05/09/2025
අපි හැමෝම ජීවිතේ කොතැනක හරි කෙනෙකුට ආදරේ කරන්න ඇති.ද්විපාර්ශවිකව නැත්නම් ඒක පාර්ශවිකව💔
දන්නවද ඒක පාර්ශවික ආදරේ කරද්දි ගොඩක් රිදෙන්නෙ ඇයි කියලා?
මොකද අපි අපිට නොලැබෙන ආදරයකට ගොඩක් ආදරය කරනවා.අපි එයාට දෙන විදිහෙම ආදරයක් අපිටත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා!
ඒත් අපි යතාර්ත්‍යට මුහුණ දෙනකොට අපි ඔලුවෙ මවා ගෙන ඉන්න ෆැන්ටසියට වඩා ඇත්ත හුගක් වෙනස්.
මමත් ඒක පාර්ශවීය ආදරයක් පස්සෙ දුවන කෙනෙක්.ලැබෙන්නෙ නෑ කියලා දැන දැනම ඒ පස්සෙ වැටිලා ඉන්න කෙනෙක්.ඇත්ත මොකක්ද කියලා ඔලුව හොදටම දන්නවා ඒත් මේ ෆැන්ටසිය ඇතුලෙ මවා ගත්ත ජීවිතේට දැන් හුගක් ඇබ්බැහි වෙලා ඉවරයි.
ඒක පාර්ශවීය ආදරය සාර්තක වෙන අවස්ථා නැතුවාම නොවේ.ඒත් මගේ කතාව නම් එසේ නොවේ!.
නමුත්,
"නෙලා ගැනුමට නොහැකි වූවද, අත් හැරීමත් නොවේ ප්‍රේමය."❤️🩹
- ම න හ ර - 🤍🍀