26/05/2026
ක්‍රිකට් ක්‍රීඩාවට වින කළ ෂම්මි සිල්වා ඇතුළු හොර නඩය - දිග හැරුම
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් කරගත් ප්‍රේක්ෂකයින් වශයෙන් අප ක්‍රිකට් නරඹනු ලබන්නෙ හා එතුළින් බලාපොරොත්තු වන්නෙ හුදෙක් විනෝදය පමණක් නොව, එදිනෙදා ජීවිතය තුළ නැගෙන ප්‍රශ්න-ගැටලු වලින් නිදහස් ව ගතට මෙන්ම හිතටත්, මනසටත් මානසික සුවයක් ලබාගැනීමේ අරමුණෙනි. නමුත් තරගය අවසානයේ සිදුවන්නෙ ප්‍රේක්ෂකයින්ගේ මානසික සුවය තියා තිබූ සුවයත් අහිමිකොට තරගය අවසන්වීම ය.
අපි දැන් මාතෘකාවට එමු. ඔබට ෂම්මි සිල්වා ඇතුළු හොර නඩය විසින් අවස්ථා කිහිපයක දී කිහිපාකාරයකින් කොකා පෙන්වූ සැටි මතකද? මාතෘකාවට යෑමට පළමුව මෙම සිදුවීම් ඔබට මතකදැයි බලන්න:
♦️. තම පවුල්වල අය පවුල් පිටින් පිට රටවල් වල සංචාරය කරන්න අරන් ගිය බවට චෝදනා එල්ල වූ බව මතකද?
♦️. නළු-නිළියන් සහ නළු-නිළියන්ගේ යහළුවන්ව නොමිලේ AC කාමරවල තියන් මැච් පෙන්නුවා මතකද?
♦️. ICC යෙන් ලැබෙන මුදල් වංචා කරා කියලා චෝදනා එල්ල වුණා මතකද?
♦️. Born Again නම් ආගමික කල්ලියක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන බවට පුවත් නිර්මාණය වුණා මතකද?
අපි අද ඒ පිළිබඳව මූලාශ්‍ර සහිතව කතා කරමු.
➊. තම පවුල්වල අය පවුල් පිටින් පිට රටවල් වල සංචාරය කරන්න අරන් ගිය බවට චෝදනා එල්ල වූ බව මතකද? මුදල් බලය හේතුකොටගෙන ඒවා යට ගිය බව මතකද?
2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූ බවට චෝදනා එල්ල විය. විගණකාධිපති වාර්තාවලට අනුව, ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයට සංචාරක වීසා ලබා ගැනීමට ආයතනය පහසුකම් සලසා දී තිබුණි. මෙහිදී රුපියල් මිලියන ගණනක මුදල් වැය කර ඇති බවට චෝදනා එල්ල වූ අතර, එය රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ දැඩි විවේචනයට ලක් විය.
මූලාශ්‍රය: විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2022 විස්සයි-20 ලෝක කුසලාන සංචාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව.
➋. නළු-නිළියන් සහ නළු-නිළියන්ගේ යහළුවන්ව නොමිලේ AC කාමරවල තියන් මැච් පෙන්නුවා මතකද?
ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර මෙන්ම ශ්‍රී ලංකාවේ පැවති තරගවලදීද ක්‍රිකට් ආයතනයේ වියදමින් ප්‍රභූවරුන්ට, නළු නිළියන්ට සහ හිතවතුන්ට මැච් නැරඹීමට අවස්ථාව දුන් බවට තොරතුරු වාර්තා විය. විශේෂයෙන්ම 2022 ලෝක කුසලානයේදී "සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්" (Influencers) සහ නිළියන් පිරිසක් ක්‍රිකට් ආයතනයේ වියදමින් ඕස්ට්‍රේලියාවට රැගෙන ගිය බවටත්, ඔවුන්ට VIP පහසුකම් සැලසූ බවටත් කරුණු හෙළි විය. 2022 කමිටු වාර්තාවේ මේ පිළිබඳව සාක්ෂි සටහන්ව තිබුණි.
මූලාශ්‍රය: 2022 කමිටු වාර්තාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගත කළ ලේඛන.
➌. ICC යෙන් ලැබෙන මුදල් වංචා කරා කියලා චෝදනා එල්ල වුණා මතකද? "Cricket Board එක කියන්නේ පෞද්ගලික ආයතනයක්, එනිසා ඒ අයට කැමති දෙයක් කරන්න පුළුවන්" කියලා කට කැඩිච්ච ගොබ්බ කතාවක් කිව්වා මතකද?
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ලැබෙන මුදල් අවභාවිතය සහ ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය පිළිබඳවද විශාල මතභේද රාශියක් ඇති විය. ක්‍රිකට් ආයතනයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් ලැබිය යුතු ඩොලර් මිලියන ගණනක මුදල් වංචනික ලෙස වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමට උත්සාහ කළ බවට (Forex scam/Cyber attack) චෝදනාවක් මතු විය. ක්‍රිකට් ආයතනය රජයේ විගණනයට ලක් කිරීමට උත්සාහ කළ අවස්ථාවලදී සහ ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වූ අවස්ථාවලදී, නිලධාරීන් ප්‍රකාශ කළේ මෙය රජයේ දෙපාර්තමේන්තුවක් නොවන බවයි. මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර දැඩි පිළිකුලට ලක් වූයේ එය මහජන මුදල් අවභාවිතය වසා ගැනීමට කරන ප්‍රකාශයක් ලෙස හඳුන්වමිනි.
මූලාශ්‍රය: කෝප් (COPE) කමිටු වාර වාර්තා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිල නිවේදන සහ පාර්ලිමේන්තුව තුළදී පැවැත්වූ සාකච්ඡා.
➍. "Born Again" (බෝන් අගේන්) ක්‍රිස්තියානි ආගමික කල්ලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන බවටත්, එමඟින් බෞද්ධ ක්‍රීඩකයින්ට අසාධාරණයක් වන බවටත් ෂම්මි සිල්වා පිළිබඳව පුවත් නිර්මාණය වූවා මතකද?
2022 විස්සයි-20 ලෝක කුසලානයට සහභාගී වූ කණ්ඩායමේ හැසිරීම සහ පරිපාලන අක්‍රමිකතා සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ "බෝන් අගේන්" කල්ලිය ගැන සෘජුවම සඳහන් විය. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද පාර්ලිමේන්තුවේදී කිහිප වතාවක්ම පෙන්වා දුන්නේ මෙම ආගමික කල්ලිය නිසා ක්‍රීඩකයන්ට තම ආගම වෙනස් කරන ලෙස බලපෑම් එල්ල වන බවත්, තේරීම් කටයුතු (Selection) වලදී ආගමට විශේෂත්වයක් දක්වන බවත්ය.
මූලාශ්‍රය: Daily Mirror, NewsFirst පුවත් වාර්තා සහ විශේෂ කමිටු වාර්තා.
ආගම ජාතිය කුමක් වුණත් ගැටලුවක් නැත, නමුත් දක්ෂයන්ට නිසි තැන ලැබෙන්න ඕනෑ. හිතන්න, ටීම් එකේ ඉන්න පුළුවන් දක්ෂතාව තිබුණු ක්‍රීඩකයෝ කීදෙනෙක් නම් මේ මනුස්සයා ආගම මුල් කරන් කපලා දාන්න ඇති ද? 🙂💔
ෂම්මි එන්න කලින් අපේ ටීම් එකේ තිබුණු ඒ ලාංකික සහෝදරත්වය මතකද?
සනත්, සංගා, මහේල, මුරලි, වාස්, දිල්ශාන්, මැතිව්ස්... මේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන ලද්දේ ආගමක් මුල් කරගෙන නොව සැවොම ශ්‍රී ලාංකිකයන් කියන හැඟීමෙනි. තම රට පපුවේ තියන් හැම ජාතියකම අය ක්‍රීඩා කළ කණ්ඩායම තුළ වර්තමානය වන විට බහුල වශයෙන් ක්‍රීඩා කරනු ලබන්නේ එකම ආගමික කල්ලියක පිරිසක් බවට චෝදනා එල්ල වේ.
ප්‍රේක්ෂකයින් වන අප එකම රටක් ලෙස සිතුවද, (SLC) පරිපාලනයේ යෙදෙන ප්‍රධාන පෙළේ නිලධාරීන්ට එය වැටහී නොමැති බව පෙනී යයි. ඉතින් මෙම දූෂිත පරිපාලනය නිමාවනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු වෙතැයි සිතීම මිරිඟුවක් පසුපස හඹායන මුවෙකුගේ ක්‍රියාවක් මෙන් නිෂ්ඵල ක්‍රියාවකි. ❎💔
👉 විශේෂ සටහන:
මෙම ලිපිය මගින් ජාති-ආගම් භේදයක් හෝ එවැනි මතයක් සමාජයට ප්‍රචාරය කිරීම මාගේ අරමුණක් නොවන බව කාරුණිකව දන්වා සිටිමි.
ඔබේ අදහස පහළින් ඉදිරිපත් කරන්න. මේ දූෂිත ක්‍රිකට් පරිපාලනය ගැන නොදන්නා මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න! 👇🩷🫂
✍️- We Are Lions