23/03/2025
IPL 2025 - Match 1 Report📝
ලොව ආකර්ශනීයම ක්‍රිකට් ලීගය ඊයේ(22) කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුණා.
මෙවර තරඟාවලියේ මුල්ම තරගය ලෙස පසුගියවර ශූරයින් වූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩාම සහ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම තරග බිමට පිවිසි අතර Royal Challengers Bengaluru (RCB) කණ්ඩායම Kolkata Knight Riders (KKR) පරදවමින් තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට සමත්වුණා.
🛑Match Summary:
කාසියේ වාසිය දිනාගැනීමෙන් පසු KKR නායක අජින්කියා රහානේ පළමුව පන්දුවට පරහරදීමට තීරණය කල නමුත් තරගයේ යොමු කල පළමු පන්දුවාරයෙන්ම ජොෂ් හේසල්වුඩ්
කොල්කටා ආරම්භක පිතිකරු කුයින්ටන් ඩී කොක් ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට සමත්වුණා. කෙසේ නමුත් සුනිල් නරේන් සමඟ එක් වු අජින්කියා රහානේ KKR කණ්ඩායමට ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කිරීමට පියවර ගත්තේය. රාසික් සලාම්ගේ පන්දුවක් හමුවේ දෙවැනි කඩුල්ල ලෙස සුනිල් නරේන් පිටියෙන් ඉවත් වන විට ඔහු පන්දු 26කින් ලකුණු 44ක්(4x5,6x1)ලබා සිටි අතර කෘනාල් පාන්ඩයාගේ පන්දුවක් හමුවේ පන්දු 31කින් ලකුණු 56ක්(4x6,6x4) ලබා ප්‍රහාරාත්මක පිතිකරණයක නිරතවෙමින් සිටි නායක අජින්කියා රහානේ මීලඟ පන්දු වාරයේදී රාසික් සලාම් අතට උඩ පන්දුවක් ලබා දෙමින් පිට්යෙන් ඉවත් විය. විටක පන්දු ඕවර 9.5 ක් තුල ලකුණු 107/1 ක් ලෙස දැක්වුණ KKR ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ දැක්වුණේ කඩුලු 8කට ලකුණු 175ක් ලෙසයි. KKR ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 68ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් බිඳහෙලීමට RCB පන්දුයවන්නන් සමත්කම් දැක්වූ අතර එහිදී කෘනාල් පාන්ඩයා දක්ෂ පන්දුයැවීමක නිරතවෙමින් සිය පන්දුවාර 4 අවසානයේ ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේය.ආරම්භක පන්දුවාරයේ සිටම පන්දුවෙන් දැඩි තර්ජනයක් එල්ල කල ජොෂ් හේසල්වුඩ්, සිය පන්දුවාර 4 ලකුණු 22කට සීමා කළේ කඩුලු 2කට ද හිමිකම් කියමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය අභියෝගකයින් කිසිඳු අභියෝගයකින් තොරව පන්දුවාර 16.2දී කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණේ තරගාවලියේ පළමු ජයග්‍රහනය සිය නමට ලියා ගනිමින්. එහිදී විශිෂ්ට ආරම්භක කඩුලු සම්බන්ධතාවයක නිරතවෙමින් පිල් සෝලට් සහ විරාට් කෝලී පළමු කඩුල්ලට ලකුණු 95ක් එක් කළා. පළමු කඩුල්ල ලෙස පිල් සෝල්ට් පිටියෙන් ඉවත් වන විට වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 31දී ලකුණු 56ක්(4x9,6x2) ලබා සිටියේ ය. RCB කණ්ඩායම සුරැකිව දිනුම් දනුව දක්වා රැගෙන ගිය කෝලී නොදැවී පන්දු 36න් ලකුණු 59ක් ලබා ගත්තෙ හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින්. ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ රෙජාත් පටිඩාර් පන්දු 16දී හතරේ පහර 5ක් සහ එක් 6යේ පහරන් එල්ල කරමින් ලකුණු 36ක් ලබා RCB ජයග්‍රහනය වේගවත් කිරීමට කටයුතු කළා.
⭕️Player of the Match: කෘනාල් පාන්ඩයා(3/29).
Final Result:
RCB 175/3 (16.2 overs)
KKR 174/8 (20 overs)
RCB won by 7 wickets 🔥
ප.ලි
මෙවර පැවැත්වෙන්නේ 18වන IPL තරගාවලියයි.විරාට් කෝලිගෙ ජර්සි අංකය වන්නේත් අංක 18යි. මේ නිසා ලොවපුරා RCB රසිකයින් නොයිවසිල්ලෙන් බලා සිටින්නේ මෙවර හෝ RCB කණ්ඩායමට IPL කුසලානයක පහස විඳීමට හැකි වේවායි යන බලාපොරොත්තුවෙන්. පසුගිය වසරට සාපේක්ෂව විරාට් කෝලිත් හොඳ රිද්මයක පසුවන බව අපට මේ තරගයෙන් දැක ගන්නට ලැබුණා. එපමණක් නොවෙයි මෙවර RCB සතුව හොද සමබර කණ්ඩායමක් සිටින බවත් අපට මෙම තරගයේදී දකින්නට ලැබුණ තවත් ප්‍රධාන කාරනයක්.
ඉතින්, වසර 17ක් පුරා සිහිනයක් වු IPL කුසලානය මෙවර යතාර්ථයක් කර ගන්නට Royal Challengers Bengaluru කණ්ඩායමට හැකිවේවි ද..?
ඔබේ අදහසත් comment 👇 කරන්න.
@𝓝𝓲𝓵𝓾𝓹𝓾𝓵 𝓡𝓪𝓳𝓪𝓴𝓪𝓻𝓾𝓷𝓪🏏