01/10/2026
🎉🏏 සුභම සුභ උපන්දිනයක් වේවා Ruwan 🎂🦁
අද සිය ජන්ම දිනය සමරන, අප කණ්ඩායමේ කොඳු නාරටිය බඳු ආරම්භක පිතිකරුවා වන අපගේ ආදරණීය Ruwa සිංහ පවුලේ අප සැමගේ උණුසුම් උපන්දින සුබ පැතුම් ❤️🎊
තම පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින්, කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් අප කණ්ඩායම ජයග්රහණ රැසක් කරා රැගෙන ගිය ඔබගේ කැපවීම අපි ඉතා අගය කරමු. පිටියේදී ඔබ දක්වන දක්ෂතාවයන් මෙන්ම පිටියෙන් පිටත ලබා දෙන සහයෝගයත්, සුහදත්වයත් අප සිංහ පවුලට මහත් ශක්තියක්. 🏏💪
ඉදිරියටත් තවත් විශිෂ්ට ඉනිම් රැසක් සමඟින් අප කණ්ඩායම නව ජයග්රහණ කරා රැගෙන යාමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා 🔥🏆
ඔබගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සහ සිහින සැබෑ වේවා. නිදුක් නිරෝගී සුවය, සතුට, සාමය සහ සාර්ථකත්වය පිරි සුන්දර වසරක් ඔබට උදා වේවායි අපි හදවතින්ම ප්රාර්ථනා කරමු. 🌟❤️
ආදරණීය රුවා, ක්රිකට් පිටියේ මෙන්ම ජීවිතයේත් ජයග්රහණ රැසකින් ඔබේ ඉදිරි ගමන වර්ණවත් වේවා සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🎁🎉
සිංහ ක්රිකට් පවුල 🦁🏏