26/06/2026
30 වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය 2026 🇹🇭
30 වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය ජුනි මස 28 වන දින සිට ජූලි මස 04 වන දින දක්වා තායිලන්තයේ, බැංකොක් නුවර දී පැවැත්වීමට නියමිතව ඇත.මෙම තරගාවලිය සදහා අප විද්‍යාලයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගි වන බව අප සතුටින් දන්වා සිටිමු.
අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම
🔹අකේන් බෝජිත්
🔹හරීන් නිම්දිනු
🔹මතිල සස්දිනු
අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම
🔹ලෙසන්‍යා සෙතුම්දි
අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම
🔹සනෝන් දුල්ජිත්
🔹ඔනෙල් ශම්මික
අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම
🔹 චනුකි ආක්ශනා
🔹හෙසන්‍යා සේසාත්මි
🔻එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමෙහි පුහුණුකරු ලෙස තේරීපත් වූ හිටපු ජාතික පුහුණුකරු, අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ආදි මේසපන්දු ක්‍රීඩක වත්මන් විද්‍යාලීය මේසපන්දු පුහුණුකරු චතුර දුශාන් මහතා සහ කණ්ඩායම් භාර නිලධාරිනි ලෙස තේරී පත් වූ අප විද්‍යාලයේ ක්‍රීඩා භාර අචරිනී නිමේෂා සකුන්තලා මෙනවියට ද අපගේ උණුසුම් සුභ පැතුම් !! 🙂
✨දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලියෙන් සුදුසුකම් ලැබූ මෙම කණ්ඩායම මෙවරද ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය සදහා සහභාගී වන අතර මෙවරදීද මේසපන්දු ක්‍රීඩාවේ මෙතෙක් එක් පාසලකින් සහභාගී වන වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසද සහ ශ්‍රී ලංකා නියෝජනය කරනු ලබන මේසපන්දු කණ්ඩායමක මෙතෙක් එක් පාසලක් ව සතු වැඩිම පිරිස එනම් දම්සෝවේ 10 නියෝජනයක් සහභාගී වන පළමු අවස්ථාව ද මෙය බව ඉතාමත් අභිමානයෙන් දැනුම් දෙන්නෙමු.
දම්සෝ නාමය එදත් අදත් මතුවටත් මේසපන්දු තුලින් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට ගෙනයන ඔබලාට අපගේ උණුසුම් සුබ පැතුම් !! 🙂
දම්සෝ මේසපන්දු 🏓♥️