SKD Dancing Academy

SKD Dancing Academy we are confident that your child will always feel good in our academy

12/08/2026
12/08/2026

SKD Dancing Academy ළමුන් සමග මාතරට 🥰❤️💃


Yakkula speed coach 👻💙🍃
0706609955 📞

03/08/2026

මම හිතනවා මේක දකින හැමෝම Share එකක් දාලා මිනිස්සු දැනුවත් කරයි කියලා.

මචං.. උ බලා දැන් දන්නවා ගං වතුරක් එනවා කියලා. මොකද ඕක සු නාමිය වගේ එක පාරට එන්නේ නෑ.. ඒ නිසා අනේ පුලුවන්නමි යන තැනකට ගෙදර හදන බල්ලා පූසත් අරන් යන්න අරන් යන්න බැරිනම් කූඩුවලින් එළියට දාලා යන්න. බැදලා ඉනන් උන් ලෙහලා යන්න, අනික කැලෑවල්වල බැදලා ඉන්න ගවයොත් ලෙහන්න. පුළුවන් නම් ඒ සත්තුත් ආර්කෂිත ස්ථානවලට අරන් යන්න. ❤️

02/08/2026

ආගමික හෝ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා සතුන් යොදාගැනීමට හැකි නමුත්, එවැනි සතෙකුගේ කකුලට මුදුවක්, දම්වැලක් දමා ගෙල වටා සිරකිරීම, කම්බියකින් හිරකිරීම ඇතුළු කරුණු ගණනාවක් තහනම් කර දක්වමින් නව සත්ව සුබසාධන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

අධික ලෙස ඇවිද්දවීම, බර පැටවීම, වධහිංසා පැමිණවීම, වේදනාවක් ඇතිවන පරිදි දම්වැලකින් හෝ ලණුවකින් බැඳ තබා ගැනීම හෝ සීමා කිරීම ද මෙම පනතින් තහනම් කර ඇත.

සත්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සත්ව සුබසාධන උපදේශක කමිටුවක් පිහිටුවන අතර, ඊට නිලබලයෙන් පත්වන පුද්ගලයන් එකොළොස් දෙනකු සහ අදාළ අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයන් ද ඇතුළත්ය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැතිවරයාගේ නියමය පරිදි සකසා ඇති මෙම නව සත්ව පනත සකසා ඇත්තේ සත්වයන් කෙරෙහි කරුණාව, දයාව, නිසි සැලකිල්ල සහ සතුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය, යහපැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙනි.

සතුන් ප්‍රවාහනය, කොටුකර තැබීම, විකිණීම, පැටවුන් බෝකිරීම, ආහාර සැපයීම, ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් සඳහා අවධානය යොමු කරමින් ඊට අදාළ ප්‍රතිපත්ති සකසා ඇති අතර, ඒවා කඩකර වැරදිකරුවන් වුවහොත් දඩ මුදල් පැමිණවීම, බන්ධනාගාරගත කිරීම සහ එම දෙකටම යටත් වන පරිදි ප්‍රතිපත්ති සකස් කර ඇත.

මෙම නව පනත යටතේ සත්වයන්ට ක්‍රෑර ලෙස සැලකීම, ක්‍රෑර ලෙස සත්වයන් මැරීම, ගර්භණී සත්වයන් මැරීම, උගුල් අටවා අල්ලා ගැනීම, පක්ෂීන් නීති විරෝධී ලෙස හිරකර තබා ගැනීම, රෝගාතුරවූ සතුන් පොදු ස්ථානවල මියයෑමට සැලසීම, සුදුසුකම් නැති අය සතුන්ට ප්‍රතිකාර කිරීම, නීති විරෝධී ලෙස වඳ භාවයට පත් කිරීම, විලවුන් ආදිය පරීක්ෂා කිරීමට යෙදවීම, විකිණීමේදී වේදනාවට පත්වන ලෙස තැබීම, දඩයම සඳහා තැබීම, හිංසාකාරී ප්‍රවාහනය, අවුරුදු 10 ට අඩු තැනැත්තෙකුට සතුන් විකිණීම, පොදු ස්ථානයක සතුන් විකිණීම ඇතුළු තවත් කරුණු නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරදි බවට පත් කර තිබේ.

Address

Pola Paara Sooriyawewa Ambilipitiya
Hambantota
82010

Website

Alerts

Be the first to know and let us send you an email when SKD Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category