10/10/2025
අයියෝ මේ මොකක්ද මේ වුනේ?! 🤯
කාටවත් හිතාගන්න බැරි වෙන්න ඉන්දියාවට ලේසියෙන් දිනන්න තිබ්බ මැච් එක සවුත් ඇෆ්රිකාව උදුරගත්තා! 😱
ක්‍රිකට් කියන්නේ ආගමක් වගේ අදහන ඉන්දියාවේ දහස් ගාණක් ඉන්න ක්‍රවුඩ් එකක් ඉස්සරහ, ලෝක කුසලානයකදී ලකුණු 252ක් චේස් කරලා දිනනවා කියන්නේ... ඒක ලේසි වැඩක් නෙවෙයි! 🙅♀️
එකපිට එකා දැවී යද්දීත්, කැප්ටන් Wolvaardt පන්දු 111කින් ලකුණු 70ක් ගහලා මැච් එකේ හුස්ම තියාගත්තා. 🏏 ඒත් එයා අවුට් වුනාම හිතුවේ ඉවරයි කියලා! 💔
හැබැයි ඊට පස්සේ ආපු Nadine de Klerk කියන තරුණිය කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. 🦸♀️ එයා පන්දු 54කදී නොදැවී සුපිරිම ලකුණු 84ක් ගහලා, කඩුලු රකින ඉන්දියන් කෙල්ල දාපු ඇක්ටින් ඔක්කොම අයින් කරලා, ටික වෙලාවකට ඉන්දියන් ක්‍රවුඩ් එක මීයට පිම්බාක් වගේ නිශ්ශබ්ද කළා! 🤫 හතරේ 8යි, හයේ 5යි ගහපු එයාගේ ඒ ඉනිම තමයි මැච් එක කනපිට පෙරළුවේ! 💫
Chloe Tryon (පන්දු 66කදී 48ක්) Wolvaardt සහ Klerk දෙන්නටම හොඳ සපෝට් එකක් දුන්නා. 👍
අන්තිමට ලකුණු 84ක් ගැහුවා විතරක් නෙවෙයි, පන්දුවෙන් කඩුලු දෙකකුත් ගත්ත Nadine de Klerk තමයි මේ ඓතිහාසික ජයග්‍රහණයේ වීරවරිය! 😍👏
මෙවර කාන්තා ලෝක කුසලානයේ තවත් සුපිරිම, අනපේක්ෂිතම මැච් එකක් එලෙස අවසන් වුනා. මේක තමයි ක්‍රිකට්! 🔥
ඔයාලා හිතුවද සවුත් ඇෆ්රිකාව දිනයි කියලා? කමෙන්ට් කරන්න! 👇