23/11/2022
🚨
පිට පිට ජයග්‍රහණ 36කට පස්සේ ආජන්ටිනාවේ ජයග්‍රාහී බල පවුර බිඳ දමන්න ඔවුන්ට හැකි වෙනවා.
ඒ අනුව වර්තමානයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වෙනි තැන පසුවෙන ආජන්ටිනාව ලෝක ශ්‍රේණිගත කිරිම්වල 51 වෙනි තැන ඉන්න සෞදි අරාබිය හමුවේ නොසිතූ පරාජයක් ලබනවා. ඒකත් ලෝක කුසලානයක,
අවුරුදු 13කට පස්සේ තමයි ආජන්ටිනාව වෙනුවෙන් මෙසී ගෝල වාර්තා කරලා ආජන්ටිනාව ඒ තරගය පරාජය වෙන්නේ...!
ඉතිං මේ ජය සෞදි අරාබියට ඉතිහාසගත ජයක්,
සමරන්න ඕනි ජයක්...
අන්න ඒ නිසාමයි සෞදි අරාබියේ රජු විසින් අද දවස ඔවුන්ගේ රටේ ජාතික නිවාඩු දිනයක් විදිහටත් නම් කරන්නේ,
ගෝල දෙකකින් රටකට නිවාඩු දෙන්න පුළුවන් වෙනවා.
ලෝක කුසලානයක චමත්කාරය මෙයයි.
ඒ චමත්කාරය ඉහවහ යන්න මෙවැනි Upsets වෙන්න ඕනි.
දුක යනු,
ලෝක පූජිත ලයනල් මෙසීගේ පස්වෙනි සහ අවසන් ලෝක කුසලානයේදී ඔහුට මෙවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනු එක 💔
හැබැයි ඉතිං මෙවැනි සිදුවීම් තුලින් පාඩම් ඉගෙනගෙන ශක්තිමත්ව නැගිටින එකයි වටින්නේ ♥️💪🇦🇷
උපුටා ගැනීමකි