02/05/2026
"පන්දු යවන්නන්ට තියෙන ලොකුම ගැටලුව තමා කොහොමද පැතුම් නිස්සංකව ඉස්සරහ කකුලෙ ක්‍රීඩා කරන්න ගේන්නෙ කියන එක.මොකද එයා හැමවෙලාවෙම ටිකක් පිටුපසට වෙන්න ක්‍රීඩාකරන්නෙ.සාමාන්‍යයෙන් Top Of Off Stump පෙදෙසට පන්දුව යොමු කරාම ගොඩක් ක්‍රීඩකයින් කරන්නෙ ඉස්සරහ කකුලට ඇවිත් පිත්තේ මැද වද්දගන්න එක.නමුත් පැතුම් ඒ පන්දුව තර්ඩ් මෑන් ක්‍රීඩකයා හරහා හතරේ පහර ලබාගන්නවා. නැතිනම් ලෙග් සයිඩ් එකට එම පන්දුව යොමු කරනවා.එයා මේ විදියට ක්‍රීඩා කරද්දි විශේෂයෙන්ම පැතුම් පිත්ත පාලනය කරන විදිහ නිසා එයාව දවාගන්න ඉතාම අසීරුයි..,
අපි දැක්කා එයා ලෝක කුසලානෙදි ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත්ත ඉනිම.ඒ ඉනිම අති විශිෂ්ඨ ඉනිමක්.එයා ඉතාමත්ම හොඳට පිත්ත පාලනය කරනවා.වැරදි දිශාවෙන් පන්දුව එන සෑම මොහොතකම එයා ලෙග් සයිඩ් එක හරහා ඉතා හොඳින් ලකුණු ලබාගන්නවා.පැතුම් ඉතා හොඳ පාලනයක් ඇතුව ක්‍රීඩා කරද්දි නිරායාසයෙන්ම ඔය දේවල් සිදුවෙනවා.ඒ වගේ විශේෂත්වයක් තියෙන නිසයි දිල්හි කණ්ඩායමේ එළියෙ සිටින අනෙක් ආරම්භක පිතිකරුවන්ට බැරි ඔහුට අභියෝගයක් හරි එල්ල කිරීමට.දිල්හි කණ්ඩායමට පිතිකරණයේදිත් විදෙස් ක්‍රීඩකයෙක් අවශ්‍යයි.පන්දු යැවීමටත් විදෙස් ක්‍රීඩකයින් අවශ්‍යයි.ස්ටබ්ස් තමයි ඔවුන්ගෙ මැදපෙල පාලනය කරන්නෙ.ඉතින් අවාසනාවන්ත ලෙස පැතුම් කණ්ඩායමට ඒමත් සමඟ ඩේවිඩ් මිලර්ට දැන් එළියෙන් සිටීමට සිදුවෙනවා...❤️"
🗣️ ශෝන් පොලොක්