Dhamma Vimansa ධම්ම විමංසා

Website

Dhamma Vimansa ධම්ම විමංසා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhamma Vimansa ධම්ම විමංසා, 57 Carolina Crescent, Saint Thomas, ON.

අලුතින් වීඩියෝ නරඹන්න යූටියුබ් චැනලයට පිවිසෙන්න
https://www.youtube.com/................................................
අපගේ වට්සැප් අංකය
මෙතන ක්ලික් කරන්න
https://yt.openinapp.co/s1hld

https://www.youtube.com/watch?v=EE878h3lyPg
10/19/2026

https://www.youtube.com/watch?v=EE878h3lyPg

බෝමිරියේ සිරිනන්ද හිමි සමඟ සිදුකරන මෙම ධර්ම සාකච්ඡාව හරහා ජීවිතයේ ග...

පින්වතුනි,🙏 "ඔබේ ජීවිතේ ඇත්තටම තියෙන අරමුණ කුමක්ද? දුවන එක ටිකකට නතර කරලා මේක අහලා බලන්න..."සල්ලි සහ ලෞකික දියුණුව පසුපස...
10/19/2026

පින්වතුනි,

🙏 "ඔබේ ජීවිතේ ඇත්තටම තියෙන අරමුණ කුමක්ද? දුවන එක ටිකකට නතර කරලා මේක අහලා බලන්න..."

සල්ලි සහ ලෞකික දියුණුව පසුපසම දුවන අපට, සසරේ සැබෑ අරමුණ මගහැරී ඇත්ද? ජීවිතය හරියටම හරි Track එකට දාගන්නේ කොහොමද?

⏰ ධම්ම විමංසා යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම විශේෂ ධම්ම දේශනාව ("ජීවිතේ හරි Track එකට දාගන්නේ කොහොමද?") නරඹන්න.

👇 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට යූටියුබ් ලින්ක් එක පළමු කොමෙන්ට් එකේ (Comment Box) සටහන් කර ඇත.

සැමට තෙරුවන් සරණයි! ✨

🐘 කාවන්තිස්සගේ වියෝව අපට ඉතිරි කළ ප්‍රශ්නය! 💔ගල්ගමුවේ රජු ලෙස රටේම ආදරය දිනාගත් කාවන්තිස්ස ඇතාගේ මරණය, අපේ වනජීවී සංරක්ෂ...
10/17/2026

🐘 කාවන්තිස්සගේ වියෝව අපට ඉතිරි කළ ප්‍රශ්නය! 💔

ගල්ගමුවේ රජු ලෙස රටේම ආදරය දිනාගත් කාවන්තිස්ස ඇතාගේ මරණය, අපේ වනජීවී සංරක්ෂණ ක්‍රමවේදය පිළිබඳ බරපතළ ප්‍රශ්න රැසක් ඉතිරි කරයි.

සංචාරක ව්‍යාපාරයටත් රටේ අභිමානයටත් වටිනා වනජීවී සම්පතක් රැකගැනීමට නිසි වෛද්‍ය පහසුකම්, තාක්ෂණය සහ කඩිනම් ක්‍රියාමාර්ග තවමත් ප්‍රමාණවත්ද?

සතෙකු මියගිය පසු කනගාටුව පළ කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. මෙවැනි මරණ වළක්වා ගැනීමට කළ හැකිව තිබූ දේ මොනවාද යන්න සොයා බලා, අදාළ බලධාරීන් වගකීම භාරගත යුතුයි.

අද කාවන්තිස්ස වෙනුවෙන් නැඟෙන හඬ, හෙට තවත් අහිංසක ජීවිතයක් රැකගැනීමට හේතුවක් වේවා! 🐘🙏

ඔයාලා දන්නවද කන්නෝරුවේ හාමුදුරුවෝ කඩුවෙලට වඩින ආරංචිය? 📢✨"සදහම් අමාවැස්ස" 2026 වාර්ෂික කඨින මහා පින්කමේ විශේෂ ධර්ම දේශනා...
10/11/2026

ඔයාලා දන්නවද කන්නෝරුවේ හාමුදුරුවෝ කඩුවෙලට වඩින ආරංචිය? 📢✨

"සදහම් අමාවැස්ස" 2026 වාර්ෂික කඨින මහා පින්කමේ විශේෂ ධර්ම දේශනාව පවත්වන්නේ අතිපූජ්‍ය කන්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසිනි.

දිනය: 2026 ඔක්තෝබර් 27

වේලාව: සවස 5:00 ට

ස්ථානය: ඓතිහාසික ගණේවත්ත පුරාණ රජමහා විහාරය, ඉහළ බෝමිරිය, කඩුවෙල

සංවිධානය: විහාරස්ථ තරුණ එකමුතුව

පින් පුරවාගන්න ඔබ සැමටත් සාදරයෙන් ඇරයුම්! අනිත් අයටත් දැනගන්න Share කරන්න. 🙏🌸

Sisters Bomiriye Sirinanda Himi

ඔයාලා දන්නවද කන්නෝරුවේ හාමුදුරුවෝ කඩුවෙලට වඩින ආරංචිය? 😱✨ඔව්, ඇත්තෙන්මයි! කඩුවෙල පැත්තේ අයට මෙන්න නියම අවස්ථාවක්. අතිපූජ...
10/11/2026

ඔයාලා දන්නවද කන්නෝරුවේ හාමුදුරුවෝ කඩුවෙලට වඩින ආරංචිය? 😱✨

ඔව්, ඇත්තෙන්මයි! කඩුවෙල පැත්තේ අයට මෙන්න නියම අවස්ථාවක්. අතිපූජ්‍ය කන්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනාවක් අහන්න දැන් ඔයාලටත් පුළුවන්.

"සදහම් අමාවැස්ස" 2026 වාර්ෂික කඨින මහා පින්කම නිමිත්තෙන් තමයි මේ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ.

- දිනය: 2026 ඔක්තෝබර් 27 (අඟහරුවාදා)

- වේලාව: සවස 5:00 ට

- ස්ථානය: ඓතිහාසික ගණේවත්ත පුරාණ රජමහා විහාරය, ඉහළ බෝමිරිය, කඩුවෙල

සංවිධානය: විහාරස්ථ තරුණ එකමුතුව

කඩුවෙල ඉන්න හැමෝටම දැනගන්න ශෙයාර් කරන්න! පින් පුරවාගන්න හැමෝම එන්න! 🙏🌸


Bomiriye Sirinanda Himi ゚ Sisters

කහ සිවුරේ සැබෑ කරුණාව! 🙏❤️ගනේවත්ත පුරාණ රජමහා විහාරයේ පූජ්‍ය කඩුවෙල බෝමිරියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ අතිශය කාර්...
09/30/2026

කහ සිවුරේ සැබෑ කරුණාව! 🙏❤️

ගනේවත්ත පුරාණ රජමහා විහාරයේ පූජ්‍ය කඩුවෙල බෝමිරියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ අතිශය කාර්යබහුල හිමිපාණන් නමක්. නමුත්, උන්වහන්සේට හිතවත් මහත්මයෙක්ගෙ ආදරණීය සීයා කෙනෙක් අසාධ්‍යව මුල්ලේරියාව රෝහලේ 8 වන වාට්ටුවේ ඉන්නා බව ඇසූ සැණින් උන්වහන්සේ රෝහලටම වැඩම කළා.

ඇඳ මත සිටි ඒ සීයාට සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූලක් ගැටගැසූ උන්වහන්සේ, එතැනින් නොනැවතී එම වාට්ටුවේ වේදනාවෙන් සිටි අනෙකුත් සියලුම රෝගීන් ළඟටම වැඩම කර ඔවුන්ටත් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූල් බැඳ ඒ අසරණ සිත්වලට කියා නිම කළ නොහැකි මහා සැනසීමක් ලබා දුන්නා.

(රෝහල් නීති අනුව ඡායාරූප තහනම් වුවත්, මේ උතුම් මනුස්සකම රටට නොපෙන්වා ඉන්න බැරිම තැන හොරෙන්ම දුරකථන කැමරාවට ගත්තේ හදපිරි ගෞරවයෙන්.)

කඩුවෙල බෝමිරියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! රෝගී සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! 🙏✨


🙏 පින්වත් ඔබ සැමගේ සහභාගීත්වයෙන් මෙම ධර්ම පණිවිඩය 100,000 නැරඹුම් සීමාව පසුකර ඇත.
09/28/2026

🙏 පින්වත් ඔබ සැමගේ සහභාගීත්වයෙන් මෙම ධර්ම පණිවිඩය 100,000 නැරඹුම් සීමාව පසුකර ඇත.

උතුම් අරහත් ධජයට පඬු පෙවීම සහ එහි මහා ආනිශංස 🪷🙏මේ විශ්වයේ පවතින දුර්ලභම, පිංවන්තම සහ අතිපූජනීය වස්ත්‍රය කුමක්දැයි විමසුව...
09/26/2026

උතුම් අරහත් ධජයට පඬු පෙවීම සහ එහි මහා ආනිශංස 🪷🙏

මේ විශ්වයේ පවතින දුර්ලභම, පිංවන්තම සහ අතිපූජනීය වස්ත්‍රය කුමක්දැයි විමසුවහොත් ඊට ලැබෙන එකම පිළිතුර 'උතුම් බුද්ධ චීවරය හෙවත් අරහත් ධජයයි'.

පෙර තිස්ස බුදුරජාණන් වහන්සේගේ සමයේ ගසක වනා තිබූ පාංසුකූල චීවරයක් දැක, දඩයමේ යමින් සිටි වැද්දෙකු පවා දුන්න සහ කඩුව බිම තබා සැදැහැ සිතින් වැඳීමේ කුසලයෙන් අපමණ ආනිශංස ලබා, අප ගෞතම බුදු සසුනේදී මහරහත් බවට පත් වූ බව (පාංසුකූල සඤ්ඤක තෙරුන්ගේ කතාව) ධර්මයේ සඳහන් වේ.

එසේ නම්, නවදහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ තිස්හය දහසක (9180,50,36,000) උපසම්පදා සීලයේ පිහිටි මහා සංඝරත්නය උදෙසා විනයානුකූලව චීවරයක් සකසා පඬු පෙවීම කෙතරම් මහා පිනක්ද?

✨ පඬු පෙවීමේ මහා කුසල ආනිශංස:
බුද්ධ සම්ප්‍රදාය සුරැකීම: බුදුරජාණන් වහන්සේගේ පටන් අවිච්ඡින්නව පැවත එන චීවර සම්ප්‍රදාය හා විනය ආරක්ෂා වීම.

සෞඛ්‍යාරක්ෂාව: ස්වභාවික ඖෂධීය පඬු නිසා මැසි, මදුරු උවදුරු දුරු වී භික්ෂූන් වහන්සේලාගේ කය සහ සෞඛ්‍යය ආරක්ෂා වීම.

සසර ආනිශංස: සසර පුරා ඉතා වර්ණවත් රූප සම්පත්තියක්, උසස් කුල උපතක්, මනා වස්ත්‍රාභරණ සහ නිරෝගී සුවය ලැබීමට මෙන්ම ධ්‍යාන සමාපත්ති ලැබ නිවන් දැකීමට මේ පින හේතු වේ.

🌿 පඬු සහ ඩයි ගැසීම පිළිබඳ විනයානුකූල කරුණු:
ඩයි ගැසීම සහ පඬු පෙවීම යනු දෙකකි. චීවරයක් විනයානුකූල වීමට ඩයි නොගසා පඬු පමණක් ගැසිය හැකි වුවද, පඬු නොගසා ඩයි පමණක් ගැසීමේ සම්ප්‍රදායක් ශාසනයේ නැත.

අදටත් දැඩි විනයගරුක ආරණ්‍යවාසී මහා සංඝරත්නය සම්පූර්ණයෙන්ම ස්වභාවික පඬු පමණක් භාවිත කිරීමට නියම කරති.

සාමාන්‍ය ක්‍රමයේදී පළමුව කපු රෙද්දට විනයානුකූල වර්ණය (කහ, තැඹිලි, කළු නොවන ගුරු පැහැ මිශ්‍රණය) එන සේ ඩයි ගසා, පසුව පඬු පොවනු ලැබේ.

🪵 පඬු සකසා ගන්නා ආකාරය:
පොතු වර්ග: කොස්, මහෝගනී, කලහ, කළුනුග, කුඹුක්, කොහොඹ, වෙනිවැල්ගැට වැනි ස්වභාවික පොතු යොදා ගැනේ.

පොතු වියළීම: ගසට හානි නොවන සේ ගත් පොතු අඟලේ කැබලිවලට කපා, දින 3–4ක් අව්වේ දමා තෙත ගතිය ඉවත් වනතෙක් වේළා ගත යුතුය.

පඬු තැම්බීම:

පොතු දැමූ මුට්ටියකට පොතු මට්ටම මෙන් දෙගුණයක් ජලය දමා හොඳින් උතුරුවා ගත යුතුය.

ජලය පොතු මට්ටමට සිඳුණු පසු පෙරා වෙනත් භාජනයකට ගෙන, නැවත අලුතින් ජලය දමා තැම්බිය යුතුය.

මෙසේ 5 සිට 7 වරක් දක්වා තම්බා ගත් කහට වතුර සියල්ල එකතු කර, භාගයක් වන තෙක් මඳ ගින්නේ සිඳුවා ඝන පඬු යුෂ සකසා ගනී.

🪡 පඬු පොවන නිවැරදි ආකාරය:
සකසා ගත් චීවරය අඟල් 6ක පමණ පටියක් සේ නමා රෝල් කරගත යුතුය.

එක් කොනක සිට දිග හරිමින් පඬු ඔරුවේ ඇති නොදිය කළ පඬු යුෂයෙන් තෙත් කරමින්, අනෙක් කොනෙන් නැවත ඔතමින් ක්‍රමවත්ව මුළු සිවුරටම පඬු උරාගන්නා පරිදි පෙවිය යුතුය. (පඬු වලට නැවත අමතර ජලය නොදැමිය යුතුය).

අනතුරුව මඳ අව්වේ දමා හොඳින් වියළා ගත යුතුය.

ලඟ එන උතුම් කඨින චීවර මාසයේදී, නිවන් මඟ වඩනා මහා සංඝරත්නය උදෙසා සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත කුසල් සිතින් මේ උතුම් පින්කම නිවැරදිව සිදු කරගැනීමට සැමට ශක්තිය ලැබේවා!

සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සාදු! සාදු! සාදු! 🙏☸️

09/20/2026

කේන්තිය පාලනය

Address

57 Carolina Crescent
Saint Thomas, ON

Alerts

Be the first to know and let us send you an email when Dhamma Vimansa ධම්ම විමංසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share