27/05/2026
🚨 “ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑමෙන් 🇱🇰🏏ශ්‍රී ලංකා සංචිත වෙනස් වුණාද..❓” ප්‍රමෝද්‍යගෙන් බරපතල චෝදනා‼️
🫵හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා තම කමිටුව මුලින්ම ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් වූ සංචිත තුනක් තෝරාගෙන තිබූ බවයි.
🛑ඔහු චෝදනා කරන්නේ, කපිල විජේගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් නව තේරීම් කමිටුව, ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑම මත තම කමිටුව සිදුකළ තේරීම්වල සංශෝධන කරමින්, ටෙස්ට්, එක්දින සහ T20I සංචිත පිළිවෙළින් ක්‍රීඩකයින් 17, 16 සහ 15 දෙනෙකු දක්වා වෙනස් කළ බවයි.
🛑ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තම කමිටුවේ මුල් ටෙස්ට් සංචිතයට කසුන් රාජිත ඇතුළත් කර නොතිබූ බවයි.
🛑එමෙන්ම, ඉදිරි අනාගත සැලසුම් සහ මීළඟ පිරිමි එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගෙන තම කමිටුව එක්දින සංචිතයේ උපනායකයා ලෙස නම් කර තිබූ දුනිත් වෙල්ලාලගේව ඉවත් කර, ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කළ බවටද ඔහු චෝදනා කළේය.
🛑තවද, විශේෂයෙන්ම නුවන් තුෂාරගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ගැටලු පවතින අවස්ථාවක, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර T20I සංචිතයට ඇතුළත් වූයේ කුමන පදනමක් මතදැයි ඔහු ප්‍රශ්න කළේය.
🫵තම කෙටි කාලීන ධුර කාලය තුළ තේරීම් ක්‍රියාවලියෙන් ඈත්ව තිබූ ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑම, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ පත් කළ නව තේරීම් කමිටුවත් සමඟ නැවත පැමිණ ඇති බවටද වික්‍රමසිංහ චෝදනා කළේය.
Source - TheMorning via Saliya Nanayakkara