24/05/2026
ඓතිහාසික මුතියංගන වෙසක් මහා පෙරහැර 2026
ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන වෙසක් මහා පෙරහැර, මෙවර 2026 මැයි මස 29, 30 සහ 31 යන දින තුනෙහි මහත් අභිමානයෙන් යුතුව වීථි සංචාරය කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් වූ විශේෂ සංවිධාන සාකච්ඡාව පසුගිය මැයි මස 15 වන දින මුතියංගන රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණ.
මෙම සාකච්ඡාව මුතියංගන රාජමහා විහාරස්ථානයේ භාරකාර, අතිපූජ්‍ය ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී පෙරහැරේ සියලු සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
පෙරහැර වීථි සංචාරය කරන දින සහ වේලාවන්:
👉මැයි 29 වන සිකුරාදා (රාත්‍රී 7.15):
ධාතු මන්දිරයෙන් පෙරහැර කරඩුව පිටතට වැඩමවා විහාරස්ථානය වටා සංචාරය කරමින් පෞරාණික චාරිත්‍ර ඉටු කෙරේ.
👉මැයි 30 වන සෙනසුරාදා (රාත්‍රී 7.50):
විහාරස්ථානයෙන් පිටත්ව, දුම්රිය පොල පාර, අනගාරික ධර්මපාල මාවත, පහල රජවීදිය, රජවීදිය ඔස්සේ පැමිණ පුස්තකාල පාරෙන් පහල වීදියට පිවිස, විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි.
👉මැයි 31 වන ඉරිදා (රාත්‍රී 8.05):
විහාරස්ථානයෙන් පිටත්ව, දුම්රිය පොල පාර, අනගාරික ධර්මපාල මාවත, කෝකෝවත්ත පාර, උදයරාජ මාවත, රජ වීදිය, බසාර් වීදිය ඔස්සේ පහල වීදියට පැමිණ විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි.
මෙම සංවිධාන සාකච්ඡාව සඳහා බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා, දළදා මාලිගාවේ පාලක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා, බදුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය, මුතියංගන රාජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සාමාජිකයින් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ.
තොරතුරු සදහා මූලාශ්‍ර -බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.