15/08/2026
🏏 DREAM STAR CRICKET ACADEMY & FOUNDATION 🏏
🌟 දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට සවියක් වන තවත් සත්කාරයක්... 🌟
Dream Star Cricket Academy සහ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රිකට් භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන යටතේ, දක්ෂ වමත් වේග පන්දු යවන්නෙකු වන දක්ෂ තරුණ ක්‍රීඩකයෙකු හට ඔහුගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය වූ පාවහන් යුගලයක් පිරිනමන ලදී. 👟🏏
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දක්ෂතාවයෙන් පිරිපුන් තරුණ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ගමනට අවශ්‍ය පහසුකම් සපයා දෙමින්, ඔවුන්ගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමට ශක්තියක්, දිරිගැන්වීමක් සහ අත්වැලක් ලබාදීමයි. ❤️
මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන් Hotel Shanti Shanti – Thalpe හි අධිපති චතුරංග පියන්කර මහතා වෙත Dream Star Cricket Academy & Foundation වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය හා හෘදයාංගම කෘතඥතාවය පිරිනමමු. 🙏❤️
ඔබගේ මෙම උතුම් දායකත්වය, දක්ෂ තරුණ ක්‍රීඩකයන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා විශාල ශක්තියක් වනු ඇත. 🌟🏏
“දක්ෂතාවයට අවස්ථාවක්…
සිහිනයට සවියක්…
අනාගත ක්‍රිකට් තරුවකට අත්වැලක්…” ⭐🏏
Dream Star Cricket Academy & Foundation
දක්ෂ තරුණ ක්‍රීඩකයන්ගේ සිහින වෙනුවෙන් අපිත් සමඟින්… ❤️🤝🏏