SuperOver

SuperOver Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SuperOver, Sport, Via Barbieri, .

Stay tuned for latest cricket content 🏏

Youtube : https://youtube.com/?si=6SEx_5uoCD2VfOWQ

For advertisements : https://wa.me/393200470955 / +39 320 047 0955

👉රටේ ක්‍රිකට් වලට රත්ගම වැල්ලෙන් බිහි වූ ඒ අසමසම පන්දු යවන්නා...ඔහුගෙන් ලද ඒ පන්නරයෙන් අද වන විට ශ්‍රී ලoකා ක්‍රිකට් කිය...
03/04/2026

👉රටේ ක්‍රිකට් වලට රත්ගම වැල්ලෙන් බිහි වූ ඒ අසමසම පන්දු යවන්නා...ඔහුගෙන් ලද ඒ පන්නරයෙන් අද වන විට ශ්‍රී ලoකා ක්‍රිකට් කියන නාමය nexet level එකකයි පවතින්නෙ..අප දුටුවා T20 ලෝක කුසලානයේ පවා ඔහු පන්දු යවන්නන් සමග ඔහුගේ අත්දැකීම් බොහෝ ලෙස බෙදාගන අපේ පන්දු යවන්නන් වෙනම ලෙවල් එකකට ගෙනාවා..ඒ අතරම නුවන් තුශාර යන ඔහුගෙ සෙවනැල්ල බදු ක්‍රීඩකයා අතින් කවදා හෝ ඔහුගේ වාර්තා නොකැඩී යාම සදහා ඔහුව කණ්ඩායමෙන් පවා එලියට අතු ගා දැම්මා...ඉතින් මාලිoග ඔයාගේ මේ රට වෙනුවෙන් කරන සේවය අප අගේ කරනවා....❤
ආහ්...අමතක උනා,ශම්මිව රැක ගන්න වේග පන්දු යවන්නොත් හෙව්වා පහු ගිය කාලයේ..😎

අපේ එකා සුපිරි ඕවරයකුත් දාලා සුපිරි run out එකකින් විනාසකාරි cameron green ගේ විකට් එකත් අරන් දුන්නා 🔥🥹දාපු පලවෙනි ඕවරේම...
02/04/2026

අපේ එකා සුපිරි ඕවරයකුත් දාලා සුපිරි run out එකකින් විනාසකාරි cameron green ගේ විකට් එකත් අරන් දුන්නා 🔥🥹

දාපු පලවෙනි ඕවරේම සුපිරියක් ❤️👏

අපේ එවුන් බැස්සා මිත්‍රවරුනි 🇱🇰🔥Fail වෙනකන් බලන් ඉන්න එවුන්ට අද උත්තර දෙමු කොල්ලෝ ❤️🥹
02/04/2026

අපේ එවුන් බැස්සා මිත්‍රවරුනි 🇱🇰🔥

Fail වෙනකන් බලන් ඉන්න එවුන්ට අද උත්තර දෙමු කොල්ලෝ ❤️🥹

REPORT 🚨ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක Matheesha Pathirana, Sri Lanka Cricket හි Sports Science & Medicine අංශයෙන් අවස...
02/04/2026

REPORT 🚨

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක Matheesha Pathirana, Sri Lanka Cricket හි Sports Science & Medicine අංශයෙන් අවසර ලැබීම මත, අප්‍රේල් 15 හෝ 16 දක්වා ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීමට බලාපොරොත්තු වේ.

ඉන් අනතුරුව, ඔහු යෝග්‍යතා පරීක්ෂණයකින් සමත් වී NOC (No Objection Certificate) ලබා ගත යුතු අතර, එවිට පමණක් Kolkata Knight Riders කණ්ඩායමට එක්වීමට සුදුසුකම් ලැබේ.❤️

නුුවන් තුෂාර සිය IPL සහභාගීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනී...😬ශ්‍රී ලංකා වේග පන්...
02/04/2026

නුුවන් තුෂාර සිය IPL සහභාගීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනී...😬

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුුවන් තුෂාර, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය විදේශ අවසර පත්‍රය (NOC) නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

අද දින කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අතර, එහි වැඩිදුර විභාගය අප්‍රේල් 9 වැනිදාට නියම කෙරිණි.තුෂාර සිය පෙත්සම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා,ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සමෙහි සඳහන් කරුණු කිහිපයක් :

පසුබිම: 2024 සහ 2025 වසර වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය මත IPL තරඟාවලිය නියෝජනය කළ ඔහු, මෙවර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම විසින් තෝරා ගනු ලැබ ඇත.

ප්‍රතික්ෂේප කිරීම: නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටම් සපුරා නොමැති බව පවසමින් ක්‍රිකට් ආයතනය 2026 සඳහා NOC බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

තුෂාරගේ තර්කය: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පවතින ඔහුගේ කොන්ත්‍රාත්තුව 2026 මාර්තු 31 දින අවසන් වූ බවත්, එය අලුත් කිරීමට තමාට අදහසක් නොමැති බවත් ඔහු පවසයි. එසේම ජාතික කණ්ඩායම සඳහා තමා තෝරා නොගන්නා බව මීට පෙර දැනුම් දී ඇති බැවින්, ශාරීරික යෝග්‍යතාවය මත NOC ලබා නොදීම අසාධාරණ බව ඔහු තර්ක කරයි.

අලාභය: මෙම අවසර පත්‍රය ලබා නොදුන්නහොත් තමාට IPL කණ්ඩායමේ ස්ථානය අහිමි වන අතර විශාල මූල්‍යමය හා වෘත්තීයමය පාඩුවක් සිදුවන බව ඔහු අධිකරණයට දන්වා ඇත.

නුුවන් තුෂාර අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තමාට IPL සහ අනෙකුත් විදේශීය ලීග් තරඟ සඳහා සහභාගී වීමට අවශ්‍ය අතුරු තහනම් නියෝගයක් සහ ස්ථිර නියෝගයක් නිකුත් කරන ලෙසයි...🥲

දිනේෂ් චන්දිමාල් එක්දින සංචිතයට කැදවිය යුතුයි.2027 ලෝක කුසලානය තෙක් ඔහුට නායකත්වය දිය යුතුයි???දැන් ඉන්න සෙට් එකේ පැතුම්...
02/04/2026

දිනේෂ් චන්දිමාල් එක්දින සංචිතයට කැදවිය යුතුයි.2027 ලෝක කුසලානය තෙක් ඔහුට නායකත්වය දිය යුතුයි???

දැන් ඉන්න සෙට් එකේ පැතුම් වගේ එකෙක් දෙන්නෙක් එරෙන්න බහුතරයකට ෆිට්නස් නැ. ෆිට්නස් ටෙස්ට් විතරක් තියලා maintain කරගෙන යන්න පුළුවන් දේවල් නෙවෙයි.එකට ක්‍රීඩකයන්ටත් ආසාවක් ඇති වෙන්න ඕනි එහෙම පරිසරයක් කණ්ඩායම ඇතුලේ තිබිය යුතුයි,සහ එහෙම ආසවක් ඇති කරන්න පුළුවන් නායකයෙක් කණ්ඩායම් ඇතුලේ ඉන්න ඕනි.දැන් ඉන්න චරිත් අසලංකගේ ෆිට්නස් ගෙන කියන්න ඕනි නැනේ.ඒම නිසා ෆිට්නස් high ලෙවල් එකක තියාගෙන ඉන්න චන්දිමාල් නායකයා විය යුතුයි.

දෙවෙනි එක විනය.කණ්ඩායමේ නැත්තටම නැති වෙලා තියෙන දෙයක් තමයි විනය.තේරෙනවනේ ක්‍රීඩකයන්ගේ විනය කොහමද කියලා සමහරක් අය ප්‍රේක්ෂකයන්ට මැද ඇඟිල්ල පෙන්නද්දී, සමහරක් ගැණු ළමයි මෙන්න මෙයා තමයි මගේ ළමයාගේ තාත්තා කියලා ක්‍රීඩකයන්ට ඇඟිල්ල දික් කරද්දී. චන්දිමාල් කියන්නේ විනය 200%ක්‌ තියෙන ක්‍රීඩකයෙක්. මුලින් විනය තියෙන්න ඕනි නායකයට.කොච්චර මොන බයිලා ගැහුවත් නායකයට විනය නැත්තන් කරන ඔක්කොම ටික සුම්මා තමා.

තුන්වෙනි රට ගෙන කැක්කුමක් ආදරයක් ඇති වෙන්න ඕනි ක්‍රිකයන්ට.දැන් ඉන්න අය බැලුවම තේරෙනවනේ රට ගෙන කැක්කුමක් තියෙනවද නැද්ද කියලා ලස්සනට දිනන්න පුළුවන් තරග කුල්ල කුජිත වෙලා පරදිද්දීත් dug out එකට වෙලා හිනා වේවි ආතල් ගන්න විදිය.රට ගෙන කැක්කුමක් නැත්තන් මේ මගේ රට පරදින්නේ කියන දුක දෙනෙන්නේ නැත්තන් උ කොව්චර හොඳ වැඩ්ඩෙක් උනත් කිසිම වැඩක් නැ.

ඊලග එක සල්ලි ඉස්සරහ රට දෙක වෙන්න බැ, සහ සල්ලි ඉස්සරහා පදිරි නොවෙන්න ඕනි.දැන් අලුතින් ගෙනාපු ෆිට්නස් ටෙස්ට් එකෙන් fail වෙනකොට ක්‍රීඩකයන් ගන්න තීරණ බලද්දී තේරෙනවනේ සල්ලි ඉස්සරහා කොච්චර ක්‍රීඩකයෝ පදිරිද කියලා.එතන පාලකයන්ගේ වැරදිත් තියෙනවා එක වෙනම කතාවක්. හැබෙයි චන්දිමාල් ගෙන ඔයාලට කියන්න ඕනි නැනේ එකම IPL season එකේ කණ්ඩායම් දෙකකින් ආපු replacement contract දෙකම ප්‍රතික්ෂේප කරා. ඒ රට වෙනුවෙන් ගහන්න ඕනි නිසා.

කට්ටියට මෙහෙම හිතෙන්න පුළුවං තව අවුරුදු කීයකට චන්දිමාල් ගහන්නද අරකද මේකද කියලා. හැබෙයි දැනට major league එකේ වැඩිම ලකුණු ලාබියා චන්දිමාල්, ෆිට්නස් ටෙස්ට් එක උඩින්ම පාස්,තව එකක් ඊළඟ ලෝක කුසලානය තියෙන්නේ sena වල හොඳේ sena පිට්ච් ගෙන දන්නවනේ කොච්චර අමාරුද කියලා චන්දිමාල්ට ඒ අත්දැකීමුත් හොඳටම තියෙනවා.

අනික ඉතින් ලෝක කුසානයක් දිනපු නායකයෙක් (නිල නොවන 😌) මේ හැමදේම එක්ක බලද්දී හිතෙන්නෙම 2027 එක්දින ලෝක කුසලානය ඉවර වෙනකන් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට දීලා විනය,ෆිට්නස්,රට ගෙන ආදරය කණ්ඩායම ඇතුලේ මේ ටික හරි හදාගන්න ඕනි කියලාමයි.

ඔබේ මතය මොකද්ද නායකත්වය චන්දිමාල්ට දිය යුතුයි ❤️

නැ නායකත්වය තියෙන විදියටම චරිත් අසලංක කරගෙන යා යුතුයි.😮

අයියෝ පැතුමො අපරාදෙ🥺පැතුම්ගෙ මංගල ipl ඉනිම 1 ලකුණකට සීමා වියPathum out, dc 3 down
01/04/2026

අයියෝ පැතුමො අපරාදෙ🥺

පැතුම්ගෙ මංගල ipl ඉනිම 1 ලකුණකට සීමා විය

Pathum out, dc 3 down

අද පැතුමා කියක් ගහයිද 🥹
01/04/2026

අද පැතුමා කියක් ගහයිද 🥹

පැතුමා අද ගහනවා ලොවෙත් 🇱🇰 ❤️ලංකාවෙ ඉන්න talented එකා මූ විතරයි.. අනික් උන් ඔක්කොම ලොන්තයෝ. ඒත් ඉන්දියාවට දෙන උන් ටික මේක...
01/04/2026

පැතුමා අද ගහනවා ලොවෙත් 🇱🇰 ❤️ලංකාවෙ ඉන්න talented එකා මූ විතරයි.. අනික් උන් ඔක්කොම ලොන්තයෝ. ඒත් ඉන්දියාවට දෙන උන් ටික මේකටත් ha ha දායි කුහකයෝ 😅

රට වෙනුවෙන් ❤️
31/03/2026

රට වෙනුවෙන් ❤️

Address

Via Barbieri

Alerts

Be the first to know and let us send you an email when SuperOver posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SuperOver:

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share