28/05/2026
තාම වයස අවුරුදු 15 යි. සීසන් එකේ ලකුණු 680 ක් ගහලා ඉවරයි. තමන්ගේ දෙවනි අයි පී එල් සීසන් එකේම දැනට වැඩිම ලකුණු ලාභියා.
රාජස්තාන් රෝයල්ස් වලට අවශ්‍ය හැම මොහොතකම තමන්ගේ උපරිමය දෙනවා. ක්‍රීඩා කරන්නේ පන්දු කීයද මේ පන්දු කිහිපයෙන් උපරිම ඩැමේජ් එකක් ප්‍රතිවාදීන්ට කරලා යන්න අමතක කරන්නේ නෑ.
වයිබව් සූර්යවංශී කියන නම ඉදිරි කාලයේදී ලෝක ක්‍රිකට් පිටියටම හිසරදයක් වෙන්න යන්නේ කියලා ඔහු දැන් දවසින් දවස ඔප්පු කරමින් ඉන්නවා. ඒක එහෙම ලේසි පහසු දෙයක් නෙමෙයි.
අද එලිමිනේටර් තරගයේදී ඔහු පන්දු 29 කදී ලකුණු 97 ක් ලබා ගන්නවා. හතරේ පහර 5 ක් සහ හයේ පහර 12 ක් එක්ක. ඔහුට අයි පී එල් ඉතිහාසයේ වේගවත්ම ශතකය මගහැරෙන්නේ ලකුණු 3 කින්.
පැට් කමින්ස්ව එහෙම සත පහකට ගණන් ගන්නේ නෑ. ඕස්ට්‍රේලියා නායකයා. අත්දැකීම් ටොන් ගණනක් තියෙන ක්‍රීඩකයා. කිසිම පන්දු යවන්නෙක්ව ඔහු මායිම් කරන්නේ නෑ.
සචින් තෙන්දුල්කාර්ලා, විරාට් කෝලිලා මේ කවුරුත් මේ වයසේදී මෙහෙම ගහලා නෑ. කොටින්ම යුනිවර්ස් බොස් කියන ක්‍රිස් ගේල් වත් මෙච්චර ලොකු ස්ට්‍රයික් රේට් එකක් තියන් සීසන් එකක් ගහලා නෑ.
අවුරුදු 15 සූර්යවංශී මේ කඩාගෙන යන්නේ ක්‍රිකට් පිටියේ දැවැන්තයන්, පුරාවෘත්තයන් තියපු වාර්තා. ඔහුව කිසිසේත්ම දැන් සුළුවට තකන්න බෑ.