Sri lanka Black Eagle Chinese Martial Art Academe

Sri lanka Black Eagle Chinese Martial Art Academe Chinese Kung-Fu නිවැරදි වූත්,ප්‍රායෝගික වූත්,ශ්‍රි ලoකාවේ සටන් කලා විශිෂ්ටයින් ගේ තෝතැන්න. Sri Lanka Black Eagle Chinese Martial Art Academe

07/05/2014
Trip to negombo. .
23/11/2012

Trip to negombo. .

16/11/2012
ශ්‍රි ලoකා බ්ලැක් ඊගල් චීන සටන් කලා පීඨය මගින් පුහුණු පන්ති පවත්වනු ලබන ස්ථානයන් හා වේලාවන්. . . .*ප්‍රධාන පුහුණු මධ්‍යස...
12/10/2012

ශ්‍රි ලoකා බ්ලැක් ඊගල් චීන සටන් කලා පීඨය මගින් පුහුණු පන්ති පවත්වනු ලබන ස්ථානයන් හා වේලාවන්. . . .

*ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය - මල්වතුහිරිපිටිය
සෙන: උදේ 9- රාත්‍රී 7 / බදාදා ප.ව 4.00 - 6.00
බ්‍රහස්පතින්දා ප.ව 6.00 - 8.00 / සිකුරාදා ප.ව 6.00 - 8.00

*හිස්වැල්ල බ්ලැක් ඊගල් ශාලාව
ඉරිදා සහ සෙනසුරාදා දවස පුරා
ගම්පහ අස්ගිරි මල්වත්ත - බ්‍රහස් පෙ.ව : 10.00

*ගම්පහ Y.M.B.A ශාලාව - සඳු, ප.ව :3.00 - 5.00/ සෙන, පෙ.ව :11.00 - 1.00

*නිට්ටඹුව N.S.K ශාලාව - ඉරිදා, උදේ 10.30 - 1.00

*කිරිඳිවැල බෞද්ධ බලමණ්ඩල ශාලාව, ඉරිදා සවස 2.00 - 5.00

*අවිස්සාවේල්ල දිශා බාලදක්ෂ ශාලාව, අඟ - සවස 2.30 - 5.00

*පාදුක්ක චතුර හෝටලයේ උඩුමහල, ඉරිදා සවස 2.00 ට

*හොරණ උවින් ආයතනය, සිකු - සවස 3.00 - 5.00

*ගොඩගම විස්ඩම් ශාලාව, ඉරිදා - සවස 4.00 - 6.00

*මීරිගම Y.M.B.A ශාලාව, සිකු - සවස 3.00 - 5.00

*පොතුහැර පාසැල් ශාලාව, සෙන - උදේ 10.00

*මාතර සුගීෂ්වර ශාලාව, සෙන: ප.ව 12.00 - 6.00
ඉරිදා උදේ -10.00 සවස 6.00 දක්වා

*ජා-ඇල සෙන්මේරිස්, සෙන - සවස 6.00 - 8.00

Sri Lanka Black Eagle සoගමය විසින් ඔබ වෙත ගෙන එන ශ්‍රි ලoකාවේ විශිෂ්ටතම සටන් කලා සඟරාව "විශ්මිත"
10/10/2012

Sri Lanka Black Eagle සoගමය විසින් ඔබ වෙත ගෙන එන ශ්‍රි ලoකාවේ විශිෂ්ටතම සටන් කලා සඟරාව "විශ්මිත"

jeet kune-do යනු. . .පෞද්ගලික ජිට් jeet kune-do කුනේඩු අවoක අදහස් ප්‍රකාශකරන්නන් ජීවත්වීමට ඉගෙනීමට හා ආදරය කිරීමට සමත් බ...
10/10/2012

jeet kune-do යනු. . .

පෞද්ගලික ජිට් jeet kune-do කුනේඩු අවoක අදහස් ප්‍රකාශකරන්නන් ජීවත්වීමට ඉගෙනීමට හා ආදරය කිරීමට සමත් බලපෑම් කරන්නා වූ දෙයකි.මෙහි කිසිදු රහස් ක්‍රියාකාරකමක් අඩoගු නැත මෙහි දැක්වෙන්නේ jeet kune-do සඳහා ක්‍රියාත්මක විශේෂ මූලික ක්‍රමයන් පිළිබඳව පූර්ණ විස්තරයකි.
jet kundo සඳහා ක්‍රියාත්මක විශේෂ මූලික ක්‍රමයන්

1.ඔබ සජීවිය
2.ජීවත් වීම ආදරය දැක්වීම,ඉගෙනීම
3.දැන් කටයුතු කිරීම,වේලාවට වැඩ කිරීම
4.පූර්ණත්වය
5.ක්ෂණික ක්‍රියාව සහ අවoකත්වය
6.ක්‍රියාකාරී තාක්ෂණයන්

පළමුව:
ජිට් කුනේඩු සැබවින්ම සජීවීය.එය ඔබ තුලද ඇත.මන්ද ඔබ සජීවී නිසාය.ජීවිතය ඔබට අයිතිය.එය විශ්මය ජනක වේ.

දෙවනුව:
ජීවිතයේ අවශ්‍යතාවයන් ජීවත්විම,ඉගෙනීම,ආදරය කිරීම

තෙවනුව:
ජීවිත්යේ අසීමිත ප්‍රතිපත්තීන් ඇත.එවේලෙහිම කටයුතු කිරීම හෝ නියමිත වේලාවට කටයුතු කිරීම.

සිව්වැන්න:
පරිපූර්ණ යැයි කියා දෙයක් නැත.කිසිදු දෙයක් පරිපූර්ණ නැත ජීවිතයේ පරිපූර්ණ වූ(කිසිදු අඩුපාඩුවක් නොමැති ) වැලැක්විය නොහැකි දේයි.එබැවින් ජීවිතය පරිපූර්ණත්වයට පත් කල යුතුය.

පස්වැන්න:
ජීවිතය ඉතා දිගු නොවේ.එය තාක්ෂණයක් හෝ ක්‍රියාදාමයකි.ජීවිතය ක්ෂණික ක්‍රියාවන්ගෙන් හා අවoකත්වයෙන් සැදුම් ලත් ය.

සයවැන්න:
ජීවිතය ඕනෑම තක්ෂණයක් නොවේ.ජීවිතයට ක්‍රියා කාරී තාක්ෂණයක් අවශ්‍යවන්නේ එබැවිනි.

(මෙහි ගවේශනාත්මක හරය පිලිබඳ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. )

Yin-yang යනු කුමක්ද ?මෙම ව්ශ්වය තුළ නැවතීමක් නොමෙතිව සිදුවන නොනැවතී ක්‍රියා කරන එකිනෙක කෙරෙහි නිදහස් හා ප්‍රශoසාත්මක බලව...
09/10/2012

Yin-yang යනු කුමක්ද ?

මෙම ව්ශ්වය තුළ නැවතීමක් නොමෙතිව සිදුවන නොනැවතී ක්‍රියා කරන එකිනෙක කෙරෙහි නිදහස් හා ප්‍රශoසාත්මක බලවේග දෙකක් වූ යිo සහ යැo හි මූලික සිද්ධාන්තය මත ලෝකය නිර්මාණය වී ඇත.චීන ජාතිකයින් ලෝකයේ පැවැත්මෙහිලා මූලික රටාවේ ප්‍රතිපත්ති ලෙස සමගියට මුල් තැන හිමි කර දී ඇත.මෙය ලෝක විෂය පිලිබඳ බල මණ්ඩලය වන අතර යිo සහ යැo සදාකාලිකව ප්‍රසoශාත්මකව වෙනස් වෙමින් පවතී.

යිo සහ යැo එකී පූර්ණ දෙයක් ලෙසින් එකිනෙකට බැඳී පවතින හා බැඳෙන කොටස් දෙකක් ලෙස දැක්වේ.
මෙම කොටස් දෙකම සීමාවක් තුළ එක පිට එක කොටස් වලට අදාල වූ ලක්ෂණ සහ ප්‍රශoසාත්මක දේ අඩoඟු වේ.නිරුක්ති ශාස්ත්‍රානුකූලව යිo සහ යැo ලක්ෂණයන්ගෙන් අදහස් කරන්නේ අඳුර සහ ආලෝකයයි.යිo හි අඳුරුමය ස්භාවය පවතින්නේ(එනම් වක්‍රයේ කළු පැහැති කොටස )වේ.යිo නම් ලෝකයේ පවතින ඕනෑම දෙයක් මේ අයුරින් විග්‍රහ කල හැක.

සෘනත්මක බව
අක්‍රිය කාරී ස්වභාවය
අභ්‍යන්තරය
අප්‍රමාණාත් භාවය
මෘදු භාවය
සඳ
අඳුර
රාත්‍රි
ස්ත්‍රී භාවය
මෙම වක්‍රයේ අනිත් අර්ධය ‍යැo වේ.මෙහි පහල කොටසින් පෙන්නුම් කරන්නේ ඇළව වැටෙන හිරු කිරණයි.එහි ඉහල කොටස හිරු පිළිබිඹු කරයි,යැo මගින් පහත ඕනෑම ආකාරයක් පෙන්නුම් කල හැක.

ධනාත්මක භාවය
ක්‍රියාකාරි බව
භහිරය
ප්‍රමානාත්මක භාවය
ඝණ භාවය
ඉර
දීප්තිය(ආලෝකය )
දහවල
පුරුෂ භාවය
ලෝක විශ්ව ධාතුවට නතු වන ඕනෑම දෙයක් සහ ක්‍රියාකාරකමක් මෙම යිo - යැo තුලින් විග්‍රහ කල හැක.

09/10/2012

සoස්කාර සිතුවිල්ල

තාරුණ්‍ය සැබැවින්ම ආවේග ශීලිය.ඉටුවන ඉටු නොවන සිතිවිලි කරපින්නාගෙන මිහිරි හා කටුක මo මාවත් වල ජීවිතය සොයන්නට වෙර දරයි.තරඟකාරී වූ ජීවිතයේ වටිනා කාලයෙන් නවතින්න නිමේෂයක්.මිල කල නොහෙකි ජීවිතය මැණික් ගලක් සේ දිදුළන්නට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත.සාර්ථකත්වය යනු අප ජීවිත කාලය පුරාවට තමාට උදවු කර ගැනීම,තමා කරන දේ තේරුම් ගැනීම හ අප සතුව දැනටමත් පවතින දෙය වැඩ් දියුණු කිරීමයි.ඔබ බුද්ධියෙන් ප්‍රයොජන ගැනීමට උත්සුක වන්න.එවිට ඔබ ලෝකය දකිනු ඇත.ඔබ ඉගෙන ගත් දෙය හා අතිදැකීම් ලැබූ දෙය පිළිබ්ඳව ඇතුළාන්තය මනා අවබෝධයෙන් දකින්න ඔබ සතුව ඇති දෙය ක්‍රියාකාරි නොවේනම් පැකිලීමකින් තොරව එය අත්හරින්න.ඔබගේ ක්‍රියාකාරී දිවිය නිර්මාණය කරන්න.නවීකරණය කරන්න.සැකසුරුවම් කරන්න.ක්‍රියාකරී දෙය ප්‍රයෝජනයේ යෙදීමට මනස විවෘර්ත කරන්න.ඉගෙනීම යනු සොයා ගැනීමේ ඒකාකරී වේගයයි.එය එකතු කර ගැනීම,වාර්තා කිරීම හෝ පැරණි දැනුම මතකයේ තබ ගැනීම නොව ඉගනීම යනු ඔබ සතුව දැනට පවතින දෙය බුද්ධිමත්ව ප්‍රයෝජනයේ යෙදවීමයි.ඔබට මෙයින් යමක් වැටහුනේ නම් ඔබ සටන් කලාවේ "අ" ඉගෙන ගැනීම ආරම්භ කර හමාරයි.

06/10/2012

Address

Gampaha

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

0776738522

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lanka Black Eagle Chinese Martial Art Academe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri lanka Black Eagle Chinese Martial Art Academe:

Share