06/12/2025
මේක ලියන්නෙ පට්ටම දුකෙන් මචං 🥺💔
ගංවතුර නායයෑම් ඇවිත් අදට හරියටම සතියයි..
ගිය සතියෙ නම් හරියටම අද වගේ දවසක මේ කොල්ලා පාරට බැහැලා බඩී ලොරියක් හොයාගෙන වැස්සෙම මිනිස්සුන්ගෙන් ආධාර එකතු කරගෙන තරුණ සේවා සභාව එක්කත් එකතුවෙලා නායගිය ගංවතුරෙන් උන් හිටි තැන් නැතිඋන මිනිස්සු වෙනුවෙන් පට්ටම සානුකම්පිතව ගේමක් ගැහුවා...❤️🙏
ඒක එහෙම නෙවෙයි කියන්න උඹට මට කාටවත් බෑ මචං....
ලිජෙන්ඩ්ලා කියලා කියන අනිත් ඔක්කොම යූ ටියුබ් කාරයොන්ගේ, ටික්ටොක් කාරයොන්ගේ, ෆේස්බුක් කාරයොන්ගේ ඇස් ඇරුනේ ඊට පස්සේ..
මාර්ක් සකර්බර්ග්ට පිං සිද්ද වෙන්න ෆේස්බුක් එකෙන් මෙච්චර හරියක් කරන්න පුලුවන්ද කියන එකත් මුලින්ම උරගාලා බැලුවේ ත්‍රීපෝශ සුදේශ් මචං..ඒකේ ආයේ දෙකක් නෑ...
ගිය සතියේ සිකුරාදා උඹලට දෙවියෙක් වගේ පෙනිච්ච ඌ හරියටම දවස් හතකින් උඹලට හොරෙක් විදියට පේන්න ගන්නවා...
හරිම දුකයි මචං...පට්ට දුකයි...
ලංකාවේ ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා කියපු කතාව හරියටම හරි බං.. ඒක කියපු එකාගේ කටට මසුරං දාන්න වටිනවා...
කොහොම උනත් උඹ මේ සතියක් තිස්සෙ අනිත් මිනිස්සු වෙනුවෙන් මැරුන හැටි ඇස් දෙකින්ම දැක්කා..
ඉතිං ඔව් උඹ හරි... මේ හොඳටම ඇති.. තව දුරටත් හොරා කියන ලේබලේ ඇතුලේ උඹ කැපවෙන්න අවශ්‍ය නෑ...
මගේ රට වෙනුවෙන්, මගේ රටේ අසරණ වුන් වෙනුවෙන් කරපු හැමදෙකටම උඹට හුඟක් පිං මචං ත්‍රීපෝෂ 🙏❤️
ගුණමකුවෙක් නොවී ඌ වෙනුවෙන් ස්තූති කරන්න උඹලට කොමෙන්ට් සෙක්ශන් එක විවෘතයි...👇
ගංවතුර සතිය ඉවරයි...ඔය ළමයි දැන් ගෙදර යන්න 🫠🙋♀️