15/08/2026
“ආදරණීය සැමියා” ඔබේ දෑතට පැමිණෙන මොහොත හෙටයි. 📖✨
ජීවිතයේ හුඟක් තැන්වලදී අපිට හමු වෙනවා කියන්න හිතෙන, ඒත් වචන කරගන්න බැරිවුණු ආදරණීය හැඟීම්... ❤️
විශේෂයෙන්ම විවාහ ජීවිතයක් ඇතුළේ එකිනෙකාව තේරුම්ගැනීම සහ නිවැරදි සන්නිවේදනය කියන්නේ මොන තරම් සුන්දර, ඒ වගේම පරිස්සමෙන් අල්ලගන්න ඕන තැනක්ද?
බිරිඳක් විධියට මගේම ස්වාමිපුරුෂයාගේ හදවත තේරුම්ගන්න ගත්ත උත්සාහයක්, අද ශ්‍රී ලංකාවේ ආදරණීය සැමියන් වෙනුවෙන් ලියවුණු මනෝවිද්‍යාත්මක ස්වයං-උපකාරක ග්‍රන්ථයක් බවට පත්වෙලා. 🧠❤️
ඒ තමයි...
“ආදරණීය සැමියා” ❤️📖
මාස ගණනාවක් පුරා මගේ හදවතින්ම විඳිමින්, අත්විඳිමින්, අකුරු කළ ඒ ආදරණීය පිටු අතර ඔබ වෙනුවෙන්ම තැන්පත් කළ ආදරයේ අනුපමේය රහස් දැන් හෙළිවෙන්නට සියල්ල සූදානම්. ✍️❤️✨
🗓️ අගෝස්තු 16 වනදා
⏰ පස්වරු 4.00ට
📍 Sun Kissed Lagoon – මීගමුව
“ආදරණීය සැමියා” නිල වශයෙන් ජනගත වන මේ සොඳුරු සන්ධ්‍යාව විශේෂිත ආරාධිතයින් වෙනුවෙන්ම වෙන්වූ ගෞරවනීය අවස්ථාවක්. ✨🥂
මෙම සුවිශේෂී මොහොත තවත් අර්ථවත් කරන්නට මනෝවිද්‍යාව, උපදේශනය, මානව හැකියා සංවර්ධනය, ව්‍යාපාර හා පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් අප හා එක්වීමට නියමිතයි. 👥🧠
🎖️ ප්‍රධාන ආරාධිත අමුත්තා
දේශ විභූෂණ, කීර්ති ශ්‍රී, විශ්ව කීර්ති, සමාජ සේවා කීර්ති, දේශමාන්‍ය, සාම විනිසුරු, කථිකාචාර්ය, ප්‍රවීණ ලේඛක, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක ආචාර්ය රවින්ද්‍ර නිකපිටිය මහතා
💼 සම්මානලාභී ව්‍යාපාරික හා මූල්‍ය ජනමාධ්‍යවේදී, ආයතනික පුහුණුකරු
ප්‍රමේෂ් වික්‍රමසිංහ මහතා
🚀 පුද්ගල අභිප්‍රේරක, මානව හැකියා සංවර්ධන උපදේශක සහ පරිවර්තනීය මාර්ගෝපදේශක
ප්‍රමෝද් වීරරත්න මහතා
🧠❤️ පවුල් සහ විවාහ මනෝඋපදේශක
ඔෂාන් බමුණුආරච්චි මහතා
🎤 මෙම සොඳුරු සන්ධ්‍යාවේ වැඩසටහන මෙහෙයවමින් අප හා එක්වන්නේ දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම ජනප්‍රිය පූරකවරයෙකු වන ශෙහාන් මලික්.
ඒ වගේම ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන්, හෙට හැන්දෑව ආදරයෙන්, දැනුමෙන් සහ මතකයේ රැඳෙන අත්දැකීම්වලින් පිරී යනු ඇත. ❤️🧠✨
අවුරුදු ගණනාවක් මගේ හිතේ තිබුණු හීනයක් ආදරණීය බිරිඳකගේ ආදරණීයම ප්‍රාර්ථනාවක්... ❤️
අද ඔබ හැමෝගෙම දෑතට පත්කරන්න මම පෙරුම් පුරනවා.
සියල්ල සූදානම්... ✨
මගේ හදවතින් ලියවුණු
📖 “ආදරණීය සැමියා”
ආදරයෙන් වැළඳගන්න ඔබත් සූදානම්ද? ❤️✨