscle cells වැඩි energy ඉල්ලනවා
Exercise කරනකොට muscle cells ATP හදන්න fat & glucose use කරනවා.
ඒකට:
Blood එකේ triglycerides breakdown වෙනවා
LDL particle clearance වැඩි වෙනවා
✅ 2. Lipoprotein Lipase enzyme activate වෙනවා
Exercise → මේ enzyme activity වැඩි වෙනවා
ඒක triglycerides breakdown කරලා fat energy වලට convert කරනවා
✅ 3. HDL (Good cholesterol) වැඩි වෙනවා
Regular aerobic + resistance training → HDL level එක වැඩි වෙනවා
HDL liver එකට excess cholesterol ආපහු ගෙන යනවා (reverse cholesterol transport)
👉 Result:
LDL අඩු වෙනවා
Triglycerides අඩු වෙනවා
HDL වැඩි වෙනවා

🫀 2️⃣ Fatty Liver අඩු වෙන්නේ කොහොමද?
Fatty Liver කියන්නේ liver cells ඇතුළේ excess fat build up වෙන එක.
මේක ප්‍රධාන හේතුව:
Insulin resistance
Excess calories
Sedentary lifestyle
🏃 Exercise කරනකොට:
✅ 1. Liver fat oxidation වැඩි වෙනවා
Exercise → sympathetic nervous system activate වෙනවා
→ Fat breakdown (lipolysis) වැඩි වෙනවා
→ Liver fat storage අඩු වෙනවා
✅ 2. Insulin sensitivity වැඩි වෙනවා
Muscle tissue insulin sensitive වෙනකොට:
Blood sugar muscle වලට ගන්නවා
Liver එකට glucose dump වෙන එක අඩු වෙනවා
✅ 3. De novo lipogenesis අඩු වෙනවා
Exercise → AMPK enzyme activate වෙනවා
AMPK කියන්නේ metabolic “switch” එකක්
ඒක fat storage pathways off කරලා fat burning pathways on කරනවා
👉 Result: Liver fat gradually අඩු වෙනවා
Ultrasound report එකේ improvement එනවා

🩸 3️⃣ Sugar (Type 2 Diabetes / Pre-diabetes) control වෙන්නේ කොහොමද?
මේක තමයි strongest effect එක තියෙන්නේ.
🧠 Key Concept – GLUT4
Exercise කරනකොට:
Muscle contraction → GLUT4 transporters cell surface එකට එනවා
Insulin නැතිවම glucose muscle එකට ඇතුල් වෙනවා
👉 මේක insulin-independent glucose uptake කියලා කියනවා.
ඒ කියන්නේ: “Exercise එකම insulin වගේ වැඩ කරනවා.”
🏋️ Resistance Training වල විශේෂ ප්‍රයෝජන
Muscle mass වැඩි වෙනකොට:
Glucose storage capacity වැඩි වෙනවා
Basal metabolic rate වැඩි වෙනවා
Insulin sensitivity වැඩි වෙනවා
👉 වැඩි muscle = වැඩි glucose sponge
🧬 Science Summary (Simple)
Exercise කරද්දි:
Muscle energy demand ↑
Fat breakdown ↑
Glucose uptake ↑
Insulin sensitivity ↑
Inflammation ↓
Liver fat ↓
මේක metabolic reset එකක් වගේ.

⚠️ හැබැයි වැදගත් දෙයක්
Gym ගිහින් exercise කරලා:
Junk food කෑම
Excess calories
Alcohol
නවත්තන්නේ නැත්තම් full benefit එක ලැබෙන්නේ නෑ.
Exercise + Diet + Sleep එකම system එකක්.
🔥 Real World Example
Week එකට:
3–4 days resistance training
2–3 days moderate cardio (30–45 mins)
3–4 months තුළ:
Triglycerides drop
HDL increase
HbA1c improve
Fatty liver grade reduce වෙන්න පුළුවන්
Clinical studies වලින් confirm වෙලා තියෙන දෙයක්.

🧠 Final Takeaway
Cholesterol, Fatty liver, Sugar
මේවට medicine එකක් වගේම powerful එකක් තමයි:
🏋️‍♂️ Structured exercise program එක
Body එක හරි විදිහට use කරාම
body එක repair වෙන්න පටන් ගන්නවා.

💪coach Malik
life fitness gym baddegama

🧠⚡ Squat එකේ ඇත්තම ටෙක්නික් එකStrength training කරනකොට මොළය මස්පේශි activate කරන්නේ විද්‍යුත් ආවේග හරහා.බර වැඩි වෙන්න වෙ...
30/01/2026

🧠⚡ Squat එකේ ඇත්තම ටෙක්නික් එක

Strength training කරනකොට මොළය මස්පේශි activate කරන්නේ විද්‍යුත් ආවේග හරහා.
බර වැඩි වෙන්න වෙන්න ඒ ආවේග ඉක්මන් වෙනවා, ඒත් සමඟ Fast Twitch (FT IIa) fibers recruit වෙනවා.

👉 ඒ fibers වැඩට ගන්න නම් movement speed එක අත්‍යවශ්‍යයි.

🏋️ Squat කරනකොට මතක තියාගන්න එක cue එක
🔻 පහළට යද්දී – control කරගෙන
🔺 උඩට එද්දී – හැකි ඉක්මනින් explode වෙලා
Slow squat up = FT fibers lose
Fast squat up = power gain 🔥

⏱️ Heavy squat වල common mistake එක
90% RM load එකෙන් reps 4ක් කරන්න පුළුවන්.
නමුත් speed maintain වෙන්නේ reps 1–2 තුළ විතරයි.

අවසාන reps වල speed drop වෙනකොට training effect එකත් drop වෙනවා.
👉 ඒ නිසා

❌ heavy load + long sets

✅ heavy load + short explosive sets (1–2 reps)

💡 Bottom line
Squat එක weight lift එකක් නෙමෙයි.
Squat එක speed + control + nervous system training එකක්.

🧬ඔයාලට හිතෙනවද වයසට යාම කාලයත් එක්කම වෙන දෙයක් කියල?   හැබැයිඇත්ත ඒක නෙවෙයිඅපි වයසට යනකොට ශරීරය නිපදවන මේ දේවල් 3 ම 👇• G...
26/01/2026

🧬ඔයාලට හිතෙනවද වයසට යාම කාලයත් එක්කම වෙන දෙයක් කියල? හැබැයි
ඇත්ත ඒක නෙවෙයි

අපි වයසට යනකොට ශරීරය නිපදවන මේ දේවල් 3 ම 👇

• Glutathione අඩුවෙයි (body antioxidant)

• Energy නිපදවීම වැටෙයි (mitochondria slow)

• Inflammation වැඩි වෙයි (දාහය)

🔬 Controlled study එකක් කරලා බලලා තියෙනවා👇

👉 Glycine + NAC දුන්නාම
🟢 Result?

• Glutathione ↑ (young level ට ආසන්න)
• Energy ↑
• Inflammation ↓
• Insulin resistance ↓
• 💪 Muscle strength ↑

⚠️ මේක supplement magic එකක් නෙවෙයි.
👉 Body එකට raw materials දීම.
🧠 Lesson එක simple:
Anti-aging hacks නෙවෙයි — inputs fix කරාම biology respond වෙනවා.

🔥 Super-short hook (first 2 lines)
“වයස කියන්නේ disease එකක් නෙවෙයි.
Deficiency එකක්.”

ඔයාලා හිතන්නේ කොහොම කරොත් හොදයි කියලද ?A: 🕒 පැය ගණන් එක දිගට ඇවිදින්නද?B: 🏋️‍♀️ නැත්නම් ජිම් එකට ගිහින් cardio කරන ගමන් ...
24/01/2026

ඔයාලා හිතන්නේ කොහොම කරොත් හොදයි කියලද ?

A: 🕒 පැය ගණන් එක දිගට ඇවිදින්නද?

B: 🏋️‍♀️ නැත්නම් ජිම් එකට ගිහින් cardio කරන ගමන් strength training කරනවද?

බොහෝ කාන්තාවන් අදත් හිතන දේවල් 👇

❌ මේදය අඩු කරන්න නම් cardio විතරයි
❌ Weights ඉස්සුවොත් bulky වෙයි

ඇත්ත මෙන්න.

🔹 Cardio
✔ Calories ඉක්මනින් දහනය කරයි
✔ හදවතට හොඳයි
✖ එකක් විතරක් කරගෙන ගියාම body shape එක දිගුකාලීනව තියාගන්න අමාරුයි

🔹 Weight Training (Strong Training)
✔ ශරීරය ශක්තිමත් කරයි
✔ මේදය අඩු වීමට දිගුකාලීනව උදව් කරයි
✔ සන්ධි, අස්ථි ආරක්ෂා කරයි
✔ Body එක firm වෙයි — bulky වෙන්නේ නෑ

30–45 අතර වයසෙදි
exercise කරනව නම් ඔබට👇
👉 ශක්තිමත් වෙන්න,වගේම
ශරීරයට හානි නොවෙන්න,
දිගටම කරගෙන යා හැකි training ප්ලැන් එකක් හදාගන්න.

“මොකක්ද හොඳ?”
👉 ඔබට දිගුකාලීනව කරගෙන යා හැකි දේ මොකක්ද කියන එකයි වැදගත්.
ඔබගේ තේරීම මොකක්ද?

A️⃣ පැය ගණන් cardio / ඇවිදින්න

B️⃣ Cardio + Strong (Weight) Training
👇 Comment කරන්න A හෝ B
වැරදි–හරි නෑ —

ඔබ දිගටම කරගෙන යා හැකි මාර්ගය තමයි හරි. 💪🔥

Address

Baddegama North

Telephone

+94773404742

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐋𝐈𝐅𝐄 𝐅𝐈𝐓𝐍𝐄𝐒𝐒 𝐆𝐘𝐌 𝐁𝐀𝐃𝐃𝐄𝐆𝐀𝐌𝐀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share