Pera Archery

Pera Archery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pera Archery, Sports Team, Peradeniya.

🏹Shoot for Style – Wear the Legacy🎯Get your hands on the official University of Peradeniya Archery Team T-shirt, crafted...
14/08/2025

🏹Shoot for Style – Wear the Legacy🎯
Get your hands on the official University of Peradeniya Archery Team T-shirt, crafted with premium baby pique fabric for unbeatable comfort and a sleek look! 💥
👕 Premium baby pique material – soft, breathable, and built for champions
💰 Pre-order now for Rs. 1000
📅 Pre-orders open until August 28
🔥 Limited stock – don’t miss out!

✅ Fill the Google Form to place your order – hurry!

https://docs.google.com/forms/d/e/1FAIpQLSdHGNvJSChga3hS5tGd2kRWXbgSE8Ud2gX4z8g5PA_Oz1KoEQ/viewform?usp=header

📩 For more details, DM
📞 Pramuditha – 076 539 7132
📞 Lakshila – 076 258 7112

Practice Session At the University 🎯🏹
01/12/2024

Practice Session At the University 🎯🏹

දුනු ශිල්පයේදී භාවිතා කරන විවිධ දුනු වර්ග   1. Recurved Bow -  සාම්ප්‍රදායික දුන්නේ නූතන භාවිතයයි. අතීතයේදී ලී වලින් නිම...
23/11/2024

දුනු ශිල්පයේදී භාවිතා කරන විවිධ දුනු වර්ග


1. Recurved Bow -

සාම්ප්‍රදායික දුන්නේ නූතන භාවිතයයි. අතීතයේදී ලී වලින් නිම කළ මෙම දුනු වර්ගය වර්තමානය වන විට carbon fibre, carbon foam, aluminum වැනි තාක්ෂණිකව උසස් ද්‍රව්‍ය භාවිතයෙන් නිපදවනු ලබයි.

ඔලිම්පික් දුනු විදීමේදී භාවිතා කළ හැකි එකම දුනු වර්ගය මෙයයි. වඩාත් සාර්ථක ඉලක්කයක් ලබාගැනීම සදහා මෙම දුන්නට අමතර උපාංග සම්බන්ධ කළ හැක.


2. Compound Bow -

උපරිම කාර්‍යක්ෂමතාවයක් සහ බලයක් ලබා ගත හැකි වන පරිදි නිපදවා ඇත. අඩු ශක්තියක් වැය කර දුන්න සම්පූර්ණයෙන් ඇදීමට සහ රදවාගැනීමට හැකි වන ලෙස කප්පි සහ රැහැන් පද්ධතියක් මෙහි භාවිතා කරයි. වෙනත් දුනුවලට සාපේක්ෂව වැඩි දුරක් විදීමට හැකි මෙම දුනු විශේෂයට magnifying sights සහ mechanical release aids යෙදීමෙන් වඩාත් සාර්ථක ඉලක්කයක් ලබා ගත හැක.

මෙම දුනු විශේෂය බොහෝ විට ඇලුමිනියම්, carbon fibre සහ fiberglass වලින් නිපදවනු ලැබේ.


3. Longbow -

වසර දහස් ගණනකට පෙර විසූ අති දක්ෂ දුනු ශිල්පීන් විසින් නිපදවා ඇති මෙය එක්සත් රාජධානියට ඓතිහාසිකව සහ සංස්ක්ෘතිකව ඉතා වටිනා දුනු විශේෂයකි. වර්ථමානයේ පවා මෙම දුන්න ලී වලින් නිපදවයි. බොහෝ විට යූ ගසේ ලී මේ සදහා යොදාගන්නා අතර වඩාත් හොද ප්‍රතිඵල සදහා උණ ලී ද යොදා ගනී.


4. American Flatbow -

Longbow හා සමාන නමුත් ලී හැර වෙනත් ද්‍රව්‍යකින් නිපදවන දුනු මෙනමින් හදුන්වයි. මේවා වඩාත් සැහැල්ලු ලෙස නිපදවීම සදහා carbon fiber වුවද භාවිතා කළ හැක.


5. Horse Bow -

මැද පෙරදිග සහ ආසියාතික අශ්වාරෝහක දුනු ශිල්පීන් විසින් භාවිතා කළ දුනු හා සමාන දුනු විශේෂයකි. අසුන් පදින අතරතුර පහසුවෙන් භාවිතා කළ හැකි වන සේ මේවා වඩාත් කවාකාරව හා දිගින් අඩු වන පරිදි නිපදවනු ලැබේ.


6. Crossbow -

යාන්ත්‍රිකව විදීම සිදු කරන තිරස් දුනු විශේෂයකි. මේවා වෙනත් දුනු වර්ගයකට එරෙහිව තරගවලදී භාවිතා කළ නොහැක. මෙම දුනු භාවිතා කෙරෙන තරග කාන්තා-පිරිමි ලෙස කාණ්ඩ දෙකකට යටත් නොකර එකම කාණ්ඩයක් යටතේ පවත්වනු ලබයි.

1. Recurve Bow -

This is the modern equivalent of the traditional bow. Historically, these bows were handmade from wood, while modern recurve bows are built using technically advanced materials such as carbon fiber, carbon foam, and aluminum.

The recurve bow is the only kind of bow that can be used in Olympic archery. These bows are usually fitted with sights and stabilizers to improve the shooting.


2. Compound Bow -

These bows are designed for maximum efficiency and power. Using a system of pulleys and cables means that less physical strength is needed from the archer and it is easier to hold the bow at full draw. Archers can use magnifying sights and mechanical release aids, making the compound much more accurate from a greater distance than other types of bow.

Compound bows are usually made from aluminum, carbon fiber and fiberglass.

3. Longbow -

This is the most historically accurate and traditional kind of bow in the UK, having been made here by highly skilled bowyers for thousands of years. Nowadays longbows are still made from wood - traditionally they were made from yew but there are more sustainable options such as bamboo.


4. American Flatbow -

If a bow corresponds to the traditional form of a longbow but is made from any other material it is called an American flatbow. The flatbow can even be made of carbon fibre making it incredibly lightweight.


5. Horse Bow -

These are based on the bows used by mounted archers in the Middle East and Asia. They are highly recurved and much shorter in length than the other kinds of bows. Their shorter length allows them to be used more easily on horseback.


6. Crossbow -

These are horizontal bows which use mechanisms to draw and release arrows. They cannot shoot against other bow types in the same competition but crossbowmen and women may compete against each other.

Archery, එහෙම නැත්නම් දුනු ශිල්පය කියන්නෙ වර්තමානයේ ලෝකය පුරාම ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. යුධ ශිල්පයක් ලෙස අවුරුද...
15/11/2024

Archery, එහෙම නැත්නම් දුනු ශිල්පය කියන්නෙ වර්තමානයේ ලෝකය පුරාම ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. යුධ ශිල්පයක් ලෙස අවුරුදු දහස් ගණනක් ඈත අතීතයට මුල් විහිදිලා තිබෙන දුනු ශිල්පයට සම්බන්ධව දැනට සොයාගෙන ඇති පැරණිතම පුරාවස්තු ක්‍රි.පූ 20,000 පමණ ඈත යුගයට අයත් වනවා. ඒ වගේම ඊජිප්තු, ග්‍රීක, චීන වගේ පුරාතන ශිෂ්ඨාචාරයන්ට අයත් වුණු මානවයා දඩයම් කිරීමට සහ සටන් වැදීමට දුනු ශිල්පය ප්‍රගුණ කර සිටි බවට සාක්ෂි ලැබී තිබෙනවා.

ක්‍රීඩාවක් වශයෙන් දුනු ශිල්පයේ විකාශය පුරාණ ග්‍රීක ඔලිම්පික් උළෙල දක්වා විහිදෙනවා. පුරාණ ඔලිම්පික් උළෙලේද දුනු විදීමේ තරඟ ක්‍රියාත්මක වුණු බව සඳහන් වනවා. ඒ වගේම ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන්ට අයත් වූවන් තමන්ටම ආවේණික වුණු ශිල්ප ක්‍රම නිර්මාණය කර ගනිමින්, තමන්ටම ආවේණික වුණු දුනු ශිල්පයන් ප්‍රගුණ කර තිබෙනවා. උදාහරණ වශයෙන් ජපානයේ kyudo දුනු ශිල්පය සහ ඉතා බිහිසුණු ශිල්පයක් වන ඉංග්‍රීසි දිගු දුනු ශිල්පය දක්වන්න පුළුවන්.

මධ්‍යතන යුගය වනවිට දුනු ශිල්පය ආරක්ෂක කටයුතුවලදී අත්‍යවශ්‍ය සටන් කලාවක් බවට පත් වනවා. යුධමය තත්වයන් වලදී ලොව සෑම රාජ්‍යයක්ම පාහේ දුනු ශිල්පය භාවිතා කර තිබෙන අතර විශේෂයෙන්ම, ශතවර්ෂ යුද්ධයේදී එංගලන්තය සහ ප්‍රංශය අතර ඇති වුණු දරුණු සටනක් වන ඇජින්කෝට් (Agincourt) සටනේදී එංගලන්තයට ජය අත් කර දීම සඳහා ඔවුන්ටම ආවේණික වූ දිගු දුනු ශිල්පය විශාල කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් වනවා.

කෙසේවෙතත් පසුකාලීනව වෙඩිබෙහෙත් සහ ගිනිඅවි නිපදවීමත් සමඟ යුධමය වශයෙන් දුනු ශිල්පයට පැවති ඉල්ලුම පහළ බහිනවා. එහෙත් ලෝකයෙන් තුරන් වී නොයන මේ විශිෂ්ට සටන් ශිල්පය, ක්‍රීඩාවක් ලෙස ලෝකය පුරා ප්‍රචලිත වන්නට පටන් ගන්නවා.

වර්තමානය වන විට, විවිධාකාර දුනු විදීමේ තරඟ ලෝකය පුරා ක්‍රියාත්මක වන අතර දුනු ශිල්පය සඳහාම වන ක්‍රීඩා සමාජ සහ සංවිධාන පවා පිහිටුවා තිබෙනවා. ක්‍රීඩාවක් වශයෙන් දුනු ශිල්පයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් 1900 වසරේ පැරිස් ඔලිම්පික් උළෙලට දුනු විදීම ඇතුළත් වනවා. එහෙත් ක්‍රමවත් නීති පද්ධතියක් නොමැති වීම නිසා 1920 වසරෙන් පසු ඔලිම්පික් උළෙලින් දුනු ශිල්පය ඉවත් කෙරෙනවා. කෙසේවෙතත් 1931 වසරේ දුනු ශිල්පයේ උන්නතිය උදෙසා International Archery Federation පිහිටුවීමත් සමඟ විධිමත් නීති රීති පද්ධතියකට යටත්ව, ජාත්‍යන්තර මට්ටමේ තරඟ සංවිධානය කෙරෙන, ලොව පුරා පිළිගත් ක්‍රීඩාවක් බවට දුනු ශිල්පය පත් වනවා. ඉන් පසුව 1972 වසරේදී යළිත් වරක් ඔලිම්පික් උළෙලේ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට දුනු ශිල්පය සමත් වනවා.

අද වන විට target archery, field archery, 3D archery ආදී විවිධ තරඟ ඉසව් ඔස්සේ ලෝකයේ බොහෝ ජනාදරයට පත් දුනු ශිල්පීන් ශිල්පිනියන් බිහි වෙලා තිබෙනවා. ඒ වගේම නූතන තාක්ෂණය යොදා ගනිමින් උසස් මට්ටමේ දුනු ඊතල ඇතුළු උපකරණ ද නිපදවමින් පවතිනවා. මේ ආකාරයට ලෝකයේ සිව්දිගම අඛණ්ඩ ජනප්‍රියත්වයක් අත්පත් කරගනිමින් පවතින දුනු ශිල්පය හැදෑරීමට වර්තමානයේ බොහෝ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු වනු ද දකින්නට ලැබෙනවා.

ඔබත් ඒ නවකයන් අතරින් කෙනෙක්ද?

| University of Peradeniya  ARCHERY TEAM 24  |🏹🎯
17/10/2024

| University of Peradeniya ARCHERY TEAM 24 |🏹🎯

Address

Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Pera Archery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category