Hiru Sports

Hiru Sports Hiru Sports Corner

"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයිආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සහ අට වතාවක් බැලන් ඩි'...
31/08/2026

"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි

ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සහ අට වතාවක් බැලන් ඩි'ඕර් (Ballon d’Or) සම්මානයෙන් පිදුම් ලැබූ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආජෙන්ටිනාව දෙවන ස්ථානය ලබා ගැනීමෙන් අනතුරුව, ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් මෙම සංවේදී තීරණය ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයක්.

වසර 20ක දීර්ඝ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් කරමින් මෙසී තැබූ සටහනේ මෙසේ සඳහන්,

"ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව බොහෝ දුරට සිතා බල අමාරුවෙන් නමුත් මම මෙම තීරණය ගත්තා. ජාතික කණ්ඩායමෙන් සමුගැනීමට මෙය නිවැරදිම මොහොත බව මට සිතෙනවා. මම සෑම විටම මගේ උපරිමය ජාතික කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. මට දැන් ලබා දීමට තවත් කිසිවක් ඉතිරිව නැහැ. එමෙන්ම කණ්ඩායමට පැමිණීමට සුදුසු දක්ෂ නැගී එන යෞවන ක්‍රීඩකයින් රැසක් සිටිනවා."

තමන්ට සහය දැක්වූ සියලුම ප්‍රේක්ෂකයින්ට, පවුලේ සාමාජිකයින්ට, නායකයින්ට සහ කණ්ඩායම් සගයන්ට ස්තූතිය පුදකළ මෙසී, මින් ඉදිරියට පිටත සිට කණ්ඩායමට සහය දක්වන බවද සඳහන් කර තිබෙනවා.

2014 සිට 2016 දක්වා කාලය තුළ අවසන් මහා තරග 3ක් පරාජය වීම නිසා එකල ද දැඩි විවේචන හමුවේ මෙසී ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර, පසුව ප්‍රේක්ෂක ඉල්ලීම මත නැවත කණ්ඩායමට එක්වුණා.

අනතුරුව ලියොනල් ස්කලෝනිගේ පුහුණුකාරිත්වය යටතේ 2021 කොපා ඇමෙරිකා කුසලානය, 2022 පාපන්දු ලෝක කුසලානය සහ 2024 කොපා ඇමෙරිකා කුසලානය ජයග්‍රහණය කිරීමට මෙසී ප්‍රමුඛ ආජෙන්ටිනා කණ්ඩායම සමත් වුණා.

ලියොනල් මෙසී ආජෙන්ටිනාව වෙනුවෙන් තරග 207කට සහභාගී වී ගෝල 125ක් රැස්කරමින් මෙලෙස ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීම නිවේදනය කරනු ලැබුවා.

ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්ඩුබායි ජාත්‍යන්ත...
29/08/2026

ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ දෙවන තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පරදවා කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (29) සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, එහිදී, පන්දුවට පහරදුන් UAE කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 19.5කදී ලබාගත හැකිවූයේ ලකුණු 79ක් පමණයි.

UAE පිල වෙනුවෙන් නායිකා ඒෂා ඕෂා ලකුණු 18ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිය පළමු 20/20 තරගයට එක්වූ චේතනා විමුක්ති ලකුණු 16කට කඩුලු 3ක් සහ මිථාලි අයෝධ්‍යා ලකුණු 14කට කඩුලු 3ක් බැගින් දවාගත්තා.

එමෙන්ම, සුගන්දිකා කුමාරි කඩුලු 2ක් දවාගත්තා.

අනතුරුව, ලකුණු 80ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 7.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

නායිකා චමරි අතපත්තු නොදැවී ප්‍රහාරාත්මක ලකුණු 48ක් (පන්දු 25යි, හතරේ පහර 7යි, හයේ පහර 2යි) රැස්කළ අතර ඉමේසා දුලානි ලකුණු 25ක් ලබා ගත්තා.

26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජයචීනයේ සුෂෝ හිදී පැවැත්වෙන 2026 ආසියානු සෙවන්ස් රග්බි තරගාවලියේ (Asia Rugb...
29/08/2026

26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය

චීනයේ සුෂෝ හිදී පැවැත්වෙන 2026 ආසියානු සෙවන්ස් රග්බි තරගාවලියේ (Asia Rugby Men's Sevens Series) පළමු අදියරේ 'C' කාණ්ඩය (Group C) යටතේ පැවැති තරගයකදී ශ්‍රී ලංකා පිල පරදවා ජය හිමිකර ගැනීමට චීන රග්බි පිල සමත් වුණා.

ඒ ලකුණු 26 - 19 ක් ලෙසයි.

සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග : මීටර් 92.07ක සුපිරි දස්කමක්ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙ...
27/08/2026

සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග : මීටර් 92.07ක සුපිරි දස්කමක්

ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන, ඩයමන්ඩ් ලීග් 2026 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.

මීටර් 92.07ක සුපිරි විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කරමින් ඔහු, නැවත වරක් තමන් ලොව හෙල්ලය විසි කිරීමේ ශූරයා බව තහවුරු කළා.

රුමේෂ් හා කරටකර තරගකළ ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් එම තරගයේ දෙවැනි ස්ථානයට පත් වූයේ මීටර් 86.93ක විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කරමින්.

මෙම තරගයේ තෙවැනියා බවට පත්වූයේ පෝලන්ත ක්‍රීඩක ඩාවිඩ් වෙග්නර්.

ඔහු මෙම තරගයේදී පෙන්නුම් කළ සිය උපරිම දක්ෂතාවය ලෙස සටහන් කළේ, මීටර් 85.16ක විසිකිරීමේ දක්ෂතාවක්.

දැඩි තරගකාරී බවක් තරග ආරම්භයේ සිටම මෙම තරගය තුළ පෙනෙන්නට තිබූ අතර, රුමේෂ් සිය ආධිපත්‍ය තහවුරු කළේ පීටර්ස්ට වඩා මීටර් 5.14ක විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කරමින්.

ලෝක ටෙස්ට් ශූරතා සටහනේ 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට – දෙවන තරගයේ සමතාවයෙන් ඉන්දියාවේ ප්‍රසාද ප්‍රතිශතය පහතටකොළඹ එස්.එස්.සී (...
27/08/2026

ලෝක ටෙස්ට් ශූරතා සටහනේ 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට – දෙවන තරගයේ සමතාවයෙන් ඉන්දියාවේ ප්‍රසාද ප්‍රතිශතය පහතට

කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ, 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

මෙම තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 4 බැගින් හිමි වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව තරග 6කින් ලකුණු 24ක් ලබා ගනිමින් 33.33%ක ප්‍රසාද ලකුණු ප්‍රතිශතයක් සහිතව 6 වන ස්ථානයේ පසුවෙනවා.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජයගත් ඉන්දියාව තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් වුවද, දෙවන තරගයේ සමතාව හේතුවෙන් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 53.33% සිට 51.52% දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව තරග 11කින් ලකුණු 68ක් ලබා ගනිමින් සටහනේ 5 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා.

පළමු ඉනිමේදී ලකුණු 213ක පරතරයක් සහිතව පසුපසින් සිටිමින් දෙවන ඉනිම (Follow-on) ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් දිනයේදී දැක්වූ විශිෂ්ට සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ජයග්‍රාහී බලාපොරොත්තු සුන් කිරීමට සමත් වූ අතර, . පළමු ඉනිමේදී ලකුණු 103ක් ලබාගත් සොනාල් දිනුෂ, දෙවන ඉනිමේදී ද පන්දු 264කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 133ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් දක්වා ඉහළට ගෙන ආවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙසේයි,

ඔස්ට්‍රේලියාව – 80.00%

දකුණු අප්‍රිකාව – 75.00%

නවසීලන්තය – 72.22%

බංග්ලාදේශය – 55.56%

ඉන්දියාව – 51.52%

ශ්‍රී ලංකාව – 33.33%

එංගලන්තය – 29.76%

බටහිර ඉන්දීය කොදෙව් – 20.83%

පාකිස්ථානය – 19.05%

සොනාල් දිනුෂගේ සටන්කාමී ශතකයෙන් දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි – තරගාවලියේ ජය 1-0ක් ලෙස ඉන්දියාවටකොළඹ එස්.එස්.සී (SSC...
27/08/2026

සොනාල් දිනුෂගේ සටන්කාමී ශතකයෙන් දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි – තරගාවලියේ ජය 1-0ක් ලෙස ඉන්දියාවට

කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (27) අවසන් වුණා.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගය ජයගෙන තිබූ ඉන්දීය කණ්ඩායම තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඒ අනුව ජය ගත්තා.

තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව විශිෂ්ට සටනක නිරත වූ සොනාල් දිනුෂ නොදැවී ලකුණු 133ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම පරාජයෙන් මුදා ගැනීමට සමත් වුණා.

පන්දු 264කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 503ක් රැස් කරමින් ඉනිම අත්හිටවූ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා කෙරුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ද කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ සොනාල් දිනුෂ ලකුණු 103ක් ලබා ගත්තා.

ලකුණු 213ක පසුපසින් සිටිමින් දෙවන ඉනිම (Follow-on) ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 429ක් රැස් කර ගත්තා.

සොනාල් දිනුෂට අමතරව දෙවන ඉනිමේදී පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් ද, කේෂර නුවන්ත ලකුණු 46ක් ද රැස් කරමින් තරගය ජය පරාජයෙන් තොරව කෙළවර කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

"සොනාල් දිනුෂ සචින් වගෙයි!" – BCCI උප සභාපතිගෙන් විශිෂ්ට ඇගයීමක්ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී දක්වන ලද ස...
27/08/2026

"සොනාල් දිනුෂ සචින් වගෙයි!" – BCCI උප සභාපතිගෙන් විශිෂ්ට ඇගයීමක්

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී දක්වන ලද සුපිරි පිතිහරඹය හේතුවෙන් 25 හැවිරිදි ශ්‍රී ලංකා යොවුන් පිතිකරු සොනාල් දිනුෂ කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

සොනාල් දිනුෂගේ මෙම ක්‍රීඩා විලාසය අගය කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) උප සභාපති රජීව් ශුක්ලා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දිනුෂ, ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මෙන් පෙනෙන බවත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වීමේ හැකියාව ඔහු සතු බවයි.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත මෙම තරගාවලියේදී ශතක 3ක් රැස් කිරීමට සොනාල් දිනුෂ සමත් වුණා.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පිළිවෙලින් ලකුණු 100ක් සහ ලකුණු 84ක් රැස් කළ ඔහු, කොළඹ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ද ලකුණු 103ක් ලබා ගත් අතර, දෙවෙනි ඉනිමටද ශතකයක් වාර්තා කළා.

ඉන්දීය දඟපන්දු යවන්නන්ට එරෙහිව දැක්වූ පරිණත පිතිහරඹය සහ තරගාවලිය පුරා දැක්වූ ස්ථාවර භාවය හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද දැඩි පැසසුමට ලක්වූ සොනාල් දිනුෂ, මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

ලාරාගේ වාර්තාව වසර 25 කට පසු සොනාල් දිනූෂ බිඳ දමයිකොළඹ SSC ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍...
27/08/2026

ලාරාගේ වාර්තාව වසර 25 කට පසු සොනාල් දිනූෂ බිඳ දමයි

කොළඹ SSC ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදී වාර්තාගත ශතකයක් ලබා ගැනීමට සොනාල් දිනූෂ අද (27) සමත් වුණා.

එය ඔහුගේ 03 වන ටෙස්ට් ශතකය මෙන්ම පිට පිට ලබාගත් දෙවන ශතකයයි.

මීට පෙර SSC පිටියේ ටෙස්ට් තරගයකදී ඉනිම දෙකෙහිදීම පිට පිට ශතක වාර්තා කර තිබුණේ කොදෙව් හිටපු ක්‍රිඩක බ්‍රයන් ලාරායි.

ඒ 2001 වසරේදීයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල...
31/07/2026

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්

ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද (01) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා.

ඒ මීටර් 89.75ක් දුර හෙල්ල විසි කිරීමෙන් සිය දක්ෂතාවය විදහා දක්වමින්.

එමෙන්ම මෙම තරගයේ රිදී පදක්කම ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රාත්, ලෝකඩ පදක්කම ඉන්දීය ක්‍රීඩක යශ් වීර් සිංටත් හිමිවුණා.

Address

Hiru Life Studio, No. 507-509, Nagahamulla Junction, Pannipitiya Road, Pelawatte
Pelawatta
10120

Alerts

Be the first to know and let us send you an email when Hiru Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiru Sports:

Shortcuts

Share

Category