30/11/2024
😍
🗣️ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරය අතරතුර ඔබට නිතර ඇසෙන වදන් කිහිපයක් සහ ඒවාගේ තේරුම් - 2 කොටස
- Asking rate (ආස්කින් රේට්) - සාමාන්‍යයෙන් සීමිත පන්දුවාර තරගවල හඹායන කණ්ඩායමකට ජයගැනිමට අවශ්‍ය ලකුණු වේගය
- Heavy ball (හෙවී බෝල්) - සාමාන්‍යයෙන් පන්දුයවන්නෙක් එල්ල කරන වැඩි වේගයෙන් පැමිණ පිත්තෙ තදින් වදින පන්දු
- Hoick (හොයික්) - සාමාන්‍යයෙන් පිතිකරුවාගේ පාද පැත්තෙන් (Leg/on side) වැරෙන් එල්ල කරන පහරක්
- In - ducker (ඉන් ඩකර්) - පිතිකරුවා දෙසට අවසන් මොහොතේ දෝලනය වන ඉන්ස්වින්ගර් පන්දුවක්
- Leading edge (ලීඩින් එජ්) - පිතිකරුවාගේ පිත්තෙ කොනක වැදී පහර එල්ල කරන දිශාවට විරුද්ධ දිශාවට පන්දුව ඇදී යාම
- Loop (ලූප්) - පන්දුව ගුවනේ පා කොට යැවීම. දග පන්දුයවන්නන්ට විශේෂය
- Meat of the bat (මීට් ඔෆ් ද බැට්) - පිතිකරුවෙක් එල්ල කරන පහරක් පිත්තේ මැද වැදී යාම පිතිකරුගේ කල් මැනීමේ සාර්ථකත්වය පෙන්වීමට
- Stock ball (ස්ටොක් බෝල්) - සාමාන්‍යයෙන් පන්දුයවන්නෙක් වැඩිපුර යවන පන්දුව ලකුණු පාලනයට මෙන්ම තම පන්දු සංකලනය භවිතයට වැදගත් පන්දුවක්
- Rock (රොක්) - ක්‍රිකට් පන්දුව හැදින්වීමට භාවිත කරන තවත් නමක්
- Cherry (චෙරී) - රතු ටෙස්ට් පන්දුවට තවත් නමක්
- Played - on (ප්ලේඩ් ඔන්) - පිතිකරුවා විසින්ම එල්ල කළ පහරකින් පන්දුව කඩුල්ලෙ වැදීම
- Minefield (මයින් ෆීල්ඩ්) - ඉපිලීම නිසා පිතිකරණයට ඉතා අපහසු තණතීරුවක්
- Penultimate over (පෙනල්ටිමේට් ඕවර්) - අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරය
- Dead rubber game (ඩෙඩ් රබර් ගේම්) - යම්කිසි තරගාවලියක අවසන් ජයග්‍රාහක තීරණය කරන ප්‍රතිඵලයට බලපෑමක් කළ නොහැකි තරගයක්
- Right on the money (රයිට් ඔන් ද මනී) - ක්‍රීඩකයෙක් පිතිකරණයේ , පන්දුයැවීමේ හෝ පන්දුරැකීමේ තමන්ට දෙන රාජකාරිය හරියටම ඉටු කරන අවස්ථාවකට
- Blockhole (බ්ලොක්හෝල්) - පිතිකරුවෙක් තම ඉන්න ලබාගෙන පිත්ත තබාගන්නා ස්ථානය සහ දෙපා අතර ඉඩකඩ
- Stick (ස්ටික්) - ක්‍රිකට් පිත්තට
- Willow (විලෝ) - ක්‍රිකට් පිත්තට
- Furniture (ෆර්නිචර්) - කඩුලු ඉනි වලට
- Poles (පෝල්ස්) - කඩුලු ඉනි වලට
- Hittng downtown (හිටින් ඩවුන්ටවුන්) - පන්දුයවන්නාගේ හිසට ඉහළින් කෙලින් එල්ල කරන පහරකට
- Sniff (ස්නිෆ්) - පිතිකරුවාගේ නාසයට ආසන්නයෙන් යන බවුන්සර් පන්දුවකට
- Textbook shot (ටෙක්ස්ට් බුක් ෂොට්) - තාක්ෂණයෙන් ඉතාම නිවැරදි පොතේ හැටියට එල්ල කළ පහරක්
- Top - notch (ටොප් නොච්) - ක්‍රිඩකයෙක් තම දක්ෂතා උපරිමයෙන් දක්වන අවස්ථාවක් විස්තර කිරීමට
- Perfectly executed (ෆර්ෆෙක්ට්ලි එක්සිකියුටඩ්) - ක්‍රීඩකයෙක් එල්ල කිරීමට උත්සහ කළ පහරක් හෝ පන්දුවක් සැලසුම් කළ ආකාරයටම සාර්ථක වීමක්
- Dance down the wicket (ඩාන්ස් ඩවුන් ද විකට්) - පිතිකරුවා සීමාවෙන් ඉදිරියට පැන එල්ල කරන පහරකට
- Feather (ෆෙදර්) - පිත්තෙ කොනක පන්දුව වැදි ඇදීයාම
- Through the gate (තෲ ද ගේට්) - පිතිකරුගේ පිත්ත සහ දෙපා අතර ඇති හිදැසින් පන්දුවක් ඇදී යන අවස්ථාවක
- Jack (ජැක්) - අංක 11 පිතිකරුවා
- Milking the bowling (මිල්කින් ද බෝලින්) - පිතිකරුවෙක් පන්දුයවන්නන්ට ඉතාම පහසුවෙන් පහර දෙන අවස්ථාවක
- Playing with soft hands (ප්ලෙයින් විත් සොෆ්ට් හෑන්ඩ්ස්) - පිත්ත ලිහිල්ව ග්‍රහණය කොට ගෙන පන්දුවට් පහර දීම
- Steaming in (ස්ටීමින් ඉන්) - වේගපන්දුයවන්නෙක් පන්දුව එල්ල කිරීමට වේගයෙන් සීමා ඉර දෙසට දිව ඒම
- Strike bowler (ස්ට්‍රයික් බෝලර්) - ලකුණු පාලනයට වඩා ඉක්මනින් කඩුලු ලබාගැනිමට දක්ෂ පන්දුයවන්නා
- Skier (ස්කයර්) - පිතිකරුගේ කල්මැනිම අසාර්ථක වීම නිසා පිත්තෙ වැදී අහසේ ඉහළට නගින පන්දුවක්
- Strangled down the leg (ස්ට්‍රැන්ගල්ඩ් ඩවුන් ද ලෙග්) - පාදය පැත්තෙන් යන පන්දුවක් ග්ලාන්ස් කිරීමට යන අවස්ථාවක පිත්තෙ වැදී කඩුලු රකින්නා රැක ගැනීම
- Slip cordon (ස්ලිප් කොර්ඩන්) - ස්ලිප් , ගලී ඇතුලු පිතිකරුවාට පසුපස ආසන්නයෙන් සිටින පන්දුරකින්නන් පිරිස
SRI සහෝ