29/08/2026
මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති මේ තාත්තා එතනට එන්නේ ජනාධිපතිතුමාට සහ දියවඩන නිලමේට අත් දෙක එකතු කරලා නමස්කාර කරලා....
ඒක මේ අපේ සාම්ප්‍රදායික ආයුබෝවන් ! කීමක් නෙමෙයි....
ඔළුව පහත් කරලා යටහත් බව පෙන්වා ආචාර කිරීම....
මාලිගාව ආශ්‍රිතව රාජකාරි කරන ශිල්පීන් නිලමෙලාට දක්වන යටහත් බව ගැන දන්න මිනිස්සු දන්නවා....
ඇවිල්ලා ජනාධිපතිතුමා ඉස්සරහා මුල් වචන ටික කියන්නෙත් බිම බලාගෙන කනට ඇහෙන නෑහෙන ගානට යටහත්ව....
ඒ තාත්තා අවුරුදු හැට නවයක් පෙරහැරේ හොරණෑ පිඹපු වැඩිහිටියෙක්....ඒ කියන්නේ 1956 ඉදලා....
මේ ඔක්කොම ඉස්සරහා පෙරහැරේ ගියපු ඒ මනුස්සයව ලගට අරන් අතින් අල්ලගෙන කතා විස්තර අහන්න පටන් ගත්තමා
" අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ " කියලා ඒ තාත්තට කියවුණා....
ඒවා ආයාසයෙන් මතක තියාගෙන කියන වචන නෙමෙයි....එක වරම හිතට ඇවිල්ලා කියවෙන දේවල්....
නිදහසෙන් පස්සේ හිටපු රාජ්‍යය නායකයෝ සේරම දැකපු මනුස්සයට ඒ සේරටම වඩා මේ මිනිහා මට සමීපයි කියලා දැනෙනවා කියන්නේ
දැන් මේකේ විශේෂත්වය මොකක්ද අහයි ඕකෙන් රටට ඇති වැඩේ මොකක්ද කියලා....
රටට වැඩක් තියෙනවා....ඒක තමා මනුස්සකම ඇති සමාජයක් හදන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සලකන්න ඕන කියන එක...
මිනිහෙක් ඉහලට යන්න යන්න පැහුණු වී කරලක් වගේ බිමට නැමෙන්න ඕන කියලා පැරණි සාහිත්‍යයේ සඳහන් වෙනවා...