Kekirawa Central College Cadets

Kekirawa Central College Cadets Proudly representing Kekirawa Central College Cadets.

32 වන බලඇණි කනිෂ්ඨ ශිෂ්‍යභට ඇගයීම් ශූරතාවය කැකිරාව මධ්‍ය විද්‍යාලයට!වසර ගණනාවකට පසු නැවත ප්‍රතිස්ථාපනය කෙරුණු අප විද්‍යා...
23/08/2026

32 වන බලඇණි කනිෂ්ඨ ශිෂ්‍යභට ඇගයීම් ශූරතාවය කැකිරාව මධ්‍ය විද්‍යාලයට!

වසර ගණනාවකට පසු නැවත ප්‍රතිස්ථාපනය කෙරුණු අප විද්‍යාලීය කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය, රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේ දී අගෝස්තු 15 වන දින සිට 20 වන දින දක්වා පැවැති Junior Cadet Provincial Assessment Camp - DETAIL III (Boys) කඳවුරේ දී 32 වන බලඇණියේ කනිෂ්ඨ ශිෂ්‍යභට ඇගයීම් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

සාජන්ට් I.D.D. මිහිසර සොයුරාගේ නායකත්වයෙන් යුත් එම කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය, ඉහළම විනයක් සහ කැපවීමක් පෙන්නුම් කරමින් විද්‍යාලයට මෙම අභිමානය අත්පත් කර දෙන ලදී.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තර මඟපෙන්වීම සහ ශක්තියක් වූ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, සහයෝගය දැක්වූ සියලුම අංශ ප්‍රධානීන්ටත්, පුහුණු කිරීම් කටයුතු සිදු කළ උපදේශකවරුන්ට මෙන්ම කැපවීමෙන් මඟපෙන්වූ ජ්‍යෙෂ්ඨ NCO සොයුරන්ටත් හදපිරි ගෞරවනීය ස්තූතිය පිරිනමමු.

වසර ගණනාවක නිහැඬියාව බිඳිමින් රාවන්ස් කනිෂ්ඨ උරුමය නැවත පණගන්වා, කෙටි කලකින්ම බලඇණි ශූරතාවය දක්වා ඔසවා තැබූ සියලුම කනිෂ්ඨ ශිෂ්‍යභට සොයුරන්ට අපගේ උණුසුම් සුබපැතුම්!



01/08/2026

දහඩියෙන් ලියන සාර්ථකත්වය.

RAWANZ Junior Cadets’ Training Week



27/07/2026

අද හිනා වෙලා බලන, එදා දුවපු දවස්.



26/07/2026

KCC Western Cadet Band.
From the archives.


රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 04අප විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයෙන් සිය නායකත්ව ගමන අරඹා, පසුව ශ්‍රී ලංකා...
23/07/2026

රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 04

අප විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයෙන් සිය නායකත්ව ගමන අරඹා, පසුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් ජෙනරාල් ධුරය දක්වා ගමන් කරමින් අප විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම මේජර් ජෙනරාල්වරයා බවට පත් වූ අභිමානවත් ආදි ශිෂ්‍යභට සොයුරෙකු පිළිබඳවයි අද “රාවන්ස් වංශකතාව” තුළින් අප සටහන් තබන්නේ.

ඒ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ලයනල් අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ සොයුරා පිළිබඳවයි.

# # පාසල් හා ශිෂ්‍යභට යුගය | 1965–1973

1965 වසරේදී 6 වන වසරට අප විද්‍යාලයට ඇතුළත් වූ එතුමා, 1967 සිට 1973 දක්වා විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩය නියෝජනය කළේය. එම සමයේ කණ්ඩයේ අණදෙන නිලධාරියා ලෙස කැප්ටන් රාජකරුණා මහතා කටයුතු කළේය.

කනිෂ්ඨ ශිෂ්‍යභටයෙකු ලෙස සිය ගමන ආරම්භ කළ එතුමා, පසුව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයේ සාජන්ට් (Sergeant) සහ කම්පැනි සාජන්ට් මේජර් (CSM) ධුර දක්වා ඉදිරියට පැමිණියේය.

එතුමාගේ ශිෂ්‍යභට සමයේදී විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩය 5 වන බලඇණියේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, Hermann Loos තරගාවලියේදී ද විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.

පසුකාලීනව අප විද්‍යාලයේ ප්‍රථම RSM බවට පත් වූ දිලීප් සිල්වා සොයුරා, එතුමාගේ අවසන් සාජන්ට්වරයා ලෙස කටයුතු කර තිබීම ද විශේෂත්වයකි. එමෙන්ම, එතුමා ඉගෙනුම ලැබූ වාණිජ අංශයේ පන්තියේ සිටි මිතුරන් හයදෙනාම ශිෂ්‍යභට කණ්ඩය නියෝජනය කර තිබීම ද ඒ යුගයේ මතකයේ රැඳෙන සිදුවීමකි.

# # වසර 33කට අධික යුධ හමුදා සේවය

1978 අප්‍රේල් 21 වන දින දෙවන ලෙෆ්ටිනන්ට් (2/Lt) නිලයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායට (SLAOC) එක්වූ එතුමා, වසර 33ක්, මාස 06ක් සහ දින 22ක් පුරා මව්බිම වෙනුවෙන් සේවය කළේය.

සිය සේවා කාලය තුළ ඉන්දියාවේ ජබල්පූර් (Jabalpur) හි Army Ordnance Corps School සහ College of Materials Management වෙතින් උසස් හමුදා හා කළමනාකරණ පාඨමාලා රැසක් සාර්ථකව සම්පූර්ණ කළේය.

# # යුධ බිමේ සහ මෙහෙයුම් සැපයුම් ජාලයේ වගකීම

මෙරට යුධ සමයේදී උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විත හා යුධ හමුදා සැපයුම් පද්ධතියට සම්බන්ධ ප්‍රධාන තනතුරු රැසක් එතුමා විසින් හොබවන ලදී.

1983 — යාපනය Forward Ordnance Depot හි අණදෙන නිලධාරී
1992–1993 — මන්නාරම 15 වන බ්‍රිගේඩයේ Staff Officer
1994–1997 — Central Arms and Am******on Depot හි Commandant
1999–2001 — උතුරු ප්‍රදේශයේ Forward Maintenance Area හි නියෝජ්‍ය ලොජිස්ටික් අණදෙන නිලධාරී

# # මේජර් ජෙනරාල් ධුරයට උසස්වීම සහ මානුෂීය මෙහෙයුම

2007 මැයි 26 වන දින එතුමා මේජර් ජෙනරාල් ධුරයට උසස්වීම් ලැබූ අතර, ඒ සමඟ අප විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම මේජර් ජෙනරාල්වරයා ලෙස විද්‍යාලීය ඉතිහාසයට එක්විය.

මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ තීරණාත්මක කාලවකවානුවේදී එතුමා,

Adjutant General — යුධ හමුදා මූලස්ථානය
Commander — Logistic Command
Colonel Commandant — ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය

යන ප්‍රධාන තනතුරු හොබවමින්, පෙරමුණේ ක්‍රියාත්මක වූ හමුදාවන්ට අවශ්‍ය අවි ආයුධ, පතොරම් සහ අනෙකුත් මෙහෙයුම් සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ දැවැන්ත වගකීමක් ඉටු කළේය.

# # නික්මයාම සහ ඉතිරි කළ ආදර්ශය

2009 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ මේජර් ජෙනරාල් ලයනල් අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ සොයුරා, පාසල් ශිෂ්‍යභට ජීවිතයෙන් ලද විනය සහ නායකත්වය සිය ජීවිත ගමනට මහත් ශක්තියක් වූ බව අදටත් කෘතවේදීව සිහිපත් කරයි.

පාසල් ශිෂ්‍යභටයෙකු ලෙස ඇරඹූ ගමන, 5 වන බල ඇණියේ ප්‍රථම ස්ථානය සහ Hermann Loos ජයග්‍රහණයන්ගෙන් සනිටුහන් කරමින්, වසර 33කට අධික අභිමානවත් හමුදා සේවයක් ඔස්සේ අප විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම මේජර් ජෙනරාල්වරයා දක්වා පැමිණි එතුමාගේ ජීවන මඟ, රාවන්ස් උරුමයට එක්වූ අභිමානවත් පරිච්ඡේදයකි.

එවැනි ජ්‍යෙෂ්ඨ සොයුරන් තැබූ පියසටහන්, අද සහ හෙට විද්‍යාලීය ශිෂ්‍යභට සොයුරන්ට විනයෙන් නායකත්වයටත්, නායකත්වයෙන් මව්බිමට සේවයටත් මඟ පෙන්වන වටිනා ආදර්ශයකි.

සටහන: මෙම තොරතුරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ලයනල් අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ සොයුරාගේ මතකයන් සහ දැනට අප සතුව ඇති ලේඛන ඇසුරෙන් සකස් කර ඇත. මෙහි නිවැරදි කළ යුතු හෝ අලුතින් එක් කළ යුතු තොරතුරු ඇත්නම්, comment එකකින් හෝ message එකකින් අප වෙත දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ඉතිහාසය සටහන් කරමු. උරුමය සුරකිමු. අනාගතයට පවරමු.



2026 ජූනි 21 සිට 27 දක්වා මුලතිව් ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ආරක්ෂක ශිෂ්‍යභට බාලක බළඇණි ඇගයීම් කඳවුර ...
30/06/2026

2026 ජූනි 21 සිට 27 දක්වා මුලතිව් ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ආරක්ෂක ශිෂ්‍යභට බාලක බළඇණි ඇගයීම් කඳවුර 2026 – අදියර II සඳහා සහභාගී වූ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩය සමස්ත 32 වන බළඇණි ශූරතාවය දිනාගැනීමට සමත් විය.

එහිදී කණ්ඩය පහත ජයග්‍රහණ ද හිමිකර ගන්නා ලදී.

ප්‍රථම ස්ථානය

- අධ්‍යක්ෂ පරීක්ෂණය
- ශාරීරික අභ්‍යාස පරීක්ෂණය

දෙවන ස්ථානය

- ඝණ සරඹ පරීක්ෂණය
- විවිධ ප්‍රසංග පරීක්ෂණය

තෙවන ස්ථානය

- භට නිවාස පරීක්ෂණය

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩයට, පුහුණු නිලධාරීන්ට, ගුරුභවතුන්ට සහ මේ සඳහා දායක වූ සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්.


22/06/2026

Boys on mullaitivu training center🇱🇻




Kekirawa Central College

රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 03අපගේ ශිෂ්‍යභට කණ්ඩයේ අභිමානවත් ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, කැපී පෙ...
18/06/2026

රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 03

අපගේ ශිෂ්‍යභට කණ්ඩයේ අභිමානවත් ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, කැපී පෙනෙන නාමයන් කිහිපයක් රන් අකුරින් සටහන් වේ. අද කතාංගයෙන් අපි සිහිපත් කරන්නේ අප විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයෙන් බිහි වූ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් (RSM) පිළිබඳවයි.

අප විද්‍යාලයේ ප්‍රථම රෙජිමේන්තු සැරයන් මේජර්වරයා වූයේ 1977 වසරේ දී එම ගෞරවනීය පදවිය හෙබවූ රෙජිමේන්තු සැරයන් මේජර් දිලීප් සිල්වා සහෝදරයාය. ඉන් අනතුරුව, 90 දශකය අවසන් වන තෙක් එම වගකීම මනාව ඉටු කළ තවත් දක්ෂ නායකයන් පිරිසක් අප ඉතිහාසයට එක්විය:

1983 — රෙජිමේන්තු සැරයන් මේජර් එම්. එම්. මුනසිංහ සහෝදරයා
1984 — රෙජිමේන්තු සැරයන් මේජර් මංජුල විජේසිංහ සහෝදරයා
1985 — රෙජිමේන්තු සැරයන් මේජර් එස්. ඒ. විජේසුන්දර සහෝදරයා

90 දශකය දක්වා ශිෂ්‍යභට කණ්ඩයේ විනය හා අභිමානය සුරැකීමට කැපවූ ඒ නායකත්වය අපට මහත් ආඩම්බරයකි.

තවද, අප විද්‍යාලයීය ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ උතුරු මැද පළාතේ ප්‍රථම කාන්තා රෙජිමේන්තු සැරයන් මේජර්වරිය අප විද්‍යාලයෙන් බිහිවීමයි. එම ගෞරවණීය නාමය හිමිවන්නේ රෙජිමේන්තු සැරයන් මේජර් එච්. එම්. අයි. එස්. ජයසිංහ සහෝදරියටය.

රාවන්ස් උරුමය ශක්තිමත් කළ මේ නායක නායිකාවන්ගේ අඩිපාරේ යමින්, අදටත් අපේ ශිෂ්‍යභට කණ්ඩය විනයෙන් හා ගෞරවයෙන් ඉදිරියට ගමන් කරයි.

ඔබ සතුව මෙම යුගයන්ට අයත් ඡායාරූප හෝ තොරතුරු තිබේ නම්, අප සමඟ බෙදා ගන්න.



රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 02සමහර මතකයන් ඡායාරූපයක් තුළ පමණක් ඉතිරි වේ. අද අප ඔබ වෙත ගෙන එන්නේ එවැ...
14/06/2026

රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 02

සමහර මතකයන් ඡායාරූපයක් තුළ පමණක් ඉතිරි වේ. අද අප ඔබ වෙත ගෙන එන්නේ එවැනි අගනා ඡායාරූපයක් ඇසුරෙන් සොයාගත් කතාවකි.

මෙය 1962 වසරේ අප විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩයේ ඡායාරූපයකි.

අප සොයාගත් තොරතුරු අනුව, කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩයේ ආරම්භය 1959 වසර පමණ දක්වා දිව යන බවට ඇස්තමේන්තු කළ හැක. කෙසේ වෙතත්, 1959 සිට 1962 දක්වා වූ මුල් වසර කිහිපය පිළිබඳ විස්තරාත්මක තොරතුරු තවමත් අපට සොයාගැනීමට නොහැකි වී ඇත. එම වසර කිහිපයේ කතාව තවමත් අතීතයේ සැඟවී පවතී.

දශක හතකට ආසන්න කාලයකට පෙර, මෙම කුඩා සොයුරන් රාවන්ස් උරුමයේ අත්තිවාරම තැබූහ. අද අප භුක්ති විඳින එම අභිමානවත් උරුමයේ මුල් පියවර තැබුණේ ඔවුන් විසිනි. මේ එක් ඡායාරූපයක් පමණක් වුවද, එම ආරම්භයේ වටිනාකම සහ වැදගත්කම මනාව සිහිපත් කරයි.

මෙම ඡායාරූපයේ සිටින සොයුරන් හඳුනන හෝ 1959–1962 කාලසීමාව පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබ සතුව ඇති ඕනෑම මතකයක්, ඡායාරූපයක් හෝ තොරතුරක් මෙම ඉතිහාසය සම්පූර්ණ කිරීමට මහඟු දායකත්වයක් වනු ඇත.



රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 01ආදි කැඩෙට් සොයුරන්ගේ මතකයන් අතරින් ගලා එන, අපේ අභිමානවත් ඉතිහාසයේ පළම...
12/06/2026

රාවන්ස් වංශකතාව | The Rawanz Chronicle — Episode 01

ආදි කැඩෙට් සොයුරන්ගේ මතකයන් අතරින් ගලා එන, අපේ අභිමානවත් ඉතිහාසයේ පළමු සටහන.

1996 වසර. අණදෙන නිලධාරි වශයෙන් 2nd/Lt M.S. ගොඩකුඹුර මහතා ද, කණ්ඩබාර සැරයන් වරයා වශයෙන් Sgt සේනක වල්පොල සොයුරා ද කටයුතු කළ ඒ කාලයේ, අපගේ කණ්ඩය 5 බලඇණි කදවුරේ තුන්වන ස්ථානය දිනා ගත්තේය.

ඒ ගමනේ අදටත් ආදි සොයුරන්ගේ මතකයේ රැඳී ඇත්තේ Assault Run සහ Drill යන ඉසව් දෙකෙන්ම පළමු ස්ථානය දිනාගත් ඒ අභිමානවත් මොහොතයි.
විනය හා සහෝදරත්වය මත ගොඩනැගුණු ඒ උරුමය, අදටත් රාවන්ස් හදවත් තුළ ජීවමානය.

ඔබ සතුවත් මේ යුගයේ ඡායාරූප හෝ මතකයන් ඇත්නම් අප වෙත එක් කරන්න.



Address

Kekirawa Central College, Thalawa Road
Kekirawa
50100

Website

Alerts

Be the first to know and let us send you an email when Kekirawa Central College Cadets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share