Sri Lanka Blind Cricket Association

Sri Lanka Blind Cricket Association Official page of the Sri Lanka Blind Cricket Team, promoting inclusion and excellence in blind cricket.

01/09/2026

Ready for next International tournaments.

30/07/2026

There are only a few hours left to submit applications for the selection competition.

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය අප සහෝදර පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර සොයුරාට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට...
30/07/2026

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය අප සහෝදර පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර සොයුරාට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සංගමයේ උණුසුම් සුභ පැතුම්.තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වේවා.

2026/2027 වර්ෂයන් හිදී පැවැත්වීමට නියමිත දේශීය සහ ජාත්‍යන්තර  ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත පි...
13/07/2026

2026/2027 වර්ෂයන් හිදී පැවැත්වීමට නියමිත දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත පිරිමි/කාන්තා ක්‍රිකට් සංචිත තෝරා ගැනීම සහ නවක දෘෂ්‍යාබාධිත ක්‍රීඩක,ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා පවත්වනු ලබන ක්‍රිකට් තරඟාවලිය 2026.08.26 වන දින සිට 2026.08.30 වන දින දක්වා හොරණ කලවැල්ලාව Aarons Country Cricket club ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.මේ සඳහා දිවයින පුරා සිටින දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාව ඇති ඒ වගේම කැමැත්තක්, උනන්දුවක් දක්වන සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා ⁣ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.
වැඩි විස්තර ලේකම්,චන්දන සූරිආරච්චි(0773589997)

Executive Committee Members Of New Build Disibility Cricket Ferderation Of Sri Lanka @ National Sports Council.Colombo 0...
13/05/2026

Executive Committee Members Of New Build Disibility Cricket Ferderation Of Sri Lanka @ National Sports Council.Colombo 07.

සුභ පැතුම් පුතා.
03/03/2026

සුභ පැතුම් පුතා.

13/02/2026

අවසන් දිනය හෙටයි වෛද්‍ය වාර්තා ලබා ගැනීමට තිබූ.

25/11/2025

අද පෙ.ව 08.00ට ජාතික රෑපවාහිණියේ නුගසෙවන වැඩ සටහන බලන්න.අපි එනවා.

With colombo municipal council Mayor.
02/11/2025

With colombo municipal council Mayor.

01/10/2025මාධ්‍ය නිවේදනයයි.ලොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය ('Women's T...
01/10/2025

01/10/2025

මාධ්‍ය නිවේදනයයි.

ලොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය ('Women's T20 world Cup - Cricket for the Blind 2025) පිළිබඳ දැනුවත් කිරීම සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිල වෙබ් පිටුව දියත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තොම්බර් 01 ) කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ප්‍රධානී ආචාර්ය ජී. කිවදාසන්නවර් (Dr.G. Kivadasannavar), ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති එම්. ආර් සුදේශ් තරංග, ඉන්දියාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති බූසේ ගවුදා (Mr. Buse Gawda), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහභාගී විය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශාරීරික දුර්වලතාවයන් මත පුද්ගලයන් හඳුනා ගැනීම ඔවුන්ට කරන අසාධාරණයක් ලෙස තමන් දකින බවයි. එම නම වෙනුවට වෙනත් නාමයක් යොදා ගැනීමට කාරුණික වන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.

වත්මන් රජය වශයෙන් මෙම තරඟාවලිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, තරඟාවලිය සඳහා ඉදිරිපත් වන මෙරට නියෝජනය කරන මෙම ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට අවශ්‍ය මැදිහත් වීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වශයෙන් සිදුකරන බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ක්‍රීඩාවේ වර්ගීකරණ ගණන වැඩිවීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරග ප්‍රමාණය වැඩිවීමට ද හේතුවක් වන බවයි. ක්‍රීඩාව සඳහා මෙරට සියලු පුරවැසියන් යොමු කරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තියක් වන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම තරඟාවලිය ඕස්ට්‍රේලියාව,එංගලන්තය, ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය යන ලෝකයේ රටවල් 07ක සහභාගීත්වයෙන් පැවැත් වේ. මෙම පන්දුවාර විස්සයි 20 පළමුවන දෘශ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරයි. මෙම තරඟාවලිය ඉන්දියාවේ දී ආරම්භවන අතර සමාප්ති උළෙල ඇතුළුව තරඟ 15 ක් නොවැම්බර් 14 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

මෙම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කර ඇත.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Blind Cricket Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Blind Cricket Association:

Shortcuts

Share

Category