29/06/2026
සියල්ල සූදානම් ඔබ සැම වෙනුවෙන් 🤍🙏
ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරය
වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්ෂාව සඳහා සැඟවී සිටි බවට ජනප්‍රවාද හා ඉතිහාසය රැඳී ඇති, ගම්පහ දිස්ත්‍රික්කයේ අතිශය වටිනා පුරාවිද්‍යාත්මක හා බෞද්ධ උරුමයකි.
පර්වත ලෙන්, සොබාදහමේ අපූරු සුන්දරත්වය සහ ශාන්තිමත් පරිසරය නිසා මෙම පින්බිම බැතිමතුන්ගේ මෙන්ම සංචාරකයන්ගේද ආකර්ෂණයට ලක්ව ඇත.
මේ පින්බර පොසොන් සමයේ, පිළිකුත්තුව පොසොන් කලාපයට ඔබත් පවුලේ සැම සමඟ පැමිණ, ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත පහන් කරගෙන, අසිරිමත් තොරණ, බක්ති ගී, දන්සැල් සහ විවිධ ආගමික අංග රැසක් නැරඹීමට එක්වන්න.
ඔබ සැමට ආදරයෙන් කරන ආරාධනයයි! 🙏☸️
#රක්නාක්‍රීඩාසමාජය
#රක්නාphotographicsociety
🙏🏮✨