10/09/2026
🏏 U15 Division III – දෙවන වටය ප්‍රථම ජයග්‍රහණය
✍️බණ්ඩාරනායක මහා විද්‍යාලය සහ යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලය
අතර පැවති 15න් පහළ තුන්වන කාණ්ඩයේ දෙවන වටයේ පළමු තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අප බණ්ඩාරනායක මහා විද්‍යාල කණ්ඩායම සමත් විය.
✍️පළමුව පන්දුවට පහරදුන් අප කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාල කණ්ඩායම ලකුණු 145කට සියලු දෙනා දැවී ගියේය.
✍️බණ්ඩාරනායක මහා විද්‍යාලයේ කණ්ඩායමක් කණ්ඩායම ලකුණු දාහතරක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී...🏆🏆
✍️ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ දෙමව්පියන්, ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්යය මණ්ඩලයට සහ ක්‍රිකට් කමිටුවට ආදි ශිෂ්‍ය සංගමය වශයෙන් අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්නෙමු...