IMO Sri Lanka

IMO Sri Lanka International Muaythai Organization - Sri Lanka

මෙම තරගාවලිය නොවැම්බර් මස දක්වා කල් දමා ඇති අතර එය පැවැත්වෙන රට සහ දින ඉදිරියේ දී දැනුම් දෙන්නෙමු.
05/06/2025

මෙම තරගාවලිය නොවැම්බර් මස දක්වා කල් දමා ඇති අතර එය පැවැත්වෙන රට සහ දින ඉදිරියේ දී දැනුම් දෙන්නෙමු.

International Muaythai Organization  අනුබද්ධිත IMO Sri Lanka  පළාත් සහ  දිස්ත්‍රික් නියෝජිතයන් / පුහුණුකරුවන් පත් කිරීම ...
23/04/2025

International Muaythai Organization අනුබද්ධිත IMO Sri Lanka පළාත් සහ දිස්ත්‍රික් නියෝජිතයන් / පුහුණුකරුවන් පත් කිරීම සිදු කෙරේ.ඔබගේ සුදුසුකම් හා විස්තර 0774085385 whatsapp කරන්න.

06/03/2025
16/01/2025
29/08/2024

ජාත්‍යන්තර මුයිතායි තරගාවලියේදී ශ්‍රී ලාන්කීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් දස්කම්

ජාත්‍යන්තර මුයිතායි සංවිධානය මගින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර මුයිතායි තරගාවලිය පසුහියදා නේපාලයේ කත්මණ්ඩු නුවරදී අවසන් වුනා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ දස්කම් දැක්වීමට සමත්වුනා.

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලය යන රටවල් ති‍්‍රත්වයේ තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය 2024 අගෝස්තු මස 22 වන දින සිට 24 දක්වා පැවැත්වුනා

1. අචින්ත රුක්ෂාන් රන් පදක්කම.
2. තිසර අංජන රන් පදක්කම.
3. මෙතුක සසි ̈ රිදී පදක්කම.
4. ධනංජය සෞම්‍ය රිදී පදක්කම.
5. කාංචන දිල්ෂාන් රිදී පදක්කම

29/08/2024

🚨 නේපාලයේ පැවති ජාත්‍යන්තර මූයිතායි තරඟාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

ජාත්‍යන්තර මූයිතායි සංවිධානය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාව ඉන්දියාව සහ නේපාලය යන රටවල් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් නේපාලයේ ජිම්කාතා මුයිතායි හීදි පැවති ජාත්‍යන්තර මුයිතායි තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදි පදක්කම් තුනක් සමඟින් සමස්ත පදක්කම් 5 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

එහිදී 91Kg ට වැඩි බර පන්තියේ රන් පදක්කම හා IMO බඳපටිය ජයග්‍රහණය කිරීමට අචින්ත රුක්ෂාන් සමත් වුනු අතර 52Kg බර පන්‍තියේ රන් පදක්කම දිනාගැනීමට තිසර අංජන සමත්වුනා. අවුරුදු 9 න් පහළ 30Kg බර පන්‍තියේ රිදී පදක්කම කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ මෙතුක සසිලු ක්‍රීඩකයා දිනාගද්දි 60Kg වෘත්තීය ප්‍රධාන ඉසව්වේ රිදී පදක්කම ධනංජය සෞම්‍ය ක්‍රීඩකයා දිනා ගැනීමට සමත්වුණා.

57Kg බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුනේ කාංචන දිල්ෂාන් ක්‍රීඩකයා විසිනුයි. පසුගිය අගෝස්තු 22 වනදා සිට 24 වනදා දක්වා පැවති මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමිල් නිශාන්ත හා කණ්ඩායම් කළමනාකරු ලෙස සුමිත් නාමල් ඇතුලු ක්‍රීඩකයින් පස් දෙනෙකු සහභාගී වී තිබුණා.

Address

Kurunegala
Kurunegala

Telephone

+94774085385

Website

Alerts

Be the first to know and let us send you an email when IMO Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IMO Sri Lanka:

Share

Category