බර අඩු කරමු, සතුටින් සිටිමු. Lose Weight, Feel Great

  • Home
  • Australia
  • Woree, QLD
  • බර අඩු කරමු, සතුටින් සිටිමු. Lose Weight, Feel Great

බර අඩු කරමු, සතුටින් සිටිමු.  Lose Weight, Feel Great තරබාරුකම සාර්ථකව අඩුකරගන්න, හැමදේම සරලව දැනගන්න වගේම ඔබගේ වටිනා අත්දැකීම් බෙදා ගන්නත් එකතුවන්න
(1)

18/07/2026

🩷 Meet the Heroes

Tomorrow, we don't just play for points.

We play for every mother, every father, every child, every survivor and every family whose life has been touched by breast cancer.

They are the reason we wear pink.
They are the reason we stand together.
They are the heroes behind The Pink Game.

As the players take the field, our thoughts are with the real champions, those who continue to fight with courage, hope and resilience every single day.

Tomorrow, every cheer, every run and every show of support carries a message:

You are not alone.

Let's fill the SSC with pink and stand together for a cause that is bigger than cricket.

💗 One Team. One Cause. One Pink Game.

කවුරු හරි කාලයත් එක්ක කරුණු තේරුම් අරගෙන නිවැරදි දේවල් කියනවනම් ඒක අගය කරන්න ඕන.
14/06/2026

කවුරු හරි කාලයත් එක්ක කරුණු තේරුම් අරගෙන නිවැරදි දේවල් කියනවනම් ඒක අගය කරන්න ඕන.

**මසල් හැදෙන්න නම් පේශි ඉරෙන්නම ඕනද? 🤔**Gym යන ගොඩක් අය තාම හිතන්නේ...🏋️ Weight උස්සනවා➡️ පේශි තන්තු වල කුඩා ඉරි තැලීම් ...
14/06/2026

**මසල් හැදෙන්න නම් පේශි ඉරෙන්නම ඕනද? 🤔**

Gym යන ගොඩක් අය තාම හිතන්නේ...

🏋️ Weight උස්සනවා
➡️ පේශි තන්තු වල කුඩා ඉරි තැලීම් (micro tears) ඇතිවෙනවා
➡️ ඒවා repair වෙනවා
➡️ මසල් ලොකු වෙනවා

කියලා.

ඒත් අද තියෙන විද්‍යාත්මක සාක්ෂි වලින් නම් පේන්නේ මේ කතාව සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ කියලා.

ඇත්තටම මාංශ පේශී වර්ධනය සඳහා බලපාන ප්‍රධාන සාධකය **micro tears (කුඩා ඉරිතැලීම්)** නෙවෙයි.

ප්‍රධාන driver එක **mechanical tension**.

Weight එකක් උස්සනකොට පේශිය ඇතුළේ tension එකක් (ආතතියක්) ඇති වෙනවා. Body එක ඒ tension එක වර්ධනය සඳහා ලබාදෙන සංඥාවක් (growth signa) විදිහට හඳුනා ගන්නවා.

ඊට පස්සේ:

🏋️ Lift
➡️ Mechanical Tension
➡️ Mechanotransduction
➡️ Muscle Protein Synthesis (MPS) වැඩි වීම
➡️ Repeated Adaptation
➡️ Bigger Muscle 💪

# # # එතකොට Micro Tears කියන්නේ බොරුද?

නෑ.

Micro tears ඇත්තටම තියෙනවා.

Resistance training වලින්:

✔ Z-line streaming
✔ Sarcomere disruption
✔ Cytoskeletal damage
✔ Cell membrane damage

වගේ දේවල් වෙන්න පුළුවන්.

මේවා laboratory studies වලින් හොඳින්ම පෙන්නලා තියෙනවා.

නමුත් මෙතන ගොඩක් අය කරන වැරැද්ද තමයි...

❌ "ඉරිතැලීම් වෙනවා, ඒ නිසා මසල් හැදෙනවා"

කියලා හිතන එක.

ඒක evidence එකෙන් support වෙන්නේ නෑ.

# # # Chris Beardsley ඇතුළු researchersලා යෝජනා කරන model එක

👉 Damage එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි (optional).

👉 මාංශ පේශී තන්තු ආතතියට ලක්වීම අනිවාර්යයි (Tension එක mandatory).

Muscle damage අඩුවෙන් තිබුණත් growth වෙන්න පුළුවන්.

නමුත් tension නැතුව growth වෙන්නේ නෑ.

---

🔥 **Interesting Fact #1**

අලුත් ව්‍යායාමයක් කරද්දී දවස් 3-4ක් සුළු වේදනාවක් එන්න පුළුවන්.

මාස 2කට පස්සේ ඒ වේදනාව නැති වෙනවා.

ඒත් muscle growth තවමත් සිද්ධ වෙනවා.

ඉතින් වේදනාව හෝ damage තමයි මාංශ පේශී වර්ධනයට ප්‍රධාන හේතුව නම් වර්ධනය නවතින්න ඕන.

නමුත් එහෙම වෙන්නේ නෑ.

🔥 **Interesting Fact #2**

Advanced liftersලාට beginner කෙනෙකුට වගේ DOMS (Delayed Onset mescle Soreness/ පසුදින ඇතිවන සුළු වේදනාව)එන්නේ නැති තරම්.

ඒත් ඔවුන් තවමත් muscle build කරනවා.

🔥 **Interesting Fact #3**

වැඩිපුර damage හැමවෙලේම හොඳ දෙයක් නෙවෙයි.

Excessive damage නිසා:

❌ Recovery ප්‍රමාද වෙනවා
❌ Performance අඩු වෙනවා
❌ Training frequency අඩු වෙනවා

🔥 **Interesting Fact #4**

**Blood Flow Restriction (BFR) Training** කියන්නේ ඉතාම සැහැල්ලු weight (20-30% 1RM වගේ) භාවිතා කරලා කරන training method එකක්.

මේ training වලදී:

✔ Muscle damage සාමාන්‍යයෙන් අඩුයි
✔ Heavy weights අවශ්‍ය නෑ
✔ විශාල micro tears ඇතිවෙන්නෙත් නෑ

හැබැයි...

Studies ගණනාවකින් පෙන්නලා තියෙන්නේ BFR training එකෙන්ත් සැලකිය යුතු muscle growth ලබාගන්න පුළුවන් කියලා.

ඒ කියන්නේ...

👉 Muscle damage අඩුවෙන් තිබුණත් muscle growth වෙන්න පුළුවන්.

ඒ නිසා hypertrophy එකේ ප්‍රධාන driver එක damage නෙවෙයි කියන අදහසට BFR training හොඳ practical example එකක්.

සරලව කිව්වොත්...

මසල් හැදෙන්නේ:

❌ පේශි ඉරෙන නිසා නෙවෙයි

✅ පේශිය මත ඇතිවන mechanical tension එක body එක growth signal එකක් බවට පරිවර්තනය කරන නිසයි.

ඒ නිසා workout එකකින් පස්සේ අහන්න ඕන ප්‍රශ්නය:

❌ "අද පේශි ඉරුණද?"
❌ "අද DOMS එයිද?"

නෙවෙයි.

✅ "අද මම පේශියට ප්‍රමාණවත් tension එකක් දුන්නද?" කියන එකයි.

**Micro tears ඇතිවෙන්න පුළුවන්.**

**හැබැයි muscle growth එකට ඒවා අත්‍යවශ්‍ය නෑ.**

**Growth එක පටන් ගන්නේ muscle fiber එකට ලැබෙන mechanical tension එකෙන්.** 💪🔥

සුභ දවසක්.
බර අඩු කරමූ, සතුටින් සිටිමු.

06/06/2026

“මසල් හදන්න උස්සන WEIGHT එක ලොකුවට අදාල වෙන්නෙ නෑ”.
කියන මේ වීඩියෝ එක දැක්කට පස්සේ විශේෂයෙන්ම මේ ගැන ලියන්න හිතුනෙ කාරණා 2ක් නිසා.

01 මසල් හදන්න උස්සන WEIGHT (Mechanical tension/Intensity of Effort)එක තමයි ප්‍රධානම බලපාන කාරණය කියන එක පැහැදිලි කරන්න.
02. කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මෙලෝ හසරක් දන් නැතුව මේ වගේ වීඩියෝ කරන අයගෙන් ප්‍රවේසම් වෙන්න කියන්න.

මේ වීඩියෝ එකේ කියන්නෙ muscle growth එකට වැදගත් වෙන්නේ muscle contraction එක කියලා. නමුත් ඇත්තටම muscle growth එකට වැදගත් වෙන්නේ muscle contraction එකම නෙවෙයි.

වැදගත්ම දේ තමයි mechanical tension/ Intensity of Effort.

සරලව කියනවා නම් නම්, muscle growth එකට මූලිකව බලපාන්නේ ඔසවන බර සහ එම බර එසවීමට ඔබ කොතරම් ආයාසයක් දරනවාද කියන එක /failure එකට කොච්චර ලඟට ගියාද? කියන එක .(Intensity of Effort)

වීඩියෝවේ කියන විදිහට muscle growth එකට වැදගත් වෙන්නේ muscle contraction නම්,
>>>>වැඩිපුර ඇවිදින අයගේ මසල් හැදෙන්න ඕනෙ මොකද ඇවිදිද්දි හොඳට muscle contraction වෙනවා.

නමුත් අපි දන්නවා ඇවිදලා පමණක් thighs, calves, glutes ලොකුවට වර්ධනය වෙන්නේ නැ

මොකද contraction තිබුණත් growth එකට අවශ්‍ය තරම් tension එකක් නෑ./බරක් දැනෙන්නෙ නැහැ.

නමුත් ශක්ති වර්ධන ව්‍යායාම වලදී
🏋️ Weight එකක් push කරනකොට
🏋️ Pull කරනකොට
🏋️ Squat කරනකොට

Muscle fibers වලට ලොකු tension එකක් එනවා.

ඒ tension එක තමයි body එකට signal එක දෙන්නේ:
"මේ muscle එක තව ටිකක් bigger සහ stronger කරන්න ඕන."

(The tension is detected by mechanosensors within the muscle, triggering intracellular signaling pathways such as mTORC1, FAK (Focal Adhesion Kinase) & MAPK pathways)

ඒ නිසා muscle growth ගැන කතා කරනකොට...
❌ Muscle damage එක පස්සේ යන්න එපා
❌ Soreness (DOMS) පස්සේ යන්න එපා
❌ Sweat වුණා කියලා results expect කරන්න එපා

අහන්න ඕන එකම ප්‍රශ්නය:
👉 "මම මේ set එකෙන් muscle එකට ප්‍රමාණවත් tension එකක් දුන්නද?"/සැලකිය යුතු බරකින් ව්‍යායාම කරාද?

Muscle build වෙන්නේ...

Contraction නිසා නෙවෙයි.

High-quality contractions + High mechanical tension + Progressive overload නිසා.

මේක තේරුම් ගත්තම training ගැන බලන විදිහ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. 💪

ඒවගේම කමෙන්ට් එකේ තියෙන link එකෙන් Dr Layne , Dr Brad Schoenfeld සමග සිදු කරන සාකච්ඡාවක කොටසක වීඩියෝ එක බලන්න,

එහිදී Dr Layne අහනවා මාංශ පේශී වර්ධනය සඳහා වඩා වැදගත්ම පුහුණු විචල්‍ය කුමක්ද? කියලා Dr Brad Schoenfeld ගේ පිළිතුර වෙන්නේ Intensity of effort

Dr Brad Schoenfeld හඳුන්වන්නේ මාංශ පේශී වර්ධනය සඳහා ලෝකෙ ඉන්න අංක එකේ විද්වතා ලෙස. Dr Brad Schoenfeld මේ වන විට මාංශ පේශී වර්ධනය පිළිබඳව අධ්‍යයන 400 කට වඩා ප්‍රමාණයක් සිදු කරලා තිබෙනවා.

Dr Brad කියනවනම් මාංශ පේශී වර්ධනය සඳහා වඩාත්ම බලපාන්නේ ඔසවන බර කියලා. මේ වීඩියෝ එක මොකක්ද?

Contraction is the mechanism. Mechanical tension is the stimulus. Hypertrophy is the adaptation.

සුභ දවසක්,
බර අඩු කරමු, සතුටින් සිටිමු

31/05/2026

FIT RIDDLE
මාංශ පේශී වර්ධනය සඳහා වඩාත්ම වැදගත් වන්නේ?
නිවැරදි පිළිතුර- ප්‍රතිරෝධ ව්‍යායාම

බොහෝ දෙනෙක් සාර්ථක පිළිතුරු ලබා දීලා තිබුණා,එය හැම දෙනාටම බොහොම ස්තුතියි.

ඒ අයගෙන් Wheel of Names මගින් ජයග්‍රහණය කරන්නේ
Pushpa Irangani
උණුසුම් සුබ පැතුම්- Pushpa Irangani

ත්‍යාග මුදල ලබාදීම සඳහා Bank details අපට මැසේජ් කරන්න

සුභ දවසක්,
බර අඩු කරමු, සතුටින් සිටිමු

බොහෝ දෙනෙක් ඉල්ලපු මාංශ පේශී වර්ධනය සඳහා schedule එකක් ගන්න ChatGPT prompt එක.මාංශ පේශී වර්ධනය කරන්න උනන්දු වන බොහෝ දෙනෙ...
30/05/2026

බොහෝ දෙනෙක් ඉල්ලපු මාංශ පේශී වර්ධනය සඳහා schedule එකක් ගන්න ChatGPT prompt එක.

මාංශ පේශී වර්ධනය කරන්න උනන්දු වන බොහෝ දෙනෙක් ඉන්නවා පුහුණුවලත් coach කෙනෙක්ගේ සේවය ලබාගැනීමට නොහැකි. ඒ අයට උපකාරයක් විදිහට අපි මාංශ පේශී වර්ධනය සඳහා schedule එකක් හදාගන්න පුළුවන් ChatGPT prompt එකක් ලබා දෙනවා.

ChatGPT ලබා දෙන කරුණු 100%ක් නිවැරදි නොවුනත් ඔබ ලබාදෙන prompt එක අනුව ඔබට වඩාත් ගැලපෙන (highly individualised) පුහුණු සැලැස්මක් හදාගන්න පුළුවන්.
මෙයින් ලබා දෙන පුහුණු සැලැස්ම

>>>>ඔබේ අත්දැකීම් සමග සංසන්දනය කර බලන්න.
>>>>හැකියාව තිබෙනවා නම් පුහුණුවලත් coach කෙනෙකුට පෙන්නලා එහි අඩුපාඩු සකස් කර ගන්න,
>>>>සති 3-4ක් පුහුණු කිරීමෙන් පසුව ඔබට ලැබෙන ප්‍රතිඵල අනුව එහි නැවතත් වෙනස්කම් සිදු කරගන්න.

ChatGPT prompt එක
(ඔබට ගැළපෙන පරිදි සඳහන් කර ඇති ආකාරයට අවශ්‍ය වෙනස්කම් සිදු කර ගන්න. වෙනස්කම් සිදුකිරීමෙන් පසුව ChatGPT එකට ගොස් copy/paste කර ඔබට අවශ්‍ය සැලැස්ම ලබා ගන්න.
----------------------------
ඔයා experienced strength coach / hypertrophy specialist කෙනෙක් වගේ act කරන්න.
මට fully customized muscle-building training programme එකක් create කරන්න.

මගේ details:

Male/Female
Age: “වයස ###”
Height: ### cm
Weight: XX kg
Beginner level (gym experience අඩුයි)
Training days: Week එකට දවස් 2යි/දවස් 3යි/දවස් 4යි/දවස් 5යි (පුහුණු වීමට බලාපොරොත්තු වන දින ගණන සඳහන් කරන්න)
Train කරන තැන: medium-sized commercial gym
Main focus: Arms (biceps + triceps) bigger කිරීම (විශේෂ අවධානයක් යොමු කළ යුතු මාංශ පේශී මෙහි සඳහන් කරන්න)
Secondary focus: overall muscle gain + strength + better body shape
Goal: lean muscular physique එකක් build කිරීම while reducing skinny-fat look

Programme එක design කරනකොට මේ දේවල් deep consideration එකෙන් කරන්න:

Age-related recovery limitations
Beginner-friendly exercise selection
Joint safety (especially shoulders/elbows/lower back)
Proper weekly volume landmarks
Progressive overload structure
Exercise order optimization
Rest periods
Rep ranges for hypertrophy
Warm-up protocol
Recovery recommendations
Deload recommendations
Realistic muscle-building expectations for age “වයස ###”හි beginner
Science/evidence-based recommendations only

Need the programme in this exact structure:

Weekly split overview
Day 1 / Day 2 / Day 3 etc full workout tables
Exercise name
Sets
Reps
Rest times
Coaching notes/cues
Common mistakes to avoid
Alternative exercise options if equipment unavailable
Progression method week-to-week
Estimated workout duration

Also include:

Best exercises specifically for arm growth for a “වයස ###”-year-old beginner
Which exercises should be avoided initially and why
Ideal training intensity (RPE/RIR)
Cardio recommendations without interfering with muscle growth
Basic high-protein nutrition recommendations for muscle gain
Daily protein target based on body weight
Supplement recommendations with evidence level (creatine, whey, etc.)
Sleep/recovery targets
A realistic 12-week progression expectation

Important:

Do NOT give generic fitness advice.
Build this like a real coach programming for a paying client.
Explain the reasoning behind exercise selection and volume decisions.
Use practical gym language, not overly academic wording.
Make the programme sustainable and realistic for long-term adherence.

ඔබට ChatGPT එකෙන් ලබාදෙන schedule එකට වඩා නිවැරදි විද්‍යානුකූලව , ඔබේ සියළු අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි video links සමග සකස් කර ඇති සැලැස්මක් PDF ලබාගන්න ඕන නම් අපේ https://fitbuilder.net website එකට යන්න.

මෙතනින් ඔයාට ලැබෙන්නේ
#100% ක් ඔයාගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන fully customized muscle plan එකක්
#ඔයාගේ goal එකට ගැලපෙන (muscle gain)
# ඔයාගේ fitness level එකට ගැලපෙන Full 8-week structured program එකක්
# 25+ page clear PDF guide එකක්
# Exercise video links (guess කරන්න ඕන නෑ)

මේ සියල්ලට ම ඔයාට ගෙවන්න තියෙන්නේ $1 පමණයි.
https://fitbuilder.net

සුභ දවසක්
බර කරමු සතුටින් සිටිමු

“වැඩිපුර මස් කන නිසා Hong Kong අය වැඩිපුර ජීවත් වෙනවා” කියන කතාව මේ දිනවල social media වල දකින්න පුළුවන්.හැබැයි මේකේ ලොක...
24/05/2026

“වැඩිපුර මස් කන නිසා Hong Kong අය වැඩිපුර ජීවත් වෙනවා” කියන කතාව මේ දිනවල social media වල දකින්න පුළුවන්.
හැබැයි මේකේ ලොකුම ගැටලුව තමයි, correlation (සම්බන්ධය) එක causation (හේතුව) එකක් වගේ පෙන්නන එක.

ඔව්, Hong Kong වල life expectancy එක ඇත්තටම world-leading.
2023 data අනුව අවසාන වශයෙන් අවුරුදු 85+
ඒක Japan, Switzerland, Australia වගේ රටවල්ටත් ඉහළ අගයක්

හැබැයි ඒක “මස් කන නිසා” කියලා කවුරු හරි නිගමනය කරන එක කරන එක විද්‍යාත්මක සාක්ෂි දත්ත අනුව නිවැරදි කාරණයක් නොවේ.

මොකද Hong Kong අය වැඩිපුර ජීවත් වෙන එකට බලපාන ප්‍රධාන කාරණා ගොඩක් තියෙනවා:

• Very low smoking rates 🚭
• Excellent healthcare access
• Low cardiovascular mortality
• High daily walking/public transport lifestyle
• Strong public health system
• Very low infant mortality

ඒ අතරේ වැදගත්ම එක තමයි,
social media වල“රතු මස් වැඩිපුරම ආහාර ගැනීම” කියන අගය පටලවාගෙන තියෙනවා Hong Kong වල නිෂ්පාදනය කරන රතු මස් ප්‍රමාණය සමඟ.
මොකද රතු මස් වැඩිපුර පරිභෝජනය කරනවා කියන අගය mostly food supply data එකක්. එහෙම නැතුව ඇත්තටම Hong Kong වැසියන් දෛනිකව ආහාරයට ගන්න කරන අගය නෙවෙයි.

Hong Kong රජයේ ආහාර පරිභෝජනය සම්බන්ධව සිදුකර ඇති සමීක්ෂණ අනුව සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දෛනිකව පරිභෝජනය කරන්නේ,

🥩 රතු මස් ~78g/day
🍗 කුකුළු මස් ~32g/day
🐟 මාළු ~43g/day
🍚 Cereals & grains තමයි වැඩිපුරම භාවිතා කරන ආහාරය වර්ගය වෙන්නේ

ඒ කියන්නේ social media වල පෙන්නන්න උත්සාහ කරනවා වගේ Hong Kong හැම කෙනෙක්ම Dr.Wannaku ගෙ භාෂාවෙන්ම කියනවා වගේ බුරිය උල් වෙන්න රතු මස් කනවා කියල එකක් නෑ 😅

තවත් වැදගත් කාරණයක්👇

Hong Kong කියන්නේ:
• 7.5 million residents
• massive tourism hub
• restaurant-heavy economy
• huge imported food system

ඒ නිසා supply numbers = personal intake කියලා assume කරන්න බෑ.

අනිත් කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි දත්ත අනුව

• Processed meat → පිළිකාකාරකයි
• High processed meat intake → colorectal cancer risk increase
• Healthy diet සඳහා fruits, vegetables, legumes, whole grains ආහාරයට එකතු කරගත යුතු බව.

ඒ කියන්නේ “වැඩිපුර මස් කන නිසා Hong Kong අය වැඩිපුර ජීවත් වෙනවා” කියන කාරණය එක විද්‍යාත්මක සහ අනෙකුත් දත්ත සමග එකඟ වෙන්නේ නැහැ’

ඇත්තටම Hong Kong උදාහරණය පෙන්නන්නේ වෙන දෙයක්.

👉 රටක පුද්ගලයන් කියන්නේ කියන්නේ එක ආහාර වර්ගයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කතාවක් නෙවෙයි.
👉 Overall lifestyle + healthcare + smoking + activity + environment + socioeconomic system කරුණු කීපයක් නිසා ඇතිවන තත්ත්වයක්

ඒක තමයි ඇත්ත.

රතු මස් කියන්නේ නරක දෙයක් නෙවෙයි, ඉතා පෝෂණයෙන් ඉහළ විශේෂයෙන්ම protein බහුල ආහාරයක්, ඔබ රතු මස් ආහාරයට ගන්න කෙනෙක් නම්, ඔයාගේ ආහාරයට රතු මස් නිවැරදි ප්‍රමාණයෙන් එක් කරගන්න, ඒ වගේම කුකුළු මස්, මාළු, බිත්තර, එළවළු, පලතුරු, තන්තු ආහාර, legumes නිවැරදි ප්‍රමාණවලින් ආහාරයට එක් කරගන්න.

සුභ දවසක්
බර කරමු සතුටින් සිටිමු

මේ තියෙන්නේ ව්‍යායාමයෙන් පසු මාංශ පේශී වර්ධනය සඳහා කොපමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාගත යුතුද කියන කාරණය ගැන post එකක්.විශේෂ...
20/05/2026

මේ තියෙන්නේ ව්‍යායාමයෙන් පසු මාංශ පේශී වර්ධනය සඳහා කොපමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාගත යුතුද කියන කාරණය ගැන post එකක්.

විශේෂයෙන්ම 2009දී පළ වූ Moore et al. study එක පදනම් කරගෙන “ව්‍යායාමයෙන් පස්සේ 20g ට වඩා ප්‍රෝටීන් ගත්තත් අමතර ප්‍රයෝජනයක් නැහැ” කියන අදහස අදටත් කොතරම් වලංගුද කියන එක අපි බලමු.

ඒ වගේම මේ post එක දාපු මහාචාර්යතුමාටත්, වෙනත් ඕනෑම කෙනෙකුටත් අපි ආරාධනා කරනවා — අපි සඳහන් කරන කරුණු වල scientific ගැටලුවක් තියෙනවා නම් evidence එක්ක සාකච්ඡාවට එකතු වෙන්න කියලා.
මොකද science කියන්නේ discussion + evidence මිස authority එකක් නෙවෙයි.

Moore et al. (2009) study එක anabolic window / protein timing සම්බන්ධයෙන් සිදුකරපු මුල් කාලීන සහ ඉතා වැදගත් research එකක්.
හැබැයි “මුල් study එක” වීම සහ “අදටත් හොඳම evidence එක” වීම දෙකක්.

අපි මේ post එක “outdated” කියලා සඳහන් කරන්නේ ඒ නිසයි.

මේ study එකට දැන් අවුරුදු 17කට ආසන්නයි.
2009 evidence එක විතරක් අරගෙන 2026 recommendation දෙන එක, අවුරුදු 17ක් පරණ newspaper එකක් අරගෙන චමුදිත අද පත්තරේ විස්තරේ කරනවා වගේ වැඩක්.

Scientific topic එකක් ගැන අදහසක් දක්වනවා නම්, ඒ topic එකට පස්සේ publish වෙලා තියෙන studies, reviews, meta-analyses ඔක්කොම consider කරන්න ඕන.
ඒකට තමයි literature synthesis කියන්නේ.

දැන් බලමු 2009න් පස්සේ මේ කාරණය ගැන research කොච්චර develop වෙලා තියෙනවද කියලා.

මේ සම්බන්ධයෙන් publish වෙලා තියෙන studies කිහිපයක්:

Yang et al., 2012
Robinson et al., 2013
Witard et al., 2014
Kakigi et al., 2014
Moore et al., 2015
Macnaughton et al., 2016
Snijders et al., 2017
Kouw et al., 2017
Holwerda et al., 2018
Holwerda et al., 2019
Malowany et al., 2019
Pihoker et al., 2019
Mazzulla et al., 2020
Mallinson et al., 2023
Larsen et al., 2023
Trommelen et al., 2023
van der Heijden et al., 2024
Boot et al., 2025
Apicella et al., 2025

ඊට අමතරව මේ topic එක ගැන meta-analyses සහ reviews ගණනාවක්ම publish වෙලා තියෙනවා.

Meta-analysis කියන්නේ එක research paper එකක් නෙවෙයි.
එකම topic එක ගැන ලෝකයේ publish වෙලා තියෙන studies ගණනාවක් එකතු කරලා overall conclusion එකක් ලබාදෙන high-level evidence type එකක්.
සාමාන්‍යයෙන් evidence hierarchy එකේ “gold standard” වලට අයත් වෙනවා.

Aragon & Schoenfeld, 2013
Schoenfeld, Aragon & Krieger, 2013
Jäger et al., 2017
Schoenfeld & Aragon, 2018
Morton et al., 2018
Trommelen, Betz & van Loon, 2019
Moore, 2019
Tagawa et al., 2021
Nunes et al., 2022
Witard & Mettler, 2024

දැන් වැදගත්ම point එක බලමු.

“හැමෝටම workout එකකට පස්සේ 20g” කියන recommendation එක practicalවත් scientificවත් හරියන recommendation එකක් නෙවෙයි.

මොකද protein requirement එක වෙනස් වෙන්නේ:

ශරීර බර අනුව
muscle mass අනුව
training volume අනුව
calorie surplus / deficit අනුව
වයස අනුව
protein source අනුව

උදාහරණයක් ගමු.

60kg කෙනෙක්ගේ daily protein target එක ~96g වගේ වෙන්න පුළුවන්.
120kg කෙනෙක්ගේ target එක ~190g+ වෙන්න පුළුවන්.

දැන් “meal එකකට 20g විතරයි” කියලා fix කරොත්, දෙවැනි කෙනාට දවසට protein meals 10ක් වගේ ඕන වෙනවා.

ඒක neither practical nor evidence-based.

ඒ නිසා modern research වලින් recommend කරන්නේ fixed grams method එකකට වඩා bodyweight-relative approach එකක්:

0.25–0.4 g/kg/meal

ඒක සාමාන්‍යයෙන් වඩා accurate.

දැනට තියෙන evidence අනුව:

Resistance training + calorie surplus කරන තරුණ අය:

0.25–0.4 g/kg/meal

Older adults:

0.4–0.6 g/kg/meal
(සාමාන්‍යයෙන් 30–45g range)

Fat loss / calorie deficit phase:

0.3–0.5 g/kg/meal

දවසකට:

protein meals 3–5ක්
total protein ~1.6 g/kg/day

තවත් practical විදිහට කිව්වොත්:

කුඩා සිරුරක් + low-volume workout
→ 20–25g

සාමාන්‍ය hypertrophy session
→ 25–35g

විශාල ශරීරයක් + high-volume training
→ 35–50g

Older adults
→ 35–50g (leucine-rich protein)

Plant-based protein meals
→ සාමාන්‍යයෙන් higher dose එකක් අවශ්‍ය වෙන්න පුළුවන්

Next meal එකට දිග gap එකක් තියෙනවා නම්
→ larger dose එකක් practical

දැන් පැහැදිලියි — “20g ට වඩා ගත්තොත් waste” කියන කතාව evidence එකෙන් strongly support වෙන්නේ නැහැ.

ඇත්තටම recent studies වලින් පෙන්වනවා, larger protein doses වලින්ත් muscle protein synthesis (MPS) වැඩි වෙන්න පුළුවන් කියලා.

උදාහරණයක් ලෙස Trommelen et al. (2023) study එකේදී 100g protein dose එකක් 25gට වඩා prolonged MPS response එකක් ලබාදුන්නා.

ඉතාම interesting point එකක් තමයි —
2009 study එක publish කරපු Moore, 2019 Meta analysis/research review එකේදී recommend කරන්නේ ~0.31 g/kg/serving.

උදාහරණයක්:
80kg කෙනෙක්ට ≈ 25g per meal.

ඒ කියන්නේ science evolve වෙනවා.
Recommendations update වෙනවා.
අලුත් evidence ආවම conclusions refine වෙනවා.

ඉදිරියේදීත් මේ area එකේ තවත් research අවශ්‍යයි:

Female-specific dose response
Older adults
Long-term hypertrophy relevance
Exercise-volume interaction
Protein source / food matrix effects

Science කියන්නේ final answer එකක් නෙවෙයි.
Best available evidence එකත් එක්ක continuously update වෙන process එකක්.

සුභ දවසක්
බර කරමු. සතුටින් සිටිමු.

Address

Woree, QLD

Alerts

Be the first to know and let us send you an email when බර අඩු කරමු, සතුටින් සිටිමු. Lose Weight, Feel Great posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share