20/06/2023
සනත් ජයසූරියගේ යෝධ සෙවණැල්ලට වැසුණු
ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවා
ඔන්න යාලුවනේ මේක තමා මම පේජ් එකෙන් ලියන පලවෙනි ආටිකල් එක.සනත් ජයසූරිය කවුද කියලා ඇහුවොත් නොදන්න කෙනෙක් නැතිම තරම්,ඒ මොකද කිව්වොත් ජයසූරියගේ ෂොට්ස්,දිනවපු මැච් අපේ හිත් වල තාමත් කාවැදිලා තියෙන හින්දා,ඉතින් අපි අද කතා කරන්නෙ සනත් ජයසූරිය ගැන නම් නෙවේ. ඔහු වැනිම ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙක් වුණ අවාසනාවකට ඒතරම් තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි වුණු ක්‍රීඩකයෙක් ගැනයි.
ඔහු නමින් සමන් ජයන්ත,1974 ජනවාරි 26 දින අම්බලන්ගොඩදී උපත ලද ජයන්ත ක්‍රිකට් දිවිය ආරම්භ කරනු ලැබුවේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ඔස්සේය.දකුණත් පිතිකරුවෙක් වුණ ඔහු දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකි.
තම මංගල පලමු පෙළ තරඟය 1993 දී ක්‍රීඩා කළ ඔහු පලමු පෙළ තරඟ 172කදී ඉනිම් 291ක් ක්‍රීඩා කරමින් ලකුණු 9568ක් රැස්කරගෙන ඇති අතර ඔහුගේ පලමුපෙල ලකුණු සාමාන්‍යය 34.66කි. එහිදී ඔහු අර්ධ ශතක 45ක් සහ ශතක 18ක් ලබා ඇති අතර ඔහුගේ ඉනිමක වැඩිම ලකුණ 257කි.එමෙන්ම ඔහු පලමුපෙල උඩපන්දු 118ක්ද රැකගෙන තිබෙනවා.තවද පලමුපෙල කඩුලු 131ක් දවාගෙන ඇති ඔහුගේ පන්දුවාරයකට ලබාදී ඇති ලකුණු සාමාන්‍යය 2.55කි.එසේම පලමුපෙළ කඩුලු 5 අවස්ථා 2ක් ලබාගෙන ඇති ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 54කට කඩුලු 5ක් වේ.ඔහු ක්‍රීඩා කළ අවසන් පලමුපෙළ තරඟය වූයේ බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය අතර 2014 මාර්තු 21 පැවති තරඟයයි.
1994 වසරේදී List A සංචිතය සමඟ එක්වූ ඔහු තරඟ 150කදී ඉනිම් 148ක් ක්‍රීඩා කරමින් ලකුණු 3955ක් රැස්කරගෙන ඇති අතර ඔහුගේ ලකුණු සාමාන්‍යය 29.2ක් වේ.එහිදී ඔහු List A අර්ධ ශතක 25ක් සහ ශතක 3ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ඉනිමක වැඩිම ලකුණ 147ක් වේ.එමෙන්ම ඔහු උඩපන්දු 50කට සහ ස්ටම්ප් අවස්ථා 2කට ද ඔහු දායක වී ඇත.තවද List A කඩුලු 57ක් ලබාගෙන ඇති ඔහු පන්දුවාරයකට ලබාදී ඇති ලකුණු සාමාන්‍යය 3.94කි.එසේම ඔහු කඩුලු 4 අවස්ථා 1ක් ලබාගෙන ඇති ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 15කට කඩුලු හතරකි.ඔහු ක්‍රීඩා කළ අවසන් List A තරඟය වූයේ පානදුර සහ බදුරලිය කණ්ඩායම් අතර 2013 දෙසැම්බර් 9 දින පැවති තරඟයයි.
2004දී පොලිස් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර පැවති තරඟයේදී විස්සයි විස්ස වරම් ලබාගත් සමන් ජයන්ත තරඟ 16කදී ඉනිම් 15ක් ක්‍රීඩා කරමින් ලකුණු 403ක් රැස්කරගෙන ඇති අතර ඔහුගේ ලකුණු සාමාන්‍යය 36.63ක් හා Strike Rate එක 146.54ක් වේ.ජයන්ත විස්සයි විස්ස පිටියේදී අර්ධ ශතක තුනක් ලබාගෙන
ඇති අතර ඔහුගේ ඉනිමක වැඩිම ලකුණ 84ක් වේ.එමෙන්ම ඔහු උඩපන්දු 6ක් රැකගෙන ඇත.තවද විස්සයි විස්ස කඩුලු 9ක් ලබාගෙන ඇති ඔහු පන්දුවාරයකට ලබාදී ඇති ලකුණු සාමාන්‍යය 7.16ක් වන අතර ඔහුගේ විස්සයි විස්ස හොඳම පන්දුයැවීම ලකුණු 12කට කඩුලු තුනක් වේ. ඔහු ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරඟය වූයේ සී.සී.සී ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර 2012 මාර්තු 30 පැවති තරඟයයි.
ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2004 පෙබරවාරි 27 දින පැවති එක්දින තරඟයේදී ජාත්‍යන්තර වරම් හිමිකරගත් සමන් ජයන්ත එක්දින තරඟ 17කදී ඉනිම් 17ක් ක්‍රීඩා කරමින් ලකුණු 400ක් රැස්කරගෙන ඇති අතර ලකුණු සාමාන්‍යය 26.66කි.ඔහු එක්දින අර්ධ ශතක 2ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ඉනිමක වැඩිම ලකුණ 74ක් වේ.
සමන් ජයන්ත සිම්බාබ්වේට එරෙහිව 2004 අප්‍රේල් මාසයේදී පැවති එක්දින තරඟාවලියේදී හොඳින් ලකුණු අතරට පැමිණුනත් ඉන්පසුව පැවති 2004 ආසියානු කුසලානයේදී ඔහු ක්‍රීඩා කළ තරඟ තුනේදී එතරම් දක්ෂතා අතරට නොපැමිණීමත්,පාකිස්තාන හා නවසීලන්ත තරඟාවලීන් වලදී පිට පිටම අඩු ලකුණු වලට දැවීයාමත් නිසා ඔහුට ශ්‍රීලංකා සංචිතයේ ස්ථානය අහිමි විය.
ඔහු ක්‍රීඩා කළ අවසන් එක්දින තරඟය 2004 දෙසැම්බර් 26 දින ශ්‍රීලංකාව සහ නවසීලන්තය අතර පැවති එක්දින තරඟයයි.
🖋️ - I