04/09/2026
Isanka Pramuditha ❤️🏏
අද ඔහු පිටියට එන්නේ පිත්තක්වත් පන්දුවක්වත් අතේ අරගෙන නෙවෙයි…! 🫣
නමුත් අද ඔහු මුහුණ දෙන්නේ වෙනස්ම අභියෝගයකට…
වෙනස්ම වේදිකාවකට…
මුළු ශ්‍රී ලංකාවම නියෝජනය කරමින්! ❤️🇱🇰
අපේ ක්‍රිකට් පවුලේ සාමාජිකයෙකු වන ඉසංක ප්‍රමුදිත, මේ දින වල පැවැත්වෙන Manhunt International 2026 තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක වේදිකාවට පියවර තබනවා. 🌎🔥
ක්‍රිකට් පිටියේදී ඔහු සමඟ තරග කළ, ඔහු සමඟ ජයග්‍රහණ සැමරූ අපිට අද මේ මොහොත විශේෂයි. මොකද… අද තරග කරන්නේ අපේම කෙනෙක්! ❤️
2018 Face of Asia Male ජයග්‍රහණයෙන් ඇරඹුණු ඔහුගේ ගමන අද ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර වේදිකාවක් දක්වා පැමිණ තිබීම අපට මහත් ආඩම්බරයක්. 🇱🇰👏
Isanka, අද ඔබ තනිවම මේ ගමන යන්නේ නැහැ.
ඔබ පිටුපස ඔබේ පවුල, මිතුරන් සහ ඔබ සමඟ ක්‍රිකට් පිටියේ දහදිය හෙළූ ඔබේ ක්‍රිකට් පවුල ඉන්නවා. ❤️
විශ්වාසයෙන් ඉදිරියට යන්න.
ඔබේ හැකියාව පෙන්වන්න.
ශ්‍රී ලංකා ධජය ආඩම්බරයෙන් රැගෙන යන්න. 🦁🔥
Play your part. Believe in yourself. Carry the Sri Lankan spirit with pride. And most importantly, enjoy every moment of the journey. ❤️
We are all behind you! ❤️🏏🇱🇰
Go out there and make Sri Lanka proud! 🔥🦁
Manhunt International 🥳