21/02/2024
තහනම් වචනය හැ_නිබල්😒
පළමු තරඟ දෙක ජයග්‍රහනයකින් අවසන් කල බව ඇත්ත.
අද තරඟය පරාජය කළ බවත් ඇත්ත.
නමුත්, වැඩ පාඩු කරගෙන,හැමෝම අතෑරල දාපු ක්‍රිකට් ආපහු නැගිටිනකම් බලන් ඉන්න, ගොඩක් ක්‍රිකට් පිස්සොන්ට අද දවස හරිම සතුටු දවසක් බවට පත් වෙලා ඇති නිසකයෙන්ම.
ඒ අපේ කොල්ලොන්ගෙ performance නිසා.
හැබැයි තහනම් වචනය නිසා අපි සියල්ල කෝපයෙන් සහ දුකෙන්.
පෙරදීනම් 210ක ඉලක්කයක් හබා යනවනම් අපි 150ට විතර all out වෙන්න තියන සම්බාවිතාව ඉතා ඉහලයි.
ඒත් අද. ඒක වෙනස්ම එකක්. ඒකතමා quality එක.
පැතුම්ට සමහරවිට අද මග හරුනේ ඔහුගේ ප්‍රතම t20i ton එක වෙන්නත් පුලුවන්.
කමිදු අද සෙල්ලම් කරපු ඉනිම නිකන්ම ඉනිමක් නෙමේ.
ඒක අනික් ක්‍රීඩකයොන්ට සහ තේරිම් කමිටුවට ඇන්න ටොක්කක්.
"මාත් ඉන්නව, මටත් පුලුවන්" කියන එක තමා ඒ ළකුනු අතරෙ සැඟවී තිබ්බේ.
Player කෙනෙක් උනාම consistensy කියන එක තියෙන්නත් ඕන. ඒනිසා ඒක ඉක්මනටම අපේ කොල්ලො ඔක්කොම තේරුම් ගනී.
කලින් සටහනක දැක්වූ ලෙසම මේක අලුත් ආරම්බයක්.
ඉතින් ඒ අලුත් ආරම්බය දිගටම රැගෙන යාම ඔවුන්ගේ වගකීමක්.
ඉතින් මිලියන 22ක් අපි බලන් ඉන්නෙ බංගලින්ට ගහනකම්.
ඒ වාඩුවත් ගමු.
උන්ගෙ රටේදිම උන්ට ගහමු රිදෙන්නම.💪
World cup එකට ගැම්මෙන් යමු.
මාර්තු 4 එහෙනම් ආපහු සෙට් වෙමු බංගලි එක්ක🔥
©️Sahan Weerasinghe 💎