YMC SPORT CLUB

YMC SPORT CLUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YMC SPORT CLUB, Sports Team, Siyambalangamuwa.

  🏏💥🏏😍
11/04/2026


🏏💥🏏😍

" මනුස්සකමේ ක්‍රිකට් "     ළඟ එන බක්මහ, අප ප්‍රදේශයේ බාල මහලු කොයි කවුරුත් ඇඟිලි ගණිමින් බලා සිටින මාසයයි. ඒ, අවුරුදු සි...
05/03/2026

" මනුස්සකමේ ක්‍රිකට් "

ළඟ එන බක්මහ, අප ප්‍රදේශයේ බාල මහලු කොයි කවුරුත් ඇඟිලි ගණිමින් බලා සිටින මාසයයි. ඒ, අවුරුදු සිරිය මෙන්ම ඒ සමඟම පැවැත්වෙන "පාල සහ රණවිරු කුසලානය " නැරඹීමේ වුවමනාව නිසාවෙනි. සාමාන්‍යයෙන් තරඟාවලිය ළං වන විට අප කණ්ඩායම ඇතුලු අපගේ සහෝදර කණ්ඩායම් අප ක්‍රීඩා පිටියට එක් වෙනවානම්, ඒ තරඟාවලියට හොඳ සූදානමක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පුහුණු තරඟ ක්‍රීඩාකිරීමටයි. නමුත් ඔබ දකින මෙම ඡායාරූප, ක්‍රිකට් ක්‍රීඩාවෙන් එහාට ගිය මනුස්සකමේ, මෙම වසරේ "ක්‍රිකට්" තරඟාවලියේ මතක සටහන් වෙයි.

සියඹලන්ගමුව YMC කණ්ඩායමේ වසර ගණනාවක අත්දැකීම් තිබෙන, කලක් තිස්සේ නායකත්වය දරමින් කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණ රැසකට නියමුවා වෙමින්, බාල පරම්පරාවට ක්‍රිකට් ක්‍රීඩාවේ ගුරුහරුකම් කියාදෙමින්, ප්‍රදේශයේ කාගේත් ආදරය ලබන අප සියඹලන්ගමුව YMC කණ්ඩායමේ හිටපු නායකතුමන් වන ලක්ෂ්මන් මිහිර බණ්ඩාර මහතා හෙවත් කාගේත් ආදරණීය " ලකි අයියා " ඔහුට බලපා තිබෙන රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. අප ඇතුලු අපේ සහෝදර කණ්ඩායම්වල ක්‍රීඩකයින් පසුගිය දින ගණනාව තිස්සේ හැකි අයුරින් ඔහුගේ සුවදුක් විමසමින්, ඔහු සමඟ කාලය ගත කළහ. ඒ අතරවාරයේ අපගෙන් ඔහුට ඉටුවිය යුතු යුතුකම් ඉටු කරමින්, ඊටත් එහා යමින් අපට කළහැකි තවත් දෙයක් වෙනුවෙන්, YMC අපි අපේ සහෝදරයින් සමඟ එක්ව මෙම තරඟාවලිය ඔහු වෙනුවෙන් සංවිධානය කළෙමු.

එක්දිනක තරඟාවලියක් ලෙසින් පැවැත්වුණු තරඟාවලියට කණ්ඩායම් 06 ක් සහභාගී විය.
YMC, මොරගොල්ලාගම, තරණගොල්ලාගම, මානේරුව, හේරත්ගම සහ කලා මැදවච්චිය යන කණ්ඩායම් මෙහිදී තරඟවැදුණි. ලීග් ක්‍රමයට පැවති තරඟාවලියේ ශූරතාවය අප YMC කණ්ඩායමද, අනුශූරතාවය මොරගොල්ලාගම සහෝදර කණ්ඩායමද හිමිකර ගන්නා ලදී.

මනුසත් භාවය වෙනුවෙන් තම කාලය කැප කරමින්, ඔවුන්ගේ සහෘදයා වෙනුවෙන් ශූරතා මුදලක්වත් බලාපොරොත්තු නොවී මුදල්වලට එහා ගිය ආදරය ද තම තිළිණය සමඟ අප වෙත ලබාදුන් අපේ සහෝදරයින් වෙත සැමදා YMC ගෞරවය පුදකරමු. එමෙන්ම තරඟාවලිය ක්‍රීඩා නොකළද තම ළබැඳි මිතුරා වෙනුවෙන් දායකත්වය පුද කළ පැල්බැඳියාව සහ ආඬියාගල සහෝදරයින් වෙතද අපේ ගෞරවපූර්වක ආදරය පුද කරමු. එමෙන්ම අපට මෙම තරඟාවලිය සාර්ථක කරගැනීමට සෑම අයුරකින්ම දායකත්වය දුන් සෑම දෙනාටම අපේ සහෘදයා වෙනුවෙන් අපේ ස්තුතිය පුද කර සිටින්නෙමු.

සැවොම එක්ව අපේ ආදරණීය "ලකි අයියාට" ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හැකි ඉක්මනින් යළිත් පිටියට පිවිසීමට ආශිර්වාද එක්කරමු ❤️

බක්මහේ අසිරිය සමඟින් පාල සහ රණවිරු කුසලානයේදී හමුවෙමු !!!

❤️‍🩹

සියඹලන්ගමුව YMC ක්‍රීඩා සමාජයේ හදවත බඳු සියඹලන්ගමුව විද්‍යාලීය ක්‍රීඩා පිටිය සුද්ධ පවිත්‍ර කර නැවත ක්‍රීඩාකිරීමට උචිත අය...
08/01/2026

සියඹලන්ගමුව YMC ක්‍රීඩා සමාජයේ හදවත බඳු සියඹලන්ගමුව විද්‍යාලීය ක්‍රීඩා පිටිය සුද්ධ පවිත්‍ර කර නැවත ක්‍රීඩාකිරීමට උචිත අයුරින් සකස් කිරීම අද දිනයේදී (08) සිදු කෙරිණි. ප්‍රදේශයේ පැවැත්වෙන දැවැන්තම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය වන පාල සහ රණවිරු අනුස්මරණ කුසලානය, SPL තරඟාවලිය, දිවා රාත්‍රී තරඟාවලිය සහ තවත් බොහෝ තරඟාවලි පැවැත්වීම සඳහා අතීතයේ පටන්ම සියඹලන්ගමුව YMC ක්‍රීඩකයින් තම නිජබිම කරගත්තේ මෙම ක්‍රීඩා පිටියයි. ඇත්ත වශයෙන්ම හුදෙක් ක්‍රීඩාපිටියක් නොවන මෙම ක්‍රීඩාපිටිය ප්‍රදේශයේ දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිකළ, ප්‍රදේශයේ සෑම ක්‍රීඩකයෙකුගේම පාහේ ආදර ගෞරවයට පාත්‍ර වන ක්‍රීඩා පිටියකි.

අද දින මෙම කාර්යය ඉටුකිරීම සඳහා ඉඩප්‍රස්තාව සහ අද්විතීය වු සහාය ලබාදුන්, වසර ගණනාවක් පටන් YMC සමග එක්ව මනා බැඳියාවකින් යුතුව කටයුතු කරන, අපගේ ඉල්ලීමක් කිසිදාක ඉවත නොදමා හැකි උපරිමයටත් එහා ඉටුකරමින් නොමඳ උපකාර ලබාදෙන පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුමන් වන ජයතිස්ස බණ්ඩාර මහතාණන්ටද, කාර්යයේ නිරතවූ ට්‍රැක්ටර් යන්ත්‍රයේ රියදුරු මහතාණන්ටද, ඇසූ සැනින් කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩාපිටිය අපට ලබාදෙන, අපට සැමදා නොමඳ සහය දෙන අප සියඹලන්ගමුව විදුහලේ විදුහල්පතිතුමන්ටද, සියඹලන්ගමුව YMC ක්‍රීඩා සමාජයේ ගරු සභාපතිතුමන් හා ගරු ලේකම්තුමන් දෙපළටද, මෙම කාර්යය වෙනුවෙන් ඇප කැප වූ සියලු දෙනාටද මෙම කාර්යය වෙනුවෙන් YMC ගෞරවය හා ස්තුතිය පුද කර සිටින්නෙමු.

සිංහල අවුරුද්දේ අසිරියත් සමගින් පාල සහ රණවිරු කුසලානයේදී හමුවෙමු !!!

.

Address

Siyambalangamuwa
60646

Website

Alerts

Be the first to know and let us send you an email when YMC SPORT CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category