fit.x.bull

fit.x.bull Taking bodybuilding to another level in Sri Lanka.

කොහොමද කොල්ලනේ ඔයාලට,ඉතින් අද අපි Fit x bullතුලින් කතා කරමු හරි ක්‍රමයට කොහොමද Squat ව්‍යායාමය කරන්නේ කියලා සහ මෙම ව්‍යා...
03/03/2024

කොහොමද කොල්ලනේ ඔයාලට,ඉතින් අද අපි Fit x bull
තුලින් කතා කරමු හරි ක්‍රමයට කොහොමද Squat ව්‍යායාමය කරන්නේ කියලා සහ මෙම ව්‍යායාමය මගින් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා....

♦️ කොල්ලොන්ගේ gym day එකේදී අනිවාර්‍යෙන්ම බහුතරයක් මගහරින ව්‍යායාමයක් තමයි මේ Squats කියන්නේ. ඒකට හේතුව වන්නේ මේ ව්‍යායාමය හරිම Technique එකට කරේ නැත්තම් සහ නිවැරදි මාංශපේශීන් ඉලක්ක කර සිදු කලේ නැත්තම් තුවාල සහ අනෙකුත් ආබාධ තත්වයන් ඇතිවෙන්න පුලුවන් නිසා.

හරි අපි දැන් පියවරෙන් පියවර Squats ගහන්නේ කොහොමද කියලා කතා කරමු........

▫️ පලමු පියවර - ආරම්භක ස්ථානය

♦️ මුලින්ම ඔයාගේ කකුල් දෙක අතර පරතරය උරහිස් පලලට තියාගන්න ඕනී.ඒ වගේම පපුව ඉහලටත් උරහිස් පසුපසටත් වෙන්න තියාගන්න ඕනී.

▫️ දෙවන පියවර - The descent (පහලට යාම)

♦️ ඔයාගේ ඉන පිටිපස්සට තල්ලුකරලා දණහිස් නමමින් පහලට චලනය වීම ආරම්භ කරන්න. ඒ කියන්නේ හිතන්න ඔයා පුටුවක වාඩි වෙලා ඉන්නවා කියලා.අන්න ඒ ගානට ශරීරට පහත් කරන්න ඕනී. ඒ වගේම ඔයාගේ පිටිපස කෙලින් තියාගන්න ඕනී.පපුවත් ඉහලට තියාගන්න ඕනී.

▫️ තුන්වන පියවර - Depth (ගැඹුර)

♦️ ඔයාට පුලුවන් නම් ඔයාගේ දණහිස් වලට වඩා ඉන පහත් කරන්න උත්සහ කරන්න. කොහොම වුනත් මේ Exersice එක කරන්න ඔයාට තෙරෙන්නේ නැත්තම් අනිවාර්‍යෙන්ම Trainer කෙනෙක්ගේ උදව් ලබා ගන්න අමතක කරන්න එපා

▫️ හතරවන පියවර - The Acend ( ඉහලට පැමිනීම)

♦️ ඔයාගේ දනහිස් සහ ඉන එකවර කෙලින් කරගනිමින් නැගිටින්න.මේ සදහා විලුඹ ප්‍රදේශයෙන් තල්ලු කිරීමක් ලබාගන්න. ඒ වගේම මේ චලනය පුරාම පිටිපස්ස කෙලින් තබා ගැනීම සහ පපුව ඉහලින් තබා ගන්නත් අමතක කරන්න එපා..

හරි දැන් අපි කතා කලානේ කොහොමද හරි විදිහට Squats ගහන්නේ කියලා....😉

දැන් අපි කතා කරමු ඔයාලා Squats ගහද්දී එන Common mistakes මොනවද කියලා....🙃

🔹 දණහිස් ඇතුල් පැත්තට යාම
🔹 බොහෝ විට ඉදිරියට හෝ පසුපසට නැඹුරු වීම
වැනි ක්‍රියා කිරීම වලක්වා ගත යුතු වෙනවා

දැන් අපි කතා කරමු squats ගහපුවාම අපිට ලැබෙන වාසි මොනවද කියලා.....

▫️ පහල ශරීරයේ මාංශ පේශීන් ශක්තිමත් කිරීම .
▫️ වඩා හොද ඉරියව්වක් ලබා ගැනීමට හැකිවීම.
▫️ දිනපතා සිදු කිරීම මගින් උකුල, දනහිස් සහ වලලුකර.
තුල නම්‍යශීලීත්වය වැඩි කරගත හැකිවීම.
▫️ හොද කැලරි දහනය කරන ව්‍යායාමයක් වීම.

වැනි නොයෙකුත් වාසීන් Squats කිරීම මගින් ඔයාටත් ලබාගන්න පුලුවන් වෙනවා.... 😍

ඒ වගේම මේ ව්‍යායාමය ඔයාට කරන්න තේරෙන්නේ නැත්තම් අනිවාර්‍යෙන්ම trainer කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න උත්සහ කරන්න.

ඉතින් මේ වගේ Fitness life එකට වැදගත් තොරතුරූ ලබා ගන්න Fit x bull අපේ page එකට එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා..... ❤️💪

දවසක එයයි මමයි........ 🍃😌
08/02/2024

දවසක එයයි මමයි........ 🍃😌

😎💪 fitXbull තුලින් අද අපි කතා කරමු බඩ අඩුකරගෙන 6 Pack ගන්න කොච්චර කාලයක් යයිද සහ මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනි කියලා......♦...
05/02/2024

😎💪 fitXbull තුලින් අද අපි කතා කරමු බඩ අඩුකරගෙන 6 Pack ගන්න කොච්චර කාලයක් යයිද සහ මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනි කියලා......

♦️ Fitness වලට ආස Sports කරන හැම කොල්ලෙක්ගෙම හීනයක් තමයි මේ Six pack හදාගන්නවා කියන්නේ.Abs කියන්නේ අමුතුවෙන් හදාගන්න ඕනි දෙයක් නෙවෙයි. ඒක අපේ ශරීරයේ පවතින දෙයක්. හැබැයි අපි පාලනයකින් තොරව ශරීරය තුලට ලබාගන්නා කැලරී ශරීරය තුල තැම්පත් වීම නිසා Abs වලට ඉතිරියෙන් මේද තට්ටුවක් තැම්පත් වීමක් සිද්ද වෙනවා.

♦️ ඉතින් ඔයාටත් 6 pack ගන්න ඕනී නම් මේ මේද තට්ටුව ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ක්‍රමානුකූලව අඩු කරලා ලබාගන්න පුලුවන්.

දැන් අපි බලමු මේ සදහා මූලිකවම ඔයා මොනවද කරන්න ඕනී කියලා............

01) Core Exercises - ලෑලි,ක්‍රෙන්ස් සහ පාද ඉහල නැංවීම වැනි ව්‍යායාම කල හැකිය...

02) Cardio exercises - කැලරි දහනය කිරීමට සහ සමස්ත ගරීරයේ බර අඩු කිරීමට යොදාගත හැකිය.......

03)Balance diet - Protein, එලවලු සහ කැලරි පාලනය කර කෑම වේලක් පරිභොජනය කර ගැනීමෙන් ද ඔබට සාර්තක ප්‍රතිඵල ලබා ගත හැකිය....

මම පියවර අනුගමනය කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ඔයාටත් පුලුවන්. ඉතින් මේ වගේ වැදගත් Tips ලබා ගැනීමට අපේ page එකත් follow කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා......

Fitness වලට කැමති Fitness කරන කොල්ලන්ගේ  එක ආසාවක් තමයි කොහොමද තමන්ගේ යාළුවෝ සෙට් එක අතරේ,School එකේ, Class එකේ, Univers...
02/02/2024

Fitness වලට කැමති Fitness කරන කොල්ලන්ගේ එක ආසාවක් තමයි කොහොමද තමන්ගේ යාළුවෝ සෙට් එක අතරේ,School එකේ, Class එකේ, University එකේ Attractive Boy කෙනෙක් වෙන්නේ කියලා......😎

ඉතින් අද අපි මේ post එක ඔයාලට අරගෙන ආවේ කතා කරන්න කොහොමද ආකර්ශනීයම කොල්ලෙක් වෙන්නේ කියලා.......

▫️ පලවෙනි Tip එක තමයි - ඔයාගේ Confident එක ....

කොල්ලෙක්ට අනිවාර්‍යෙන්ම තියෙන්න ඕනී දෙයක් තමයි Confident එක කියන්නේ එහෙමත් නැත්තම් මොරාල් එක කියන්නේ, මොකද කොන්දක් නැති කොල්ලෙක්ව තමන්ගේ යාළුවෝ සෙට් එකෙන් වගේම Talk කරන ගෑනු ලමයාගෙනුත් reject වෙනවා අනිවාර්‍යෙන්ම. ඒ නිසා බය නැතුව ගිහින් අනිත් අයත් එක්ක කතා කරන්න, ඔයා කැමති දේ කරන්න, එතකොට පුලුවන් ඔයාගේ Confidence level එක වැඩි කරගන්න.

▫️ හරි දැන් අපි බලමු දෙවෙනි Tip එක මොකක්ද කියලා....

දෙවෙනි Tip එක තමයි Always be positive

ඔයා හැමවෙලේම Negative විදිහට හිතන කෙනෙක් නම් එහෙම හිතන විදිහ අදම නවත්තගන්න try එකක් දෙන්න, හැමවෙලේම මට බෑ මම කරොත් කෙලවෙනවා,මට නෑ වගේ ඉන්නවා නම් කිසිම කෙනෙක් ඔයාට කැමති වෙන්නේ නම් නෑ. ඒ නිසා හැමවෙලේම Positive හිතන්න.

▫️ තුන්වෙනි Tip එක තමයි Have a passion

ඔයාගේ day today life cycle එකට අමතරව වෙනත් දෙයක් ඔයාගේ Life cycle එකේ තියාගන්න, කරන්න උත්සහ කරන්න. උදාහරනෙකට ඔයාට Fitness කරන්න පුලුවන් Bodybuilding කරන්න පුලුවන්.

▫️ අවසාන Tip එක තමයි Talk less කියන්නේ

ඒ කියන්නේ ඔයා තවත් කෙනෙක් එක්ක කතා කරනවා කියලා හිතන්න, හැබැයි ඔයා ඒ කෙනාට කතා කරන්න නොදී කියවනවා නම් ඒ කෙනාට එපා වෙනවා. ඒ නිසා අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න.....

ඉතින් කොල්ලනේ මේ Tips use කරලා attractive කොල්ලෙක් වෙන්න try කරන්න.වැඩේ Success වුනාට පස්සේ පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.....😉

🙂ඒ වගේම අපේ Page එකත් Follow කරන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා.....❤️🙏

♦️ Fitness වලට කැමති healthy විදිහට ඉන්න කැමති ඔයාලගේ දැනුම වැඩි කරන්න ඊලගට ගේන post එක තමයි මේ......🔹 හොදයි අද Fit x bu...
27/01/2024

♦️ Fitness වලට කැමති healthy විදිහට ඉන්න කැමති ඔයාලගේ දැනුම වැඩි කරන්න ඊලගට ගේන post එක තමයි මේ......

🔹 හොදයි අද Fit x bull page එක තුලින් අද අපි බලමු ගුණාත්මක සහ සෞඛ්‍යමත් ආහාර ලබා ගැනීමෙන් අපේ ජීවිතයට අත්වන වාසි මොනවාද කියලා........ 😊

🔹 ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි වර්තමානයේ හැමෝම පුරුදුවෙලා ඉන්නේ fast foods ලබා ගන්න,ඉතින් මේ වගේ ආහාර නිරන්තරයෙන්ම ඔයා ලබාගත්තොත් ඉක්මනින්ම රෝගියෙක් වෙන්නත් ඔයාට සිද්ධ වෙනවා.

ඔයාගේ සාමාන්‍ය ආහාර වේල ඉවත් කරලා Healthy meal එකකට ගියොත් ඔයාට පුලුවන් මෙන්න මේ වාසි ටික අත්කරගන්න.

01) රෝගී තත්වයන්ගෙන් වැලකීම සදහා - සමබල හා පෝශදායී ආහාර වේලක් ලබාගැනීමෙන් හෘද රෝග,දියවැඩියාව සහ ඇතැම් පිළිකා වැනි රෝගවලින් වැලකෙන්න ඔයාට පුලුවන් වෙනවා.

02) බර කලමනාකරනය සදහා- හොද ආහාර වේලක් මගින් ශරීරයට නිවැරදි පෝශනයක් ලබාදීමටත් ශරීරයට ප්‍රශස්ථ කැලරි අගයක් ලබා දීමටත් ඔයාට හැකි වෙනවා.

03) හොද මානසික සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සදහා - හොද පෝශ්‍ය පදාර්ථ සහිත ආහාර ලබා ගැනීමෙන් මානසික සෞඛ්‍ය තත්වයට යහපත් බලපෑමක් ඇති කල හැක. එමෙන්ම මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝගී තත්වයන්ගෙන්ද වැලකීමට ඔයාට හැකිවෙනවා.

▫️ ඉතින් ඔයා හොද සෞඛ්‍යමත් ගුණාත්මක ආහාර ලබාගන්න පුරුදු වුනොත් ඔයාටත් පුලුවන් වෙනවා කලින් මම කියපු ප්‍රතිඵල වගේම තවත් වාසී ලබාගන්න......

▫️ ඉතින් මේ වගේ Healthy tips ඔයාගේ ජීවිතේටත් හැමදාම ලබාගන්න, අපේ Fit x bull page එකත් follow කරන්න කියලා වෙනදා වගේම ආදරයෙන් ඔයාලට මතක් කරනවා...........

🔺 fitness ගැන හොයන fitness ගැන හිතන හැමෝම බලන දෙයක් තමයි මේ BMI Measurement එක කියන්නේ.....🔹 හරි අපි බලමු දැන් BMI අගය ක...
26/01/2024

🔺 fitness ගැන හොයන fitness ගැන හිතන හැමෝම බලන දෙයක් තමයි මේ BMI Measurement එක කියන්නේ.....

🔹 හරි අපි බලමු දැන් BMI අගය කියන්නේ මොකක්ද කියලා....

BMI අගය යනුවෙන් හදුන්වන්නේ ශරීර ස්කන්ධ දර්ශකයක් වන අතර එය පුද්ගලයෙකුගේ උසට සාපේක්ෂව බරෙහි අගයක් වේ. විවිධ බර කාණ්ඩවලට පුද්ගලයින් වර්ග කිරීම සදහා තමයි මේ BMI අගය යොදාගන්නේ...

ඒ කියන්නේ සරලවම,

▪️ BMI අගය = පුද්ගලයාගේ බර(Kg) / පුද්ගලයාගේ උසහි (m) වර්ගයෙන්

ඉතින් මේ BMI අගය භාවිතයෙන් ඔයාටත් පුලුවන් ඔයා මොන කාණ්ඩයටද අයිති කියලා බලන්න.....

▫️ ඉස්සෙල්ලම උඩ මං කියපු සූත්‍රය යොදාගෙන ඔයාගේ BMI අගය මැනගන්න ඕනී.

▫️ ඊට පස්සෙ ඔයා බලන්නකෝ මෙන්න මේ කාණ්ඩ වලින් ඔයා අයිති වෙන්නේ මොන කාණ්ඩෙටද කියලා........

🔘 BMI අගය 18.5 ට අඩුයි නම් ඔයා අයිති වෙන්නේ අඩු බර කාණ්ඩයට.

🔘 ඔයාගේ BMI අගය 18.5 සිට 24.9 අතර නම් ඔයා අයිති වෙන්නේ සාමාන්‍ය බර කාණ්ඩෙට.

🔘 25ත් 29.9 අතරත් ඔයාගේ BMI අගය තියෙනවා නම් ඔයා අයිති වෙන්නේ අදික බර කාණ්ඩයටයි

🔘 30 වැඩී නම් BMI අගය ඔයා තරබාරු පුද්ගලයෙකුගේ කාණ්ඩයට තමයි අයිති වෙන්නේ.

♦️ ඉතින් ඔයාට පුලුවන් මේ BMI අගය පාවිච්චි කරලා ඔයා ඉන්නේ මොන කාණ්ඩයටද කියලා අදහසක් අරගන්න. ඒ වගේම මේ අගය අපිට ලොකු අවස්ථාවක් ලබා දෙනවා අපේ සෞඛ්‍ය තත්වය හොද තැනක තියාගන්න.

♦️ ඉතින් මේ post එක කියවලා ඔයාගේ BMI අගය සාමාන්‍ය අගයක නැත්තම් දුක්වෙන්න එපා.මහන්සි වෙන්න Day today fitness activities කරන්න ඔයාට පුලුවන් එතකොට BMI අගය වෙනස් කරගන්න.

ඉතින් මේ වගේ ඔයාගේ ශරීර සෞඛ්‍යට වැදගත් දේවල් දැනගන්න අපේ Page එකත් Follow කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.... 😉❤️

සීනී♦️ඉතින් අපි හැමෝම කන්න කැමති කෑමක් තමයි මේ.  සීනි කියන්නේ,ලංකාවේ බහුතරයක් දෙනාගේ ආහාර වේලක් තුල හෝ සංග්‍රහ අවස්ථා වල...
26/01/2024

සීනී

♦️ඉතින් අපි හැමෝම කන්න කැමති කෑමක් තමයි මේ. සීනි කියන්නේ,ලංකාවේ බහුතරයක් දෙනාගේ ආහාර වේලක් තුල හෝ සංග්‍රහ අවස්ථා වල අන්තර්ගත අංගයක් තමයි මේ සීනී.හැබැයි ඔයා දැනගෙන හිටියද සීනි කෑවොත් ඔයාගේ health එකට සහා fitness එකට මෙන්න මේ දේවල් වෙනවා කියලා....

🔺සීනී ආකාර දෙකකින් අපි අපේ ශරීරය වෙත ලබාදෙනවා.....

01) පලතුරු,එලවලු සහ කිරි නිෂ්පාදන වල ඇති ස්වභාවික
සීනී ලෙසින්

02) සැකසූ ආහාර පාන සදහා ඇතුලත් කරන ලද සීනී මගින්

🔺ඉතින් මේ විදිහට අපී ශරීරයට ගන්න සීනී නිසා අනවශ්‍ය විදිහට අපි මහත් වෙනවා වගේම විවිධාකාර සෞඛ්‍යමය ගැටලු වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

🔹සීනී භාවිතය අඩු කරොත් මොනවද අපිට ලැබෙන වාසී

▫️ඔව් සීනී පාවිච්චිය අඩුකරොත් ඔයාට පුලුවන් ඔයාගේ ශරීරයේ බර වැඩිවීම පාලනයක් කරගන්න,සහ ඔයා තරබාරු කෙනෙක් නම් ඔයාට පුලුවන් වෙනවා ඉක්මනින් ගරීරයේ බර අඩු කරගන්න

▫️ඒ වගේම ඔයාට හදවත් රෝගී තත්වයන්,දියවැඩියාව, සහ High blood pressure වගේ රෝගී තත්වයන්ට ගොදුරු වීමේ හැකියාවත් අවම කරනවා.

▫️ඔයාගේ Daily activities වෙනදාටත් වඩා හොදින් කරගන්න සීනී අවම කිරීම මගින් පුලුවන් වෙනවා.

🔘 ඉතින් Fit x bull අපිව follow කරන ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ හැමවෙලේම Carbohydrates, protein, sugar balance meal එකක් ගන්න බලන්න. මොකද අපිට තියෙන හොදම සම්පත තමයි නීරෝගීකම 💪😉

♦️ඉතින් මේ වගේ වැදගත් health and fitness tips දැනගන්න අපේ page එකත් follow කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.......

😔 ලංකාව වගේ පෙරදිග රටක ඇත්තටම පොඩි සීමිත ප්‍රමාණයක් තමයි ව්‍යායාම සිදුකරන්නේ. ඒ හේතුව නිසා ලංකාව තුල වර්ථමානයේදී විශාල ල...
11/01/2024

😔 ලංකාව වගේ පෙරදිග රටක ඇත්තටම පොඩි සීමිත ප්‍රමාණයක් තමයි ව්‍යායාම සිදුකරන්නේ. ඒ හේතුව නිසා ලංකාව තුල වර්ථමානයේදී විශාල ලෙස තරුණ පරම්පරාවේ අයත් Heart diseases වලට ගොදුරු වෙනවා. ඉතින් මේවගෙන් වැලකිලා බෙහෙත් අහුරු ගනන් බොන්නේ නැතුව ඉන්න ඔයාටත් පුලුවන් ජිම් එකකට යන්නේ නැතුව මෙන්න මේ ව්‍යායාම කරන්න.

♦️ Cardio exersices -

▫️ඉතින් මොනවද මේ කාඩියෝ ව්‍යායාම කියන්නේ?

🔹ඔයාගේ හදවතේ ස්පන්දන වේගය වැඩි කරන රිද්මයානුකූල ක්‍රියාකාරකම් තමයි කාඩියෝ ව්‍යායාම කියන්නේ.ඉතින් මේ ව්‍යායාම දිනපතා සිදුකිරීම මගින් ඔයාට පුලුවන් වෙනවා ඉක්මනින් වැඩිපුර කැලරි දහනය කරන්න.

▫️දැන් අපි බලමු මොනවද මේ කාඩියෝ ව්‍යායාම ආකාර කියලා.....

01) Running/ Jogging......

🔺කැලරි දහනය කරන්න සහ හෘද වාහිනී වල සෞඛ්‍ය වැඩි කරගන්න තියෙන හොද ව්‍යායාමක් තමයි මේ දිවීම කියන්නේ.ඉතින් ඔයාට පුලුවන් දවසට මිනිත්තු 30-40ක් වගේ දුවලා ඔයාගේ fitness තත්වය හොද තැනකට ගන්න.

02) cycling......

🔺අපි පොඩි කාලේ ඉදන් ආසම දෙයක් තමයි බයිසිකලක් පදින එක. හැබැයි ඔයා දැනගෙන හිටියද බයිසිකල් පදින එකත් අනාගතේ ඔයාව විවිධ අසනීපවලට ගොදුරු වෙන එක නවත්තයි කියලා.

03) Swimming......

🔺සම්පුර්ණ ශරීර ව්‍යායාමයක් ලෙස පිහිනීම අපිට හදුන්වන්න පුලුවන්. ඒ වගේම ඔයාට පිහිනීම මගින් ඔයාගේ ශරීරයේ Flexibility එක සහ strength එකත් develope කරගන්න පුලුවන්.

♦️ඉතින් මේ ව්‍යායාම ඔයාට නොමිලේම සිදුකරන්න පුලුවන් gym එකකට යන්නේ නැතුව. ඒ වගේම ඔයා ලොකු අසනීප තත්වයකින් ඉන්නවා නම් මේ ව්‍යායාම කරන්න කලින් doctor කෙනෙක්ගෙන් උපදෙස් ගන්නත් කියලා ආදරයෙන් මතක් කරනවා.

💪 ඉතින් මේ වගේ fitness tips හැමදාම දැනගන්න අපේ page එකත් follow කරන්න කියලා ආදරයෙන් ඔයාලට මතක් කරනවා. ❤️😉

🔹මොනවද මේ compound exersices කියන්නේ..? • එක muscle group එකක් target කරන්නේ නැතුව එකපාර muscle group කිහිපයකට දැනෙන්න ක...
06/01/2024

🔹මොනවද මේ compound exersices කියන්නේ..?

• එක muscle group එකක් target කරන්නේ නැතුව එකපාර muscle group කිහිපයකට දැනෙන්න කරන්න පුලුවන් exersices type එකක් තමයි මේ Compound exersices කියන්නේ.

🔹ඊළඟට, මේ compound exersices වලට අදාළ exersice types මොනවද ?

01) Squats - Squat ව්‍යායාමය කියන්නෙ අපිට body එකේ quadriceps, hamstrings, glutes වගේම hip එක target කරලා කරන්න පුලුවන් workout එකක්...

02) Deadlifts - Deadlift කිරීම මඟින් lower back එක, hips, glutes සහ hamstring muscle groups වලට එකවරම exersice එකක් සිදු කරන්න අපිට පුලුවන්...

03) Bench press - කොල්ලන්ගේ ආසම exersice එකක් තමයි මේක... මේ exersice එකෙන් Back එක, shoulders සහ triceps වලට එකවරම exersice එකක් සිදු කිරීම අපිට කරන්න පුලුවන්....

♦️දැන් අපි බලමු ඔයාගේ workout එකට compound exersices එකතු කරගත්තම ලැබෙන වාසි මොනවද කියලා.....

💪 compound exersice එකක් කිරීමේදී, ඔයා එක muscle group එකක් target කරගෙන workout එක කරනවට වැඩිය අඩු කාලයකදී muscle group කිහිපයක්ම target කරලා workout කරන්න පුලුවන් හැකියාව ලැබෙනවා.

💪 ඒවගේම ඔයාට ඔයාගේ එදිනෙදා කාර්‍යන් සිදුකිරීමේදි වෙනදාට වඩා හොද ශක්තියක් ලැබෙනවා සහ ඔයාගේ body එක healthy විදිහට පවත්වාගෙන යන්න ඕන හෝමොන වර්ගයක් වන testosterone boost කරගන්නත් මේ exercises උපකාරී වෙනවා.

💪 මේ Compound exercises සිදුකිරීම මගින් ඇඟ අඩුකරගන්න ඉන්න අයටත් තමන්ගේ ඇගේ තියෙන අනවශ්‍ය කැලරි දහනය කරගැනීමට හැකිවෙනවා.

ඉතින් මේ වගේ ඔයාගේ ජීවිතේට වැදගත් tips ලබාගන්න අපේ page එකත් follow කරලා තියාගන්න. ඉතිං අපි ආයෙත් මේ වගේම වැදගත් අලුත් ලිපි පෙලකින් හමුවෙමු.

සෑම කාන්තාවක්ම strength training කළ යුත්තේ ඇයි? #1) පෙනුම - මෙය පුද්ගලික මනාපයකි! සමහර කාන්තාවන්ට මාංශ පේශි ගොඩක් ඇති කි...
04/11/2023

සෑම කාන්තාවක්ම strength training කළ යුත්තේ ඇයි?

#1) පෙනුම - මෙය පුද්ගලික මනාපයකි! සමහර කාන්තාවන්ට මාංශ පේශි ගොඩක් ඇති කිරීමට කැමති වන අතර සමහර අය එසේ නොවේ. ඔබට මේදය අඩු කිරීම හඳුනාගත නොහැකි වුවද, ඔබේ සිරුරේ හැඩය වෙනස් කරමින් විශේෂිත ප්‍රදේශවල වැඩි මාංශ පේශි ගොඩනැගීමට ඔබට තෝරා ගත හැකිය. හැදී වැඩෙන විට, මම අතිශය pear හැඩයක් විය, නමුත් ශක්තිමත් පුහුණුව නිසා, මට දැන් පැය වීදුරු හැඩයක් තිබේ.

#2) අඩු තුවාල අවදානම - ඔබ ශක්තිමත් මාංශ පේශි ගොඩනඟන විට, ඔබ ශක්තිමත් අස්ථි, බන්ධනීයන් සහ කණ්ඩරාවන් ද ගොඩනඟයි, ඔබ ආදරය කරන දේවල් කිරීමෙන් (quidditch ලීගයක ක්‍රීඩා කිරීම වැනි) තුවාල වීමට ඇති ඉඩකඩ අඩු කරයි.

#3) වයසට සම්බන්ධ මාංශ පේශි අහිමිවීමට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ, අප වයසට යන විට ස්වාධීනව සිටීමට අපට ඉඩ සලසයි:

#4) මාංශ පේශි නඩත්තු කිරීමට අපහසු වේ, එයින් අදහස් වන්නේ ඔබ එය අල්ලා ගැනීම සඳහා වැඩිපුර ආහාරයට ගත යුතු බවයි.

#5) වේදනාව අඩු කිරීම - ශක්තිමත් ශරීරයක් තිබීම ඔබේ සන්ධි මත ජීවත් වීම පහසු කරයි, එසේම ඔබට වඩා හොඳ ඉරියව්වක් තබා ගැනීමට සහ පිටුපස / උකුල් වේදනාව අඩු කිරීමට ඉඩ සලසයි.

#6) ඔබ ශක්තිමත් වූ විට - ජීවිතය පහසු වේ. එම රාත්තල් 50ක සුනඛ ආහාර බෑගය ඉහළ රාක්කයෙන් ඉවත් කිරීමට හෝ වායු සමීකරණ ඒකකයක් පඩිපෙළක් උඩට රැගෙන යාමට උදවු ඉල්ලා සිටීම අවශ්‍ය නොවේ. ඔබ ශක්තිමත් වූ විට ජීවිතය පහසු වේ.

#7) දිගු කාලයක් ජීවත් වන්න - පෘථිවියේ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍යද? ශක්තිය පුහුණු කිරීම සහ මාංශ පේශි වර්ධනය කිරීම ඔබට එය කිරීමට උපකාරී වනු ඇත.

Boom!

ශක්තිය පුහුණු කිරීම ඔබේ සෞඛ්‍යය සඳහා ඔබට කළ හැකි හොඳම දේවලින් එකක් වුවද, එය කරන්නේ කාන්තාවන්ගෙන් 20% ක් පමණ වන බව ගණන් බලා ඇත, එය අපගේ පිරිමි සගයන්ට වඩා බෙහෙවින් අඩුය.

Address

No 159, Peellawatta

11566

Website

Alerts

Be the first to know and let us send you an email when fit.x.bull posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share